ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එළඹෙන මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
නවදිල්ලිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත කෘත්‍රිම බුද්ධි බලපෑම් සමුළුව සඳහා සහභාගී වීම සදහායි ප්‍රංශ ජනාධිපති ඉන්දීය සංචාරයක නිරත වන්නේ.
මෙම සමුළුව පිළිබඳව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රංශයේ පැවති ඒ.අයි. ඇක්ෂන් සමුළුවේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එය පෙබරවාරි 19 සහ 20 දිනවල නවදිල්ලියේදී පැවැත්වීමට නියමිතයි.
මෙය ගෝලීය දකුණේ රටක සත්කාරකත්වයෙන් පැවැත්වෙන ප්‍රථම ගෝලීය කෘත්‍රිම බුද්ධි සමුළුව වනවා.











