දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ගමනාගමනයට බාධා එල්ලවුනා.
ඒ, 73 වන කිලෝමීටර කණුව අසළ අද උදෑසන සිදු වූ රිය අනතුරක් හේතුවෙන්.
ඒ අනුව කොළඹ සිට පැමිණෙන වාහන කුරුදුගහ හැතැප්ම අන්තර් හුවමාරුවෙන් පිටවී නැවත බද්දේගම අන්තර් හුවමාරුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට යොමු කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.
මාතර දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් 11 දෙනෙකු තුවාල ලබා තිබුණා.
එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අනතුරට ලක්ව ඇත්තේ විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් ගමන් ගත් බස් රථයක්.
අනතුර සිදුව ඇත්තේ කුරුඳුගහහැතැක්ම සහ බද්දේගම අතරදී.