ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
එමෙන්ම පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් ඉදිරිපත් කර නොමැති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි මසහිරෝ නොසාකි පැවසුවේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැතිවරණවලට බලපෑම් සිදු කරන බවට එල්ල වන චෝදනාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු පැවසුවේ.