Author: VNews

ආණ්ඩු වෙනස් වීමේදී ප්‍රතිපත්ති ද වෙනස් වීම අපේ රටේ පවතින ප්‍රධාන ගැටළුවක් බවත් එම ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් රජය, මූල්‍ය හා පාලන අංශවල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කර ඇති බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය. එම සෑම පියවරක්ම ගනු ලැබූවේ ස්ථාවර ආර්ථික ක්‍රමයක් රට තුළ නිර්මාණය කිරීමට බව ද පෙන්වා දුන් ඒ මහතා මහබැංකු පනත, රාජ්‍ය මුල්‍ය පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත මේ වන විටත් ඉදිරිපත් කර තිබෙන අතර ආර්ථික පරිවර්තන නීතිය ද සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද සඳහන් කළේය. සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ…

තව කියවන්​න

මෙරට පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව සහ ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කර ගනිමින් දිස්ත්‍රික්ක මට්ටමින් එම රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලමින් එයට කඩිනම් විසදුම් ලබාදීම සහ රෝහල් තුලින් ලබාදෙන ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය අධ්‍යයනය කරමින්  මෙරට ජනතාවට  ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ අදහසකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. ඒ අනුව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (25) කළුතර හල්තොට ප්‍රාදේශීය රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙහිදී…

තව කියවන්​න

සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් මුවාවීමේ විරල සංසිද්ධියක් අද (24) මධ්‍යම රාත්‍රියේ සිදුවනවා. එය මධ්‍යම රාත්‍රිය පසුවී මිනිත්තු 50කට පසු ආරම්භ වන අතර, අලුයම 2.10තෙක් ශ්‍රී ලාංකිකයන්ට දැකගත හැකියි. ඒ වෙනුවෙන් ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය සහ දුරේක්ෂය අද රාත්‍රී 11.00 සිට ජනතාවට විවෘතව පවතිනවා.

තව කියවන්​න

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුලි 23) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.       මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke class of guided missile destroyers වර්ගයට අයත් ‘USS Michael Murphy’ නෞකාව, දිගින් මීටර් එකසිය පනස් පහක් (155) හා නැව් මුළුව තුන්සීය විසි තුනක ගෙන් (323) සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commander Jonathan B. Greenwald කටයුතු කරනු ලබයි.   එමෙන්ම, ‘USS Michael Murphy’ නෞකාවේ අණදෙන නිලධාරී Commander Jonathan B. Greenwald සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් අද දින (2024 ජුලි 23) බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, එම අවස්ථාව…

තව කියවන්​න

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී රෝගාතුර වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් වෙත ලබාගැනීමෙන් අනතුරුව, අද දින (2024 ජුලි 24) ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින්  කටයුතු  කෙරිණි. නිල්වැල්ල ධීවර වරායෙන් 2024 ජුලි මස 04 වන දින ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “Nethum putha 03” (ලියාපදිංචි අංක IMUL-A- 0843 TLE) බහුදින ධීවර යාත්‍රාවේ  සිටි ධීවරයෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන්, එම ධීවරයා ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු…

තව කියවන්​න

දේශීය කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව ආරම්භ කර තිබෙන සැලසුම් සහගත කෘෂි නවීකරණ වැඩ පිළිවෙල හමුවේ ගොවි ජනතාව තවදුරටත් දේශපාලන අතකොලු බවට පත්කර ගැනීමට නොහැකි වී ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. යල හා මහ කන්න ආශ්‍රිතව වෙල් ඉපනැල්ලේ මුං ඇට වගාකර මෙට්‍රික් ටොන් 18,828ක අස්වැන්නක් ලබා ගැනීම සඳහා වන වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවත් ඒ යටතේ එක් ගොවියෙකුට හෙක්ටයාරයක් සඳහා බීජ මුං ඇට කිලෝ ග්‍රෑම් 25ක් ලබාදීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (24) ජනාධිපති මාධ්‍ය…

තව කියවන්​න

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේ නොවුණහොත් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් රජය සිදු කරන කැපවීමේ ප්‍රතිලාභයක් රටට නොලැබෙන බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රි ලංකාව ඉදිරියටත් නොදියුණු රටක් නොවිය යුතු බවද අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වන සංවත්සරය නිමිත්තෙන් අද (24) පැවති උත්සවයට එක්වෙමිනි. නව තාක්ෂණයට ගැලපෙන ආකාරයට අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ඒ…

තව කියවන්​න

ඉන්දීයාවට එරෙහි විස්සයි විස්ස තරගාවලිය සදහා වේග පන්දු යවන ක්‍රිඩක අසිත ප්‍රනාන්දු කැඳවා තිබෙනවා. ආබාධයකට ලක්ව සිටින දුෂ්මන්ත චමීර වෙනුවටයි අසිත ප්‍රනාන්දුව ශ්‍රී ලංකා සංචිතයට කැදවා ඇත්තේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන 27 වනදා ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්​න

ප්‍රජා උපදේශක කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසිනුයි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ. රජයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සදහා ප්‍රජා උපදේශක කමිටු පිහිටුවා තිබුණා.

තව කියවන්​න

බංග්ලාදේශයේ අන්තර්ජාල සේවා යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා. රට තුළ ඇති වු ප්‍රචණ්ඩකාරි තත්ත්වය හමුවේ දින පහක් පමණ බංග්ලාදේශයේ අන්තර්ජාල පහසුකම් අත්හිටුවා තිබුණා. කෙසේවෙතත් මේ වන විට තෝරාගත් ප්‍රදේශවලට පමණක් අන්තර්ජාල සේවා යළි ලබා දීමට බංග්ලාදේශ රජය පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න