ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන ජූනි මස 10 වනදා ජර්මනියේ නිල සංචාරයක සහභාගි වීමට නියමිත වනවා.
අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සදහන් කළා.
මෙම සංචාරයේදී ජනපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.