ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හජ් දිනය වෙනුවෙන් ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් වෙත සුභ පැතුම් පනිවුඩයක් නිකුත් කර තිබෙනවා.
රටක් ලෙස අප ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් අප අපේක්ෂා කරන දියුණු සහ ශිෂ්ටසම්පන්න රට ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය සිදු කිරීමේදී සියලුදෙනාගේ සාමුහික උත්සාහය, මැදහත්වීම සහ සහභාගිත්වය ඉතා වැදගත් බවයි ජනාධිපතිවරයා නිකුත් කළ හජ් සුබ පැතුම් පණිවුඩයේ දක්වා ඇත්තේ.
එකිනෙකා දෙස සැකයෙන් සහ වෛරයෙන් බලන සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් සහ ප්‍රේමයෙන් සියලුදෙනා එක්ව දිවි ගෙවන දියුණු සහ ශිෂ්ට සම්පන්න රටක් ගොඩනැඟීමට රජය දරන උත්සාහයේදී සිය ශුද්ධ වූ විශ්වාසය සමඟින් සියලු ඉස්ලාම් බැතිමතුන් එක්ව සමරන හජ් සැමරුම, මහඟු ආශිර්වාදයක් බවද ඩජනාදිපතිවරයා මෙහිදී සදහන් කර තිබෙනවා.