Author: VNews

ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද පැවැත්වෙයි. උදෑසන 7 ට ආරම්භ වන ඡන්ද විමසීම අවසන් වන්නේ, පස්වරු 4 ටයි. මධ්‍යස්ථාන, 13,421 කදී ඡන්ද විමසීම පැවැත්වෙයි. ඒ සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව, එක් කෝටි 71 ලක්ෂ 40,354 කි. ඉන්, වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සිටින්නේ, ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කයේ ය. එම සංඛ්‍යාව, 18 ලක්ෂ 81,129 කි. මන්නාරම, මෙවර අඩුම ඡන්දදායකයින් සහිත දිස්ත්‍රික්කයයි. එම දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 91 607 ක්, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටී. මෙරට පාර්ලිමේන්තුව, සභික ධුර 225 කින් සමන්විතයි.

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සදහා මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණෙන බවයි වාර්තා වන්නේ. මෙම තෙවන සමාලෝචනයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මීළග ණය වාරිකය ලබාදීමට නියමිතයි.

තව කියවන්​න

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම වන්කාලේ ප්‍රදේශයේ අද දින (2024 නොවැම්බර් 09) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකර අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් පන්සිය අසූ පහක (585) පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, අද දින (2024 නොවැම්බර් 09) අළුයම් කාලයේ උතුරු මැද නාවික විධානයට  අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පුස්සදේව ආයතනය, මන්නාරම වන්කාලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි…

තව කියවන්​න

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ල කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් එක් කෝටි දහ හත් ලක්ෂ තිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගත් ව්‍යාපාරික මවක සහ දියණියක 11රැ09 දින රාත්‍රී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචි මොවුන් දෙදෙනා අතරින් මව 61 හැවිරිදිය ග ඇයගේ දියණිය 38 හැවිරිදිය මොවුන් දෙදෙනා 11රැ09 දින පස්වරු 05ග00 ට පමණ ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්ගඉසෙඩ්ග- 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ , ප්ලැටිනම්.. වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 78ල200 ක්…

තව කියවන්​න

විවෘත වෙළඳපල ක්‍රමය යටතේ සල්ලි අච්චු ගැසීම අනාවරණය වීමෙන් පසුව, පසුගිය දින කිහිපය තුල බැංකු පද්ධතියට මුදල් කාන්දු කිරීම සැලකිය යුතු මට්ටමකින් අඩු කර ඇති නමුත්, මහ බැංකුව මුදල් අච්චු ගැසීම අඛණ්ඩව සිදු කරමින් සිටී. නොවැ. 08 දින රු. බිලියන 10 ක් ද, නොවැ. 07 දින රු. බි. 15 ක් ද, නොවැ. 06 දින රු. බි. 20 ක් ද මහ බැංකුව විසින් පද්ධතියට පොම්ප කර ඇත.  මෙය ඔක්. 15 න් පසුව දිනකