- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලසන්ත අලගියවන්න මහතා අද දින සිට වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා. ඒ, ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බන්දුල ගුණවර්ධන මහතා ඉන්දියාවේ දී සිදු කරන ලද හදිසි සැත්කමක් හේතුවෙන්. කෙසේ වෙතත් එලෙස සිදු කරන ලද සැත්කම අසාර්ථක වීම හේතුවෙන් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිංගප්පූරුවේ රෝහලක් වෙත මාරුකර යවා ඇති බවටයි වාර්තා වන්නේ.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් විසින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අදාළ වැඩවර්ජනයට හේතුව අතිකාල දීමනා පිළිබඳ ගැටළුවක් බවටයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති පවසන්නේ. අදාළ ගැටලුවලට විසදුම් නොලැබුණහොත් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ඉදිරියටත් සිදු කරන බවටයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති වැඩිදුරටත් අනාවරණ කර සිටියේ.
2023 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පැවැත්වුණා. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 121ක්ද විපක්ෂව ඡන්ද 84ක්ද ලැබුණා. ඒ අනුව 2023 අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 37කින් සම්මත වි තිබෙනවා. මේ අතර ඡන්දය පැවැති අවස්ථාවේදී ඡන්දයදීමෙන් වැළැකී සිටි මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 01ක්.
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙසින් නම් දරා ඇති යුපුන් අබේකෝන් සඳහා ඔහුගේ කුසලතා වර්ධනය කර ගැනීමට සහ ක්‍රීඩා ජීවිතයේ අනාගත ආයෝජනයක් ලෙස ඩොලර් ලක්ෂයක මූල්‍ය දායකත්වයක් ක්‍රීඩා අමාත්‍යංශය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව ලබාදී තිබෙනවා. ඒ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් අනුවයි. මලල ක්‍රීඩාව තුළ ඔහුගේ දක්ෂතා වර්ධනය කරගෙන එමගින් ශ්‍රී ලංකාවට ඔලිම්පික් රන් පදක්කමක් හිමිකර ගැනීම මෙහි අරමුණ බවයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය නිවේදනය කර සිටින්නේ. මෙහිදී ක්‍රීඩා අමාත්‍යංශයත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් යුපුන් අබේකෝන් අතරත් ත්‍රෛපාක්ෂික ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ…
75 වන නිදහස් දිනයට සමගාමීව ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන සහ විනෝද උද්‍යාන නොමිලයේ නැරඹීමට මහජනතාව සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා. ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම විශේෂ තීරණය ගෙන ඇති බව සඳහන්. එමෙන්ම එදිනට දිවයින පුරා පිහිටි සිනමාහල්වල ප්‍රවේශ පත්‍ර ගාස්තුව ද 50 % කින් අඩු කර චිත්‍රපට නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින්.
මෙරට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 2005 වසරේ දී සකස් කරන ලද ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර මේ වන විට වසර 15 කට ආසන්න කාලයක් ගත වී තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි එම ප්‍රතිපත්ති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පත් කරනු ලබන කමිටුවක් මඟින් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ සියලුදෙනාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ තීරණය කළ බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසනවා. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ද පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බවයි ඔහු සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මහතා සහ දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා.
වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා හෙට සිට වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. උත්සව සමය වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි එම අධිකාරිය පැවසුවේ. එහිදී වැඩි මිලට ආහාර අලෙවි කරන්නන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතයි. ඒ අනුව වැඩි මිලට ආහාර අලෙවි කරන සහ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන්නන් සොයා වැටලීම් සිදු කෙරෙණු ඇති. මෙම වැටලීම ජනවාරි 15 වනදා දක්වා ක්‍රියාත්මක බවයි පාරිභා්ගික කටයුතු අධිකාරිය පැවසුවේ.
ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා සේවයෙන් ඉවත් කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. ඔහුට මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේ මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් නිලධාරීන් සිටින බවට අනාවරණ වී ඇති බවයි. එහිදී අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද අදහස් පළ කළා.
අයවැය විවේචනය කිරීමෙන් සහ ඊට විරුද්ධව ජනතාව පෙළඹ වීමෙන් රටට කිසිඳු ඵලක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. එමෙන්ම කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවර අයවැයෙන් සහාය ලැබී ඇති බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222