අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුව විභාගය සදහා දින ලබා දී තිබෙනවා.
ඒ අනුව ලබන ජුනි මස 09 වැනිදා මෙම නඩුව කැඳවන ලෙසයි කොළඹ මහාධිකරණය අද නියම කළේ.
දැඩි ආරක්ෂක විධිවිධාන මැද විත්තිකාර ඳුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා අද අධිකරණට ඉදිරිපත් කර තිබුණා.