සමෘද්ධි සංශෝධන පනත් කෙටුම්පතට සහ රබර් පාලන සංශෝධන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ සහතිකය හිමිව තිබෙනවා.
2013 අංක 1 දරන සමෘද්ධි පනත සංශෝධනය කිරීම සඳහා 2025 ජුනි 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
මෙම පනත මූල්‍ය ආයතනයවල මූල්‍ය අධීක්ෂණය වැඩිදියුණු කිරීම කෙරෙහි සහ මූල්‍ය ආයතන තුළ වගවීම ශක්තිමත් කිරීමට ප්‍රතිපාදන සපයනු ලබනවා.
එමෙන්ම 1956 අංක 11 දරන රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා වූ රබර් පාලන සංශෝධන පනත් කෙටුම්පතට දැනට පවතින ”පාලක” සහ ”රබර් පාලක” යන තනතුරු නාමය වෙනුවට ”අධ්‍යක්ෂ-ජනරාල්” යන තනතුරු නාමය ආදේශ කර තිබෙනවා.
ඒ අනුව රබර් සංවර්ධන ක්ෂේත්‍රයේ පාලනය අධ්‍යක්ෂ-ජනරාල් තනතුරක් යටතට ගෙන ඒමට ඒ තුනිල් ප්‍රතිපාදන සැලසෙනු ඇති.
ඒ අනුව, මෙම පනත් කෙටුම්පත් ද්විත්වය 2025 අංක 15 දරන සමෘද්ධි සංශෝධන පනත සහ 2025 අංක 16 දරන රබර් පාලන සංශෝදන පනත ලෙස බලාත්මක වනවා.
උණුසුම් පුවත්
- දරුවෙක් පිහිනුම් තටාකයේ වැටී මියයාම ගැන පුළුල් පරීක්ෂණ
- සැඟවුනු වස්තුව සෙවූ තිදෙනෙක් අත්අඩංගුවට
- නව අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්න
- ප්‍රදේශ රැසකට පස්වරු 1න් පසු වැසි
- අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද පෙරවරුවේදී
- ප්‍රාථමික ශ්‍රේනියට සිසුන් ඇතුලත් කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්
- නවක හෙද හෙදියන් ඇතුලත් කර ගැනීමේ පත්වීම් ලිපි ප්රදානෝත්සවය හෙට
- ජාතික අපනයන සංවර්ධන සැලැස්ම පිළිබඳ වැඩමුළුවක්