අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හජ් උත්සවය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
එම පණිවුඩය පහතින්
”ආත්මාර්ථකාමීත්වය බැහැරකරමින් ද සහජීවනයේ මහිමය පසක් කරමින් දල සාමුහිකවත්ල සහෝදරත්වයෙන් යුතුවත්ල හජ් වන්දනාවේ යෙදෙන අප රටෙත් ලොව පුරාත් විසිරී පැතිරී සිටින සහෝදර මුස්ලිම් ජනතාව අද දින මහත් බැතියෙන් හජ් උත්සවය සමරති
එලෙස ඔවුන් සමරන හජ් උත්සවයේ මෙවර විශේෂත්වය වන්නේල ඔවුන්ගේ එම දැක්ම සමඟ පෑහෙන ප්‍රතිපත්තියකින් යුතු රජයක් යටතේ මෙවර හජ් උත්සවය සමරන්නට ඔවුනට ඉඩහසර සැලසි තිබීම ය
මන්ද අපගේ රජයේ අරමුණ වන්නේ ද සැමට සාධාරණව සම්පත් බෙදී යනල පරාර්ථකාමී ජන සමාජයක් රටතුළ නිර්මාණය කිරීම ය
නබිතුමන් තම පුතණුවන් වූ ඉස්මායිල් නබිතුමන්ව දෙවියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම පිළිබිඹු කරන්නා වූ මෙම පිළිවෙතල ඉස්ලාම් දහමේ පරිත්‍යාගශීලිත්වය ප්‍රකට කරන සුවිශේෂී අවස්ථාවකිග
ඒ අර්ථයෙන් ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් එක් වීල ලෝක සාමය වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කරන හජ් උත්සවය සමස්ත ලෝකවාසීන්ටම මහැඟි ආදර්ශයක් බව මාගේ හැඟීමයි
සාමයල සාධාරණත්වයල මෙන්ම මනුෂ්‍යත්වය ලොව රජයන අනාගතයක් උදෙසා ජාති භේදයෙන් තොරවල එක්සත්ව කටයුතු කරන අපේක්‍ෂාවෙන් අද දින හජ් උත්සවය සමරන්නා වූ සියලූ මුස්ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් ඊදුල් අල්හා උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි”