Author: VNews
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් අද(28) විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඒ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක, පිතිකරු චරිත් අසලංක සහ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතයි. මොවුන්ගේ විවාහ ගිවිසු ගැනීම් සඳහා ක්‍රිකට් තරු රැසක්ම එක්ව සිට තිබෙනවා. පැතුම් නිශ්ශංකගේ අත ගත් මනාලිය වන්නේ එෂානියි. චමත්ති, ආරම්භක පන්දු යවන ක්‍රීඩක කසුන්ගේ අත ගත් මනාලිය වනවා. චරිත් අසලංකගේ අතගත් මනාලිය වන්නේ කාවින්දිකා යි. අද දින විවාහ ගිවිසගත් පැතුම්, කසුන් සහ චරිත් ක්‍රිකට් තරුවලට වී නිව්ස් අපද සුබ පැතුම් එක් කරන්නෙමු. පැතුම් නිශ්ශංකගේ සහ චරිත් අසලංකගේ විවාහ උත්සවයන්හි ඡායාරූප අන්තර්ජාලයෙනි. කසුන් රාජතගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප Dark Room
මහව සිට යාපනය දක්වා ධාවනය වන දුම්රිය මාස 5 ක කාලයක් දක්වා අත්හිටුවීමට සිදුවන බව මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව ජනවාරි මස 15 වනදා සිට එලෙස දුම්රිය අත්හිටුවනු ඇති බව සඳහන්. මහව සිට යාපනය දක්වා ගමන් කරන මාර්ගයේ ඇති අබලන් වීම පදනම් කරගනිමින් එහි නඩත්තු කටයුතු හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ.
රිය ධාවනය කිරීමේ දී රියදුරු අතින් සිදුවන වැරදි සඳහා ලකුණු අඩු කිරීම මෙන්ම ඊට අදාළ දඬුවම් පැනවීමේ ක්‍රමවේදය ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ඔහු කියා සිටියේ එලෙස මාර්ගයේ රිය ධාවනය කිරීමේ දී වැරදි සිදු කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය ලකුණු 24 කට යටත්ව ලකුණු කැපීම සහ දඬුවම් පැනවීම සිදු කරන බවයි. කිසියම් රියදුරෙකු ලකුණු 24 සීමාවට ළගාවූ පසු ඔහුගේ හෝ ඇයගේ රියදුරු බලපත්‍රය අහෝසි කරන බවත් යළි ලිඛිත විභාගයෙන් සහ පුහුණු වීම් මඟින් යළි රියදුරු බලපත්‍රය සඳහා අයදුම් කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. නව ක්‍රමය යටතේ පොලීසියට සහ සියලුම මහේස්ත්‍රාත් මෙන්ම දිසා…
මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට කොස්ටාරිකා රාජ්‍ය ඊයේ සමත් වුණා. ඒ, ජපානය පරදවමින්. ඊ කාණ්ඩය යටතේ ජපානය සහ කොස්ටාරිකා රාජ්‍ය අතර එම තරගය පැවැත්වුණේ අහමඩ් බින් අලී ක්‍රීඩාංගනයේ දීයි. එමෙන්ම මේ වන විට ස්පාඤ්ඤය සහ ජර්මනිය අතර ඊ කාණ්ඩය යටතේ තරගාවලිය පැවැත්වෙන අතර ස්පාඤ්ඤය සහ ජර්මනිය ගෝල 1 ට 1 ක් වශයෙන් ලබාගෙන තිබෙනවා. මේ අතර අද දිනයේ දී ද ජී කාණ්ඩයේ සහ එච් කාණ්ඩය යටතේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ජි කාණ්ඩය යටතේ කැමරොන් සහ සර්බියාව අතරත් එච් කණ්ඩාය යටතේ දකුණු කොරියාව සහ ඝානාව අතරත් තරග පැවැත්වෙනු ඇති බවටයි ෆිෆා වර්ල්ඩ් කප් කටාර් 2022 අනුපිළිවෙලහි…
දැඩි කොරෝනා රෙගුලාසිවලට එරෙහිව චීනයේ ක්‍රියාත්මක විරෝධතා උත්සන්න වී තිබෙනවා. දෙවන දිනටත් එම විරෝධතා පැවැත්වුණේ ෂැන්හයි නුවර කේන්ද්‍ර කරගනිමින්. විදෙස් මාධ්‍ය පවසන්නේ දහස් සංඛ්‍යාත පිරිස් වීදි බැස නව කොරෝනා රෙගුලාසි ඉවත් කරන්නැයි ඉල්ලමින් එලෙස විරෝධතාවයේ නිරත වන බවයි. බොහෝ පිරිස් හිස් කඩදාසි රැගෙන සටන්පාඨ කියමින් කියා සිටියේ ජනාධිපති ෂී ජින්ග් පින්ග් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටයි. කොරෝනා ආසාදිතයින් යළිත් වාර්තා ගත ලෙස ඉහළ යාම හේතුවෙන් චීන රජය රෙගුලාසි දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. පැය 24 ක් තුළ එරටින් නව ආසාදිතයින් 3700 ක් හඳුනාගෙන ඇති බව ද සඳහන්. ඒ අනුව චීනයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන්ලක්ෂ හත්දහස් අටසිය දෙකක් දක්වා ඉහළ…
