Author: VNews

මාතර නිල්වලා ගඟේ ඉදි කර තිබෙන ලවණ බාධකය, ඒ අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යාමට හේතු වී ඇති බවට මෙන්ම කරදිය කුඹුරු කරා පැමිණීම හේතුවෙන් වගා හානි වන බවට ප්‍රදේශවාසීන් මෙන්ම ගොවි ජනතාව වෙතින් කරුණු ඉදිරිපත් වී ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා, කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ අදාළ අමාත්‍යාංශ නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (08) වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී, ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් ගං වතුර තත්ත්වයක් මෙන්ම ගොවිබිම්වලට ලවණ ජලය පැමිණීම සිදුවන්නේද යන්න සොයා බලා ඒ සඳහා…

තව කියවන්​න

2024 වර්ෂයේ ජනවාරි මස 01 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද රුපියල් මිලියන 30ක පමණ මූල්‍යමය ප්‍රදානය භාණ්ඩාගාරය වෙත යොමු කර ඇත. ස්වාභාවික ආපදා හේතුවෙන් හානියට පත් ජනතාවගේ නිවාස ප්‍රතිසංස්කරණය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය වෙත අතිරේක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව එම මුදල් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අමාත්‍යාංශය වෙත මුදා හැර තිබේ. එම අතිරේක මූල්‍ය ප්‍රතිපාදන, ආපදාවලින් හානියට පත් වූවන් වෙනුවෙන් වෙන් කිරීමට සිදු වූයේ 2024 අයවැය ඇස්තමේන්තුව මඟින් ඒ සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් කර නොතිබූ බැවිනි.…

තව කියවන්​න

2024 මහ මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා නිලධාරින් 90,000කට ආසන්න පිරිසක් යොදවන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 3200 ක් ද ඒ අතර වන බවයි. මැතිවරණ කාලය තුළ රාජ්‍ය ස්ථාන ආරක්ෂාව සඳහා පමණක් හමුදා නිලධාරින් 11,000ක් යොදවා ඇතැයිද ඔහු ප්‍රකාශ කළා.

තව කියවන්​න

තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත කහවත්ත පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔහු සන්තකයේ තිබී නීතිවිරෝධිව මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 24ක වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

තව කියවන්​න

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ නම් ගැසට් කර තිබෙනවා. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කෙරුණා. ඒ අනුව නිශාන්ත පෙරේරා මහතා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස දන්වා තිබෙනවා. එහි උපසභාපතිවරයා ලෙස ගැසට් කර ඇත්තේ, සුමිත් චන්දන මහතාවයි.

තව කියවන්​න

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරාවලියේ පළමු තරග දෙක වෙනුවෙන් වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා. රොව්මන් පවෙල්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. අකීල් හොසෙයින්, ශිම්රන් හෙට්මයර්, නිකලස් පූරාන් හා අන්ඩ්‍රි රසල් යන ක්‍රීඩකයින් කොදෙව්විස්සයි 20 සංචිතයට යළි කැදවීමට පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

කටුනායක ගුවන් තොටුපොළෙන්   ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා 11/09 දින අලුයම පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය තාක්ෂණික දෝශයකට ලක් වීම නිසා එම ගුවන් ගමන  අවලංගු කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය . මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 604 දරන ගුවන් යානය  11/09 දින අලුයම 12.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි. එහෙත් එම ඒ.- 330 වර්ගයේ  ගුවන් යානය හදිසියේම තාක්ෂණික දෝෂයකට ලක් වීම නිසා , එම ගුවන් ගමන අවලංගු කර ඇති අතර , එම ගුවන් යානයෙන් හදිසියේම පිටත්ව යාමට අවශ්‍ය ගුවන් මගීන්…

තව කියවන්​න

ඊශ්‍රායල ජාතිකයින් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව එරට රජය සිය ප්‍රසාදය පළකර තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ, ඊශ්‍රායල් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා රජය වෙත ප්‍රශංසා පළකර ඇති බවය. ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට සැලවීමත් සමග ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග අගය කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබේ.

තව කියවන්​න

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ පිරමීඩ් මූල්‍ය ආයතනයක් මගින් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගොස් සිටි පුද්ගලයෙකු සහ එම මූල්‍ය  සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ 11/08 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි    රණසිංහ ආරච්චිගේ ධම්මික කුමාර රණසිංහ නැමැති 52 හැවිරිදි මෙම පුද්ගලයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගහැර පළා ගොස් තිබූ අතර , ඔහු 11/08 දින අලුයම 12.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 189 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ…

තව කියවන්​න

ව්‍යාපාරිකයෙකු  විසින් මෙරටට ගෙන ආ  රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් ,කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාරික  කාන්තාවක් 11/07 දින ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ . ඔහු කොළඹ – 10 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි , නිතර  ගුවන් ගමන් වල නිරත වෙමින් , විවිධ භාණ්ඩ වර්ග මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක යෙදී සිටින පුද්ගලයෙකි . ඔහු 11/06 දින අලුයම 05.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔහු එරට දී ග්‍රෑම් 118 යි මිලි ග්‍රෑම් 980 ක්…

තව කියවන්​න