Author: VNews

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ පැවැති පළමු එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08 ක් දැවී මුළු ලකුණු 294 ක් රැස් කළා. මේ අනුව තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිමි වූ ඉලක්කය ලකුණු 295ක්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 234 කට සීමා කළ ඇෆ්ගන් පන්දු යවන්නන් පළමු තරගයේ ජයග්‍රහණයේ සතුට ඇෆ්ගනිස්තානයට ලබා දුන්නා. පන්දුවාර 38 ක් අවසානයේ සියලුදෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත ලකුණු සංඛ්‍යාව 234 ක්. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 85 ක් සහ…

තව කියවන්​න

හැටන් නගරයේ ලිට්‍රෝ  ගෘහස්ථ ගැස් හිගයක් දින ගණනාවක් තිස්සේ පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. හැටන් නගරයේ ගැස් අලෙවි නියෝජිතයන්ට සමාගම විසින්  මාසයක පමණ කාලයක සිට සිමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණයක්  පමණක් ලබාදිම ඊට හේතුව වී ඇති බවයි  වාර්තා වන්නේ. අද දින ලිට්‍රෝ සමාගම විසින් අලෙවි නියෝජිතයන්ට ගැස් තොග බෙදා හරින බවට ලද තොරතුරක් මත පාරිභෝගිකයන් ගෘහස්ථ ගැස් සිලින්ඩර් අලෙවි නියෝජිත අලෙවිසැල් වෙත පැමිණ සිටිනවා.

තව කියවන්​න

2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ප්‍රතිඵල ලබාගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

තව කියවන්​න

කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දී නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 294ක් ලබා ගත්තා. Ibrahim Zadran ලකුණු 106යි. Rahmanullah Gurbaz ලකුණු 53ක් සහ Rahmat Shah ලකුණු 52ක් රැස් කළා. වනිඳු හසරංග කඩුළු 2යි. තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී.

තව කියවන්​න

මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාර තිළිණි ප්‍රියමාලි සමඟ එක්ව ලක්ෂ 140 ක් වටිනා සුඛෝපභෝගි මෝටර් රථයක් විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ආයතනයක හිමිකරුවෙකු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද කොළඹ කොටුව මහේස්ත්‍රෘත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කළා. මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ මෝටර් රථය රූපලාවන්‍ය ආයතන හිමිකරු නමට ලියාපදිංචි කර විකුණා මුදල් ලබාගෙන ඇති බවයි.

තව කියවන්​න

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ කපිතාන්වරයා ඇතුලු විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබෙනවා. ඒ, එම නඩුව අද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී. එහිදී එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.

තව කියවන්​න

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අල්ලස් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන මස 9 වනදා එම නඩුව යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. ඒ, මෙම නඩුව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී. 2012 වර්ෂයේ දී වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ලංකා සතොස ආයතනයේ සේවකයින් රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රීයාවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමිනුයි මෙම නඩුව ගොනු කර ඇත්තේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

තව කියවන්​න

ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන් වාර්තා වන බව ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානය ප්‍රකාශ කළා. පැරීසිය පදනම් කරගනිමින් ස්ථාපිත මෙම ජාත්‍යන්තර සංවිධානය නිකුත් කළ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාවෙන් හෙළිදරව් වී ඇත්තේ සමස්තයක් ලෙස ගෝලීය ආර්ථිකය මන්දගාමී වෙමින් පවතින වටපිටාවක් තුළ මෙම මූල්‍ය වර්ෂය තුළ දී ඉන්දියාවේ ආර්ථිකය සියයට 6.6 කින් වර්ධනය වී ඇති බවයි.

තව කියවන්​න

ශ්‍රී ලංකාව තුළ සිදුකළ හැකි නව ආයෝජන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජපානයේ ඉහළ පෙළේ ව්‍යවසායකයින් පිරිසක් පාර්ලිමේන්තු අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණා. දූත පිරිසට ජපානයේ රාජකීය පවුලේ සාමාජිකාවක් සහ තෝක්යෝ මෙට්‍රොපොලිටන් කවුන්සිලයේ හිටපු සාමාජිකාවක් වන සයිගෝ අයුමි මහත්මිය සහ දෙවන ලෝක යුද්ධයෙන් පසු සුප්‍රසිද්ධ සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ජපානයට ලබා දුන් සහයෝගය වෙනුවෙන් එතුමාට කෘතවේදීත්වය දැක්වීම සඳහා ජපානයේ ස්මාරකයක් ඉදිකරන ලද ව්‍යවසායක පවුලට අයත් කමිසකමොතෝ යූජි සහ කමිසකාමොතෝ හිසාකෝ මහත්මිය ද ඇතුළත්. ජපානය ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබඳ මෙහිදී ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා කෘෂිකර්ම, ධීවර, මෝටර් රථ උපාංග, ඖෂධ සහ සත්කාරක කර්මාන්ත වැනි නව ක්ෂේත්‍රවල…

තව කියවන්​න

අම්පාර දේවාලහිඳ ප්‍රදේශයේ අවුරුදු 13 ක දැරියක් රැගෙන පලාගිය  වයස අවුරුදු 47 ක පුද්ගලයෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පොලීසිය විසින් කරුණු දක්වා තිබෙන අතර සැකකරු දඹගල්ල ප්‍රදේශයේ පදිංචි සුමිත් ගුණවර්ධන නම් පුද්ගලයෙක්. සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071  859 11 50 හෝ 063 22 420 22  යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.

තව කියවන්​න