- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසනවා. දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලම ආර්ථිකයන් මෙන්ම ගෝලීය අගය දාමයන් සමග ශ්‍රී ලංකාව ඒකාබද්ධ කරමින් පසුව එය නැගෙනහිර කලාපය දක්වා දීර්ඝ කර කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වය හා සම්බන්ධ වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව වන බවයි ජනාධිපති ලේකම්වරයා සදහන් කළේ. මෙම සංවර්ධන ක්‍රියා පිළිවෙතෙහි අවසාන ප්‍රතිලාභීන් පෞද්ගලික අංශයේ කර්මාන්ත වන බැවින් ඊට නිර්මාණශීලීව දායක වන ලෙසයි ජනාධිපති ලේකම්වරයා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ. නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වෙළෙඳ මණ්ඩල සහ කර්මාන්ත උපදේශක කමිටු දැනුම්වත් කිරීම සදහා පසුගියදා මුදල් අමාත්‍යාංශයේ…
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල මහතා පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මේ බව තීරණය කර ඇති බව සඳහන්. මීට පෙර එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ අමාත්‍ය මහින්ද අමරවීර මහතායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ දිනයේදී එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. මේ අතර අද 2023 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ පැවති මධ්‍යම කාරක සභාවෙන් අනතුරුව තිලංග සුමතිපාල මහතා මාධ්‍ය වෙත අදහස් පල කරමින්…
2023 මුදල් වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කල අයවැය යෝජනාවලියට අදාළ අයවැය දෙවන වර කියවීමේ චන්ද විමසීම අද පස්වරු 05.00 ට සිදු කිරීමට නියමිතයි . මේ අතර සමගි ජන බලවේගය පක්ෂය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අද පැවැත්වෙන අයවැය දෙවනවර කියවීමේ චන්ද විමසීමේදී එයට විරුද්ධව චන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා . එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අයවැයට පුරන සහය පල කරන බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කලේ .
පැය දෙක බැගින් අද සිට ලබන මස 25 වනදා දක්වා දින හතරක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළා. මේ අනුව ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක්ද, රාත්‍රී කාලයේ පැයක්ද, වශයෙන් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දුන් බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.
බාලදක්ෂ ව්‍යාපාරය පළාත් නවයම ආවරණය වන පරිදි ව්‍යාප්ත කරමින් 2024 වසර වන විට එහි සාමාජිකත්වය ලක්ෂ දෙකක් දක්වා වැඩි කර ගැනීමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය සහ අනුශාසක ධූරය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම ඊයේ දිනයේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ අතර එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර තිබුණා. බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් නිල – කර…
මෙම වසරේ පළමු මාස 9 තුළ ආදායම් බදු ආදායම ඉහළ ගොස් ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය විසින් නිකුත් කළ වාර්තාවක් මඟින් මේ බව පැහැදිලි කර තිබෙනවා. 2021 වසරේ පළමු මාස 9 තුළ වූ රුපියල් බිලියන 209.5 ක් ලෙස පැවති බදු ආදායම 2022 වසරේ එම කාලය තුළ දී රුපියල් බිලියන 431.8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 106.1 % කින් ඉහළ යාමක්. මේ අනුව වසරේ පළමු මාස නවයේ දී රජයේ ආදායම් බදු ආදායම දෙගුණ වී ඇති බවයි එම වාර්තාවෙහි දක්වා ඇත්තේ.
දිවයිනේ පාසල් ගණනාවක ගුරුවරියන් අද සාරිය වෙනුවට ගවුම්, දිගු කලියම් ආදි සැහැල්ලු ඇඳුමින් සැරසී පාසල් වෙත පැමිණ තිබෙනවා. වර්තමානයේ පවතින ආර්ථික උද්දමනය හේතුවෙන් සාරිවල මිල ඉහළ යාම සමඟ මෙම පියවර ගත් බවයි එම ගුරුවරියන් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබෙන්නේ. රාජ්‍ය සේවකයින්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කළ හැකි බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් මීට පෙර චක්‍රලේඛයක් ද නිකුත් කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි ඔවුන් පවසන්නේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව ගුරුවරුන්ට සාරිය වෙනුවට වෙනත් සුදුසු ඇඳුමකින් පාසල් වෙත පැමිණීමට ඉඩ ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමය මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබුණා. කෙසේ වෙතත් ඊට…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චි මහතා අද පාර්ලිමේන්තු සභා ගැබ මධ්‍යයට පැමිණ බිම වාඩි විරෝධය පළ කළා. ඒ, ධීවරයින් මුහුණදී සිටින ගැටළුවලට අයවැයෙන් විසඳුම් නොමැති බව පවසමින්. මෙවර අයවැය විවාදයේ සිය කතාව කිරීමෙන් අනතුරුව සභා ගැබ මධ්‍යයට පැමිණි දිලිප් වෙදආරච්චි මහතා මෙලෙස බිම වාඩි වූ බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ. මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ බහුදින යාත්‍රා දින ගණනාවක් මුහුදු ගොස් මසුන් අල්ලා ගෙන පැමිණෙන බවත් ඒ සඳහා ඔවුන්ට නියමිත මිලක් නොලැබෙන බවයි. කෙසේ වෙතත් එම අවස්ථාවේ මුලසුනේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා දිලිප් වෙදආරච්චි මහතාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අසුනට ගොස් වාඩිවන…
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියම කළා. ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුවයි කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා එම නියෝගය ලබා දුන්නේ. ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉනෝකා පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට වන්දනා ගමනක් සඳහා ඉන්දියාවට යාමට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම මෙම මස 23 වනදා සිට 29 වනදා තෙක් අත්හිටුවන ලෙස ද ඉල්ලා සිටියා. එම ඉල්ලිම පිළිගත් අධිකරණය අදාළ කාලසීමාව තුළ ගම්මන්පිල මහතා වෙත පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන…
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර 540 ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය ක්‍රමය දුර්වල වෙමින් වයඹ දෙසට ගමන් කර, ඉදිරි පැය විසි හතර තුළදී තමිල්නාඩු පුදුච්චේරි වෙරළ වෙත ළඟාවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ හේතුවෙන් ඉදිරි පැය විසි හතර තුළ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට අද දිනයේත් යාත්‍රා නොකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා. එමෙන්ම නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයටද යාත්‍රා කිරීමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. එම මුහුදු ප්‍රදේශ සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 ත් 60 ත් පමණ වැඩිවිය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222