Author: VNews
ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, වයඹ, උතුරු – මැද සහ නැගෙනහිර යන පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ශීත සෘතුවට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ පෙරමුණ ගැනීමට රුසියාව සමත්ව ඇති බව යි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. පසුගිය පළමු වනදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 41308 ක් පැමිණ ඇති අතර ඉන් 10066 ක් රුසියානු සංචාරකයන් බවයි එම අධිකාරිය පැවසුවේ. එමෙන්ම අදාළ කාලසීමාව තුළ දෙවනුවට වැඩිම පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දීයාවෙන්. ඒ අනුව සංචාරකයන් 7021ක් එම කාලය තුළ මෙරටට පැමිණ තිබෙනවා. තෙවැනි ස්ථානය එක්සත් රාජධානියට හිමිව ඇති අතර සංචාරකයන් 3276ක් එම කාලය තුළ පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පැවසුවේ.
යාල වනෝද්‍යානයේ රාත්‍රී කාලයේ වනසතුන් දැකබලා ගැනීම සදහා විවෘත කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි වන සම්පත් හා වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යංශ ලේකම්වරියට දැනුම් දී තිබෙනවා. දැනට දෙස් විදෙස් සංචාරකයන් සඳහා යාල අභයභූමියෙන් විවෘත කර තිබෙන්නේ සමස්ත බිම් ප්‍රමාණයෙන් පහෙන් දෙකක් බවද සදහන් . ඉතිරි පහෙන් තුනක ප්‍රමාණයෙන් එක් කලාපයක් පමණක් මෙසේ නියමු ව්‍යාපෘතියක් ලෙස සකස් කිරීම සඳහා අවධානය යොමු කිරීම කෙරෙහි පියවර ගන්නැයි ඇමතිවරයා අදාළ අංශවලට දන්වා තිබෙනවා .
මැතිවරණය ලබා නොදුනහොත් ජනතාව ඒකරාශි කරගනිමින් ඒ වෙනුවෙන් පෙළ ගැසෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . ඔහු සදහන් කලේ තමා කිසි විටෙක මැතිවරණවලට බිය නොවන බවයි . දොම්පේ පැවති ආසන බල මණ්ඩල රැස්වීමට එක වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව අවධාරණය කළා . එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද අදහස් පල කළා .
අද සහ හෙට දිනවල දී විදුලිය කප්පාදු කිරීම පැය දෙකයි විනාඩි 20 දක්වා වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා . ඒ අනුව දිවා කාලයේ දී පැයක් ද රාත්‍රී කාලයේ දී පැයක් සහ විනාඩි 20 ක් ද ලෙස විදුලිය කපා හැරීමට නියමිතයි . මෙතෙක් දිනකට කපා හැරීම සිදු කරනු ලැබූවේ පැය දෙකක් පමනයි. මේ අතර විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිලට දුන් සහනය මේ වන විට ක්‍රියාත්මක වන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අදපැවසුවා. එය ආගමික ස්ථානවලට පොදුවේ ලැබෙන සහනයක් බවත් ඔහු ප්‍රකාශ කළා. කිසිඳු ආගමික ස්ථානයක් නම් කර සහන ලබාදෙන්නේ යැයි තමන් ප්‍රකාශ කර නොමැති…
අද සහ හෙට දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. දෙසැම්බර් 01 වැනිදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළෙඳපොළට මුදාහරින බව ද එම සමාගම සදහන් කළා . මේ අතර ඊයේ දිනයේ කර්මාන්ත ශාලා, ප්‍රධාන හෝටල් සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කල බව ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කළා . එමෙන්ම ගෑස් මෙට්‍රික් ටොන් 4,000ක තොගයක් රැගත් නෞකාවක් දෙසැම්බර් 30 වැනිදා දිවයිනට ළඟාවීමට නියමිතයි. ඒ අනුව උත්සව සමයට සරිලන පිරිදි ගෑස් ඇණවුම් කර ඇති බවද ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් අවධාරණය කලා.
2021 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල සහතික අද සිට ලබා ගත හැකි බව විභාග කොමසරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසනවා. විභාග කොමසාරිස්වරයා පැවසුවේ, ඒ සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පහසුකම් සලසා ඇති බවයි . මේ අතර පසුගියදා 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරුණා. එම ප්‍රතිඵල විශ්ලේෂණයේ දී, මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් 311,321 දෙනා අතරින් 231,982 ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන ප්‍රකාශ කලේ. ඔහු කියා සිටියේ ඒ සාමාර්ථ 9 ලබා ගත් සිසුන් 10,863ක් ඒ අතර සිටින බවයි.
කිරිපිටි කිලෝග්‍රෑම් ලක්ෂ 4ක් නිදහස් කර ගත නොහැකිව වරායේ සිරවී ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වාර්ථාවක් කැඳවා තිබෙනවා. අද වනවිට එම වාර්තාව ලබාදෙන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබෙන්නේ. කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය මහතා කියා සිටියේ වරායේ ගොඩගැසී ඇති කිරිපිටිවලින් කිලෝග්‍රෑම් ලක්ෂයක් මේ වනවිට නරක් වී ඇති බවයි. ජූලි මාසයේ සිට වරායේ සිරවී ඇති මෙම කිරිපිටි තොගය සත්ව ආහාර සදහා නිකුත් කිරීමේ සූදානමක් පවතින බවද ඔහු පසුගියදා හෙළිකළා. මෙම තොගය තුළින් දරුවන් ලක්ෂ 16 කට කිරිපිටි ලබාදිය හැකි බවටයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරන්නේ. මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම…
මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුන් 231,982ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. A සාමාර්ථ 9 ලබා ගත් සිසුන් 10,863ක් ද ඊට අයත්. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ අපේක්ෂකයින් 498 දෙනෙකුගේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
ශ්‍රී ලංකාවට – ලොවට දායක කළ හැකි උත්තම දේ සම්බුද්ධ ශාසනයේ පැවැත්ම තහවුරු කිරිම බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළා. අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විහාරස්ථාන දහ හතරක් පුජා භූමි ලෙස ප්‍රකාශයට පත්කරමින් ඊට අදාල සන්නස්පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්. රත්නපුර කූරගල රජමහා විහාරය, කුරුණෑගල නිකසලා නුවර රජමහා විහාරය, මැද්දේපොල රජමහා විහාරය, බිංගිරිය දේවගිරි රජමහා විහාරය, කොටහේන පරමානන්ද පුරාණ විහාරය, කෑගල්ල මාම්පිට ගල්ලෙන් රජමහ විහාරය, අම්පාර මගුල් මහා විහාරය, පියංගල රජමහා විහාරය, මාතර කොළවෙනිගම රජමහා විහාරය, ත්‍රිකුණාමලය ඇතානැගි කන්ද පුරාණ රජමහා විහාරය, බඹරගල ආරණ්‍ය සේනාසනය, සංඛමලේ රජමහා විහාරය, ත්‍රිකුණාමලය ආසිරිකන්ද රජමහා විහාරය, ත්‍රිකුණාමලය නාගලෙන රජමහා විහාරය – පූජාභූමි ලෙස…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222