වනඅලි ගැටලුව විසඳීමට දිස්ත්‍රික් මට්ටමින් වගකිය යුතු නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
ග්‍රාමීය ආර්ථිකය මෙන්ම ජනජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන වන අලි ගැටලුව විසඳීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
අනුරාධපුර,පුත්තලම,පොලොන්නරුව, අම්පාර , හම්බන්තොට ,මොණරාගල , කුරුනෑගල , බදුල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබුණා.
වනජීවී දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු , රථවාහන අවශ්‍යතා සහ රාජකාරී කරගෙන යාමේදී මුහුණදෙන ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා.