කඳාන ප්‍රදේශයේදී අද(03) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ එක් තැනැත්තෙකු වන්නේ හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සමීර මනහර මහතා බවයි.
එසේම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මියගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක් පමණ වූ උපාලි කුලවර්ධන නමැත්තෙකු බවත් පොලිසිය පවසනවා.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා යොදා ගත් ගිනි අවිය සම්බන්ධයෙන් ද තොරතුරු මෙතෙක් අනාවරණ වී නැහැ.
කඳාන පොදු වෙළෙඳ පොළ ආසන්නයේ මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මෙම වෙඩි ප්‍රහාරය අද(03) උදෑසන එල්ල වී තිබෙනවා.
එලෙස එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔවුන් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කෙරුණද කඳාන ප්‍රදේශයේ පදිංචි උපාලි කුලවර්ධන නමැත්තා පසුව මියගොස් තිබෙනවා.