ගැබිණි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් විවිධ ස්ථානවල තබා යන අඹුසැමි යුවළක් අද(26) අත්අඩංගුවට ගැනුණු බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා පවසනවා.
ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන අඹුසැමි යුවලක් යතුරු පැදියකින් ගොස් ගම්පොළ නාවලපිටිය යන ප්‍රදේශවල අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරින බවට නාවලපිටිය පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එම්. කුලතුංග මහතාට ලද තොරතුරක් මත නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් නාවලපිටිය දොලොස්බාගේ මාර්ගයේ පිහිටි පැරණි දුම්රිය නිල නිවස අසලදී ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් තබමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 52ක් (ග්‍රෑම් 35ක්) තිබී සොයා ගත් බවයි පොලිසිය කියා සිටියේ.
ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 52 පැකට් කිහිපයක් සැකකාර කාන්තාවගේ යට ඇඳුම්වල තිබී සොයා ගත් බවත් එක් අයිස් පැකට්ටුවක් රුපියල් 7000ක් වැනි මුදලකට අලෙවි කරන බවත් දැනට කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
සැකකරු අඹුසැමි යුවළ ගම්පොළ කිරපන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23ක් සහ 27 යන වයස්වල පසුවන අය බවයි පොලිසිය පවසන්නේ.
එම අඹුසැමි යුවළ ඩුබාහි තාරු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඊසි කෑෂ් ක්‍රමයට ප්‍රදේශය පුරා බෙදාහරින බවයි තොතුරු අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු අඹුසැමි යුවළ නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණා.