නිසාන් R35 GT-R නිෂ්පාදනය වසර 18 කට පසු අවසන් කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ මෝටර් රථ ඉතිහාසයේ ඇදහිය නොහැකි වසර 18 ක පරිච්ඡේදයක් අවසන් කරමින්.
ජපානයේ ටොචිගි කම්හලේදී අවසාන මෙම වර්ගයේ මෝටර් රථය එකලස් කරනු ලැබුවා.
2007 දී එහි මංගල දර්ශනයේ සිට, R35 ලොව පුරා නිෂ්පාදනය කරන ලද ඒකක 48,000 ක් පමණ සමඟින් කාර්ය සාධනය සහ ඉංජිනේරු විද්‍යාවේ සැබෑ නිරූපකයක් ලෙස පවතිනවා.
අවසන් වරට නිෂ්පාදනය වූ මෝටර් රථය Midnight Purple වර්ණයෙන් යුත් Premium edition T-Spec එකක් වන අතර, එය ජපානයේ පාරිභෝගිකයෙකුට ලබාදීමට නියමිතයි.
වීදිවල සිට ධාවන පථය දක්වා, සුපිරි මෝටර් රථ ක්‍රියාකාරිත්වය නැවත අර්ථ දැක්වූ Godzilla මෝටර් රථයක් ලෙස R35 GT-R සදහටම මතකයේ රැඳෙනු ඇති