අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබෙනවා.
ඒ දුම්රිය රියදුරු ශ්‍රේණියට බඳවාගත් නවක රියදුරුන් සඳහා පැවැති රැස්වීමකදි දුම්රිය රියදුරන් ලෙස පුහුණු කිරීමට යෝජිත හමුදා නිලධාරීන් පිරිසකටද එම පුහුණුව ආරම්භ කිරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් .
ඒ අනුව මෙලෙස දුම්රිය සේවා වාරවලින් ඉවත් වීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ .
මේ සම්බන්ධව ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැති දීර්ඝ සාකච්ඡා අසාර්ථක වී ඇති බව වාර්තා වනවා .
එ බැවින් අද පස්වරුවේ ලොකෝමොටිව් ඉංජිනේරුවන්ගේ විධායක කමිටු රැස්වීමක් පැවැති අතර එහිදී මෙම තීරණය ගත් බවයි එම සංගමය සදහන් කලේ .














