Author: VNews

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායි හි පිහිටි මවුනා ලෝවා ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා. ගිනිකන්ද පිහිටි ප්‍රදේශය අවට සිටින ජනතාවට මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වසර 40 කට පමණ පසු මෙම ගිනිකන්ද සක්‍රිය වී ඇති බව සඳහන්. මේ අනුව ගිනිකන්දේ තත්ත්වය දැඩි අවදානම් තත්ත්වය දක්වා ඉහළ දමා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තව කියවන්​න

අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුළු වී කලහකාරි ලෙස හැසිරුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පැවසුවේ පසුගිය ජූලි මස 9 වැනිදා අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුළු වී දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. සැකකරු බොරලස්ගමුව තල්ගස් වස්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු වන අතර සැකකාරිය වයස අවුරුදු 34 වන වත්තල හේකිත්ත පදිංචිකාරියක්.

තව කියවන්​න

ගාලු මුවදොර පිටියේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමුව ඇති බවයි. මෙලෙස මියගොස් ඇති පුද්ගලයා කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක් පමණ වන පිරිමි පුද්ගලයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ. මියගොස් ඇති පුද්ගලයා දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබාගත් තැනැත්තෙක් බවත් ඔහු කොළඹ ජාතික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා පසුගිය 27 වනදා නිවසට පැමිණි ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී අත්තේ. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා ඊයේ(28) උදෑසන නිවසින් පිටව ගොස් ඇති බවද අනාවරණ වී තිබෙනවා. මියගිය පුද්ගලයාගේ මෘතදේහය පවුලේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිසිය වැඩිදුරටත් කියා…

තව කියවන්​න

පැය 12ක ජල කප්පාදුවක් කළුතර ඇතුළු ප්‍රදේශ රැසකට අද දිනයේදී සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව පෙරවරු 08.30 සිට රාත්‍රී 08.30 දක්වා කාලය තුළ එම ජල සැපයුම අත්හිටුවන බව යි එම මණ්ඩලය සඳහන් කළේ. මෙහිදී කළුතර උතුර, කළුතර දකුණ, වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කටුකුරුන්ද, නාගොඩ, බෝම්බුවල සහ පිලමිනාවත්ත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

තව කියවන්​න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම්වරයා ලෙස කටයුතු කළ ඊ. කුෂාන් නැමැති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා ඕමානයේ සිට අද අලුයම 3.57ට කටුනායක ගුවන්තොපොළ වෙත පැමිණි බව සඳහන්. අදාළ පුද්ගලයාට එරෙහිව සංචාරක වීසා මත ඕමානයේ රැකියා සඳහා පිටත්ව ගොස් සිටි කාන්තාවන්ට ලිංගික  හිරිහැර කිරීම, මිනිස් ජාවාරම් කිරීම ඇතුළු දූෂණ චෝදනා රැසක් එල්ල වී තිබුණා. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේදී විවෘත වරෙන්තුවක් ද ලබාගෙන තිබූ බව යි වාර්තා වන්නේ .

තව කියවන්​න

ලෝක වෙළදපොළේ බොර තෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඩබ්ලිව්.ටි.අයි බොරතෙල් බැරලයක මිල ඊයේ පස්වරුව වන විට සටහන්ව තිබුණේ ඩොලර් 74 යි දශම 2 යි 2 ක් ලෙසයි. එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2 යි දශම 1 යි 7 ක පහළ යාමක් වන අතර එය මෙම වසර තුළ බොරතෙල් බැරලයක් සදහා වාර්තා වූ අවම මිල වනවා. බ්‍රෙන්ට් බොරතෙල් බැරයක මිල ඊයේ පස්වරුව වන විට වාර්තා වුණේ ඩොලර් 81 යි දශම 2 යි 2 ක් ලෙසයි. එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2 යි දශම 4 යි එකකින් පහළ ගොස් තිබෙනවා.

තව කියවන්​න

සියලුම නිකායන්ගේ එකගතාව මත තේරවාදී භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතකට අදාළව නව කෙටුම්පතක් සැකසීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මේ අනුව සියලුම නිකායන් ඉදිරිපත් කළ යෝජනා පදනම් කර ගනිමින් වර්තමානයට ගැලපෙන පරිදි 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කෙරෙනු ඇති. එමෙන්ම නව කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියා.

තව කියවන්​න

මෙරට පවතින සියලු දේශපාලන පක්ෂ ඉදිරි මැතිවරණ වෙනුවෙන් සුදානම් වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් වර්තමානයේ රට ගොඩ නැගීම සඳහා කටයුතු කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි විදේශීය ආයෝජකයින් මෙරට පැවති අරගල හේතුවෙන් ආයෝජනය කිරීම සඳහා නොපැමිණි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. කෙසේ වෙතත් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කල ප්‍රකාශයන් හමුවේ එලෙස අහිමි වූ ආයෝජකයින් යළි ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කිරීමට සුදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

තව කියවන්​න

2023 වර්ෂයේ සිට ඉදිරියට අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා සියයට අසූවක පාසල් පැමිණීම අනිවාර්ය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අධ්‍යාපන ලේකම්වරයා විසින් පසුගිය අගෝස්තු මස 12 වනදා නිකුත් කළ ලිපිය මගින් 2022 අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා පමණක් සියයට 80 ක පැමිණීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය නොවන බව දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් එම ලිපියේ සදහන් කරුණු මින් ඉදිරියට පැවැත්වෙන උසස් පෙළ විභාගය සදහා අදාළ නොවනු ඇති.

තව කියවන්​න