Author: VNews
වික්ටෝරියා ජලාශයට පැන තරුණියක සිය දිවි හානි කරගෙන තිබෙනවා. මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ තෙල්දෙණිය රංගල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවූ තරුණියක්. ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කරගෙන තරුණිය සියදිවි හානි කරගන්නට ඇති බවට පොලීසිය සැක පල කර තිබෙනවා. අතුරුදන් වූ තරුණියගේ සිරුර සොයා මේ වන විට නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුමක් ද ආරම්භ කර ඇති බව සඳහන්.
ජපන් ජාතිකයෙකුට අයත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 06 ක මුදලක් ලබා ගෙන ඒ සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා සිටි ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා. ඒ, අදාළ නඩුව මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ කැදවූ අවස්ථාවේදීයි. එම නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකාර ජපන් ජාතික ජොසුස්කි හයාෂි නමැත්තා පසුගිය වසර 07 ක කාලසීමාව තුළ අධිකරණයට පැමිණ සාක්ෂි ලබා නොදීම හේතුවෙන් එම නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඩිලන්ත මාලගමුව මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ඩිලන්ත මාලගමුව ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදහස් කරන ලෙස නියෝග කර…
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩ තහනමකට ලක්වූ කුෂාන් නැමැත්තාට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. සංචාරක වීසා මඟින් මෙරට කාන්තාවන් ඕමානයට රැගෙන ගොස් අතරමංව සිටිය දී ලිංගික හිරිහැර කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වනවා. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝග ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටා ඇති ජාත්‍යන්තර පොලිස් ශාඛාව අවශ්‍ය ලිපිලේඛන මේ වන විටත් ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයට යොමු කර ඇති බව සඳහන්. කුෂාන් නැමැත්තාට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදනයක් ලබාගැනීමට පියවර ගෙන ඇත්තේ ඔහු ඕමානයේ සිට වෙනත් රටකට පලායාමේ වැඩි ඉඩක් ඇති බවට මතුව ඇති සැකය හේතුවෙන් බව අපරාධ පරීක්ෂණ…
මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුව පාර්ශවයෙන් මන්ත්‍රිවරු 25 ක් පමණක් පාර්ලිමේන්තුවට පැමිණෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. සමීක්ෂණ අනුව ආණ්ඩුවට ප්‍රසාදය තිබෙන්නේ 3 % ක් පමණක් බවද මන්ත්‍රිවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළා. මේ අතර පාලකයින් මහා සංඝරත්නයට අපහාස වන ලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළා. එමෙන්ම විපක්ෂනායකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර සිටි අයෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය අද පෙරවරුවේ සිදු කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රය භාවිත කර ඇත්තේ ඊට අදාළ සම්මතයන්ට යටත්ව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ගුවන් තොටුපොල ප්‍රභූ පර්යන්තය භාවිත කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 400 ක් ගෙවා තිබෙන බවයි එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. එමෙන්ම සියලු පහසුකම් සාමාන්‍ය ක්‍රියා පටිපාටියට අනුව ලබාගෙන ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ එම නිවේදනයේ සඳහන්. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අදහස් පළ කළා.
රට පුරා ගෑස් හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව ලිට්රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ දෙසැම්බර් පළමු වනදා සිට අත්‍යාවශ්‍ය සේවා ඇතුලු සියලු සේවාවලට ගෑස් කිසිඳු හිඟයකින් තොරව නිකුත් කරන බවයි. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා.
ප්‍රමාණවත් තරම් ගල් අඟුරු ලබන වසරේ අප්‍රේල් මාසයට පෙර නොලැබුණහොත් දීර්ඝ විදුලි කප්පාදුවක් සිදුවන බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අඟවනවා. එය මෙතෙක් ඉතිහාසයේ සිදුවන දීර්ඝතම විදුලි කප්පාදුව බවයි එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා සඳහන් කළේ. මේ වන විට ගල් අඟුරු මෙට්්‍රක් ටොන් 68,000 ක් රැගත් නෞකා 38 ක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වුවත් රටට ලැබී ඇත්තේ නෞකා 4 ක් පමණක් බවයි ඔහු සඳහන් කළේ. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිහාල් වීරරත්න මහතා මේ බව අවධාරණය කළා.
වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මැණික් ගඟේ ජලපෝෂක ප්‍රදේශවලට ඇඳහැලෙන වර්ෂාව හේතුවෙන් මෙලෙස වාන් දොරටු විවෘත කර ඇති බව සඳහන්. මේ හේතුවෙන් මැණික් ගඟ පරිහරණය කිරීමේ දී සැළකිලිමත් වන ලෙස කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර සිටි අයෙකු අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා. මට්ටක්කුලිය ප්‍රදේශයේ දී අද උදෑසන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවද පොලීසිය…
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද(28) අවසර ලබා දුන්නා. මෙහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අල්ස්, ආගමන විගමන පාලකවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා, නීතිපතිවරයා ඇතුලු 15 දෙනෙකු නම් කර තිබෙනවා. විනිසුරු මඩුල්ල අද(28) නියෝග කළේ පෙත්සම් විභාගය ලබන මස 12 වනදා ආරම්භ කිරීමටයි. එදින ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ සියලු ලේඛන වහාම ඉදිරිපත් කරන්නැයි ද ආගමන විගමන පාලකවරයාට නියෝග කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222