ජංගම දුරකතන සහ ඩේටා ගාස්තු සඳහා යම්කිසි සහනයක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේ දී අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රිවරයා කියා සිටියේ දුරකතන සහ ඩේටා ගාස්තු ඉහළ යාම තුළින් ජනතාවට විශාල බලපෑමක් එල්ල වී ඇති බවයි. බොහෝ පිරිස් ගීත ඇසීම්, සමාජ මාධ්‍ය පරිහරණය කිරීම් මෙන්ම අධ්‍යාපනය ලබා ගන්නේ ද ජංගම දුරකතනවලින් සහ ඩේටා භාවිතයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා අවධාරණය කළා. ජංගම දුරකතන ගාස්තු සහ ඩේටා ගාස්තු මේ වන විට විශාල වශයෙන් ඉහළ යාම පාරිභෝගිකයින් හට දරා ගත නොහැකි බවටයි ගයන්ත කරුණාතිලක මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත කියා…
මහා සංඝ රත්නයට අපහාස කරන පිරිස් වසල සූත්‍රය ශ්‍රවනය යුතු බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා. පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිවුරු ඇඳගත් බට්ටෝ ලෙස මහා සංඝරත්නයට අවමන් කිරීම කණගාටුදායක බවටයි විපක්ෂනායකවරයා කියා සිටියේ. මේ ඒ සඳහා පිළිතුරු ලබාදුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා.
මෙම වසරේ පළමු කාර්තුව තුළ වන සත්ත්ව හානි හේතුවෙන් පොල් ගෙඩි මිලියන 93 ක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. එමෙන්ම ආහාර බෝග 28 ක නිෂ්පාදන මෙට්්‍රක් ටොන් එක්ලක්ෂ 44 දහස් 989 ක් ද විනාශ වී ඇති බවටයි හෙක්ටර්කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සකස් කර ඇති පර්යේෂණයකින් හෙළිව ඇත්තේ. මෙලෙස විනාශ වී ඇති ආහාර බෝග නිෂ්පාදන ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 30 දහස් 215 ක් බව ද සඳහන්. මේ අනුව වගාවන්ට සිදු වන හානි සහ අලි මිනිස් ගැටුම් වළක්වා ගැනීමට ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග අධ්‍යයනය සඳහා කමිටුවක් පත් කිරීමට ද වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පියවර ගෙන…
කැසිනෝ බලපත්‍ර ලබාදීමේ දී ඒ සඳහා කැසිනෝ නියාමන අධිකාරියක් තිබිය යුතු බව සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ලෝකයේ බොහෝ රටවල කැසිනෝ නියාමන අධිකාරියක් මඟින් ඒ සඳහා නිසි පාලනයක් සිදුවනු ඇති බවටයි ඒ මහතා කියාසිටියේ. කැසිනෝ නියාමන ක්‍රමවේදයක් නොමැතිව ඒ සඳහා බලපත්‍ර ලබාදීම නිවැරදි නොවන බවටයි පාර්ලිමේන්තුවේ දී අය වැය විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදු කළේ. මේ ඒ සඳහා පිළිතුරු ලබා දුන් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා.
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 9.30 සිට පැය 12 ක කාලයක් කලුතර ඇතුලු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ ඇතුලු ප්‍රදේශවලට ජල සැපයුම එලෙස අත්හිටුවනු ඇති බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222