- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
මිලකල නොහැකි පුරාවිද්‍යත්මක නටඹුන් විනාශ කරමින් කැණිම් සිදු කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස්වි ශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උහන, බොක්කබැද්ද හා ලාතුගල යන ගම්මාන අතර වම් පසින් පිහිටි ගල්ඔරුව කන්ද ප්‍රදේශයේ දී පසුගිය 18 වනදා සිදු කරන ලද වැටලීමකදීයි. . පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත සහ කලාප අණදෙන නිලධාරී අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්.ජි.එස්. විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී කේ.ජි.එන්. පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.…
මහනුවර, අස්ගිරිය දුම්රිය ස්ථානය අසලදී දුම්රියක ගැටී 16 හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මහනුවර දෙස සිට මාතලේ දෙසට ධාවනය වූ දුම්රියක ගැටී මෙම අනතුර සිදුව තිබුණා. මිය ගිය දැරිය උපකාර පංතියකට සහභාගී වී නැවත නිවසට යමින් සිටියදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවා. මේ වන විට මිය ගිය දැරියගේ මෘත ශරිරය මහනුවර රෝහලේ තැන්පත් කර ඇති අතර මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව ශූන්‍ය අගයක් ගත්තද දෛනිකව තවදුරටත් සුළු වශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ දත්ත පෙන්වා දෙනවා. කෙසේ වෙතත් දින කිහිපයකට පසුව ඊයේ දිනයේ දි මෙරටින් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,793 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඊයේ දිනයේ දී කාන්තාවන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති අතර ඉන් එක් අයෙකු වයස අවුරුදු 60 ඉක්මවු කාන්තාවක බවද සඳහන්. අනෙක් කාන්තාව වයස අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…
ඕස්ටේ්රලියාවේදී පැවැති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඇතැම් ක්‍රීඩා බලධාරීන්ගෙන් එල්ල වන චෝදනා පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා. එම චෝදනා හේතුවෙන් ක්‍රීඩකයින් මේ වන විට දැඩි පීඩනයකට පත්ව සිටින බවද වාර්තා වනවා. මේ අනුව ඒ පිළිබඳ දැනුම්වත් කිරීමට ජනාධිපතිවරයාගෙන් වේලාවක් වෙන්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටයුතු කරමින් සිටින බවයි සඳහන් වන්නේ.
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටිව්ටර් ගිණුම සක්‍රීය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ට්විටර් සමාගම විසින් මිට මාස 22 කට පමණ පෙර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම තහනම් කරනු ලැබුවා. කෙසේ වෙතත් ඉලෝන් මක්ස් විසින් ට්විටර් සමාගම මිලදී ගැනීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම මෙලෙස යළි සක්‍රීය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිය ට්විටර් ගිණුම හරහා සිදුකළ මත විමසීමකින් අනතුරුව ඉලෝන් මස්ක් විසින් අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම සක්‍රිය කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. එහිදී බහුතරයක් ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සක්‍රීය කළ යුතු බවයි.
ගෝලීය උණුසුම ඉහළ යාමේ බලපෑම අවම කිරීම සඳහා උතුරු පළාතේ හරිත හයිඩ්රජන් ව්‍යාපෘතියක්, කිර්ය්ත්මක කල යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වැඩිදියුණු කළ ජල කළමනාකරණ පද්ධතියක් සහ නැවත වන වගා ව්‍යාපෘති ස්ථාපිත කිරීම පිළිබඳවත්, පුනර්ජනනීය බලශක්ති විභව ප්‍රධාන විදුලිබල ජාලයට එක් කිරීම පිළිබඳවත් ජනාධිපති වරයා නිලධාරීන්ගේ අවධානය යොමු කළා. මන්නාරම, තම්බපවනී සුළං විදුලි බලාගාරය ඊයේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ . පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ හරිත හයිඩ්රජන් ව්‍යාපෘති කෙරෙහි කඩිනමින් යොමු වීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කලා . කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමල වරායන්වල හරිත හයිඩ්රජන් තාක්ෂණය ඉදිරියේ දී බලගැන්වීමටත්, වහාම ධීවර බෝට්ටු සඳහා හරිත හයිඩ්රජන් බලශක්ති…
කොන්දේසි විරහිතව අයවැයට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට අවශ්‍ය උපරීම සහාය ලබාදීමට පොදුජන පෙරමුණ කටයුතු කරන බවයි ඔහු සදහන් කලේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බවද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කියාසිටියා. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුර්ණ සහයෝගයෙන් පත්කර ගත් ජනාධිපතිවරයා සමග එකඟතාවයෙන් කටයුතු කරන බවයි.
ධීවර ජනතාව සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා. දකුණු-මධ්‍යම බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ . එය යාපනයේ සිට කිලෝමීටර් 600ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතීනවා. එම පද්ධතිය ඉදිරි පැය කිහිපය තුළදී, තමිල්ණාඩු-පුදුචෙරි වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා. මේ අතර උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලවිටින් විට හමන පැ.කි.මී 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකියි . එමෙන්ම ඌව පළාතේ ස්ථාන ස්වල්පයක හවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
මෙරට ළමයින් 56,000 ක් පමණ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඉන් වයස අවුරුදු 5 ට අඩු ළමයින් සඳහා ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය බවත් යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාව පෙන්වා දෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ළමයින් ලක්ෂ 22 කට මානුෂීය සහාය අවශ්‍ය බව එම වාර්තාවේ දැක්වේන්නේ . ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන අර්බුදය හේතුවෙන් විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන් ප්‍රමාණයද සියයට 286 කින් 2022 වසරේ වැඩි වී ඇතැයි එම වාර්තාවේ සඳහන් . මේ අතර ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන 4.8 කට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය අවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානය එම වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා. මේ අතර ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කලේ…
ත්‍රිරෝද රථ සදහා ඉහළ දැමු ඉන්ධන කෝටාව අද සිට හිමිවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ලියාපදිංචි වී ඇති ත්‍රිරෝද රථ 25,000 කට ආසන්න සංඛ්‍යාවකට ඉහළ දැමු ඉන්ධන කෝටාව හිමිවන බව යි අමාත්‍යවරයා සඳහන් කළේ . මේ අතර වැඩි කළ ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමේදී රුපියල් 500ක් අය කිරීමට තීරණය කර ඇතැයි ඔහු සදහන් කළා. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ, අදාල ලියකියවිලි සඳහා එම මුදල අයකරන බවය.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222