- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
පාසල් ගුරුවරියන් සඳහා සාරිය අනිවාර්‍ය කරමින් අද චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. පසු ගිය දින කිහිපයේ දී පාසල් ගුරුවරියන් පිරිසක් සාරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසල් වෙත පැමිණීම හමුවේ බොහෝ පාර්ශව ඊට විරෝධය පළ කළා. මේ හේතුවෙන් මෙම නව චක්‍රලේඛය නිකුත් කරන බව යි අධ්‍යාපන අමාත්‍යාශ ලේකම් නිහාල් රණසිංහ මහතා සඳහන් කළේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු සභාපතිවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ මුත්තු සිවලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. රෝගාතුරව සිටි ඒ මහතා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන්. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.
2023 වසර සදහා ශ්‍රී ලාංකික හෙදියන් 4000 ක් සේවා සඳහා බදවා ගැනීමේ අරමුණින් සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දස දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. අදාළ පිරිස අධ්‍යයන චාරිකාවක් සදහා ඊයේ රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ. වසර 20 කට පසුව සිංගප්පූරුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා පිවිසීමට ශ්‍රී ලාංකික හෙදියන්ට මෙලෙස අවස්ථාව උදාවන බව සඳහන්.
මන්කිපොක්ස් වෛරසය හෙවත් වඳුරු උණ වෛරසයේ නාමය එම් පොක්ස් ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෙට දිනයේදී ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ. පසුගිය කාලය තුළ අදාළ වෛරසයේ නාමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව ද අවධානය යොමු කර තිබුණා. ඒ, මන්කිපොක්ස් නාමය හේතුවෙන් යම් කණ්ඩායමක් හෝ තෙවන පාර්ශවයකට අගතියක් සිදුවන බව ප්‍රකාශ කරමින්. 1970 වර්ෂයේ දී කොංගෝ රාජ්‍යයේ මාස 9 ක බිළිදෙකුට ප්‍රථම වරට මන්කිපොක්ස් වෛරසය ආසාදනය වී තිබූ බවට සොයා ගැනුණා. මේ වන විට ලොව පුරා වෛරසය ආසාදිතයින් 20 දහස් 774 දෙනෙකු වාර්තා වී ඇති අතර පසුගිය ඔක්තෝබර්…
තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ(22) දිවයිනට ළඟා වූවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කොටස් දෙකක් ලෙසට දිවයිනට පැමිණි බවයි. හෂ්මටුල්ලාහ් ශහීඩ්ගේ නායකත්වයෙන් යුත් ඇෆ්ගනිස්ථාන එක්දින සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙක් ඇතුළත් වනවා. ගුල්බදීන් නයිබ් සහ මෙතෙක් ජාත්‍යන්තර එක්දින වරම් දිනා නොමැති 18 හැවිරිදි නූර් අහ්මඩ් ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්. ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරග තුන 25, 27 සහ 30 යන දිනවලදී පැවැත්විමට නියමිතව ඇත්තේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. ඇෆ්ගනිස්ථානු කණ්ඩායම දිවයිනට පැමිණි අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ.
ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාාගර ගත කර සිටි ගල්වැව සිරිධම්ම හිමියන් ඇපමත මුදාහරින ලෙස අධිකරණය අද(23) නියෝග කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත සිරිධම්ම හිමියන් ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. ඒ අනුව සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙක්ක මත මුදාහැරීමට නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය එම හිමියන්ගේ විදේශ ගමන්ද තහනම් කිරීමට නියෝග කළා. එසේම සෑම මසකම අවසන් ඉරු දින ත්‍රස්ත මර්දන කාර්යාංශයට වාර්තා කළ යුතු බවට තවත් ඇප කොන්දේසියක්ද පනවනු ලැබුවා. එසේම අදාළ නඩුව සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින් ලෙසත් නඩු කටයුත්ත පැවැත්වෙන කාසීමාව තුළ ප්‍රචණ්ඩ කටයුතුවල යෙදීමෙන් වැලකිය යුතු බවටත්…
පාසල් නිල ඇඳුමෙන් බියර් පානය කරමින් සිටි පාසල් සිසුන් පස් දෙනෙකු පොලිස් භාරයට ගැනුණු බව පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක වයස අවුරුදු 15ත් 16ත් අතර සිසුන් පස් දෙනෙකි. වාර විභාගයට පෙනී සිටිමෙන් අනතුරුව ඔවුන් මෙලෙස බියර් පානය කර ඇති බවයි පොලිසිය පවසන්නේ. පොලිසිය කියා සිටියේ පොලිසියට ලද තොරතුරක් මත පානදුර වෙරළ තීරයේ සිදු කළ හදිසි විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනුණු බවයි. අදාළ සිසුන් මුහුදු වෙරළ තීරයේ වැටකෙයියා පඳුරක සිට බියර් පානය කරමින් සිටි බවත් බියර් ටින් සමග ඔවුන් අත්අඩංගුවට ගත් බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා. විභාගය අවසන්වීමෙන් අනතුරුව පානදුර ප්‍රදේශයේ රටබීම අලෙවිහලකින් මොවුන්…
බලපත්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන ගිනි අවි පහක් සමග පුද්ගලයන් පස් දෙනෙක් පොලිස් විශේෂ කාර්යා බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකා වාකරේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වාකරේ, ඌත්තමඩිහේන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 25ත් 50ත් අතර පුද්ගලයන් බවත් ඔවුන් කදිරවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් කියා සිටියා. අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර ගිනි අවි ළඟ තබා ගනිමින් කිසියම් අපරාධයකට සූදානම් වූයේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
පේරු රාජ්‍යයේ ජනපති පේද්රෝ කැසිටිලෝට ඉල්ලා අස්වන ලෙස පවසමින් ලීමා නගරයේ ජනතාව උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කර තිබෙනවා. එහිදී උද්ඝෝෂණකරුවන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණු බව සඳහන්. 2021 වසරේ ජනාධිපතිවරයා ලෙස පත්කළ පෙද්රෝට එරෙහිව මේ වන විටත් දෝෂාභියෝග දෙකක්ද ඉදිරිපත් තිබෙනවා.
පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද දින අදාළ සිද්ධියෙන් ඇප ලැබීමෙන් පසු පළමු වරට දැක ගැනීමට හැකිවුණා. ඒ, ඔහුගේ ඇප කොන්දේසි යටතේ පොලීසියට වාර්තා කිරීමට පැමිණි අවස්ථාවේදීයි. 31 හැවිරිදි වියෙහි පසුවන ධනුෂ්ක ගුණතිලක මෙලෙස ඔහුගේ දෛනික වාර්තාකරණය සඳහා සිඩ්නි පොලිස් ස්ථානයකට ඇතුලු වූ අවස්ථාවේ දී වාර්තාකරුවන් විසින් ඡායාරූප ගත කොට ඇත්තේ. ධනුෂ්ක ගුණතිලක අදාළ සිදුවීමෙන් පසු ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය වනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222