මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට යන බැතිමතුන්ට විශේෂ ප්‍රවාහන සැලැස්මක් සකස් කර ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසනවා.
ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.
බැතිමතුන් ප්‍රවාහනය සඳහා බස්රථ 439ක්, නර්තන ශිල්පීන් ඇතුලු පිරිස් ප්‍රවාහනය සඳහා බස්රථ 40ක් සහ , විශේෂ දුම්රිය 07ක් යොදවා ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
දෛනික ගමනාගමන කටයුතු අඩාල නොවන පරිදි මෙම ප්‍රවාහන සැලැස්ම සකස්කර ඇතැයිද ඒ මහතා පැවසුවා.
පෙරහැරට සහභාගීවන නැට්ටුවන් ඇතුළු නර්තන ශිල්පීන් නැවත ගම්බිම් බලා පිටත්කිරිම සඳහාද විශේෂ ප්‍රවාහන සැලැස්මක් සකස් කර තිබෙනවා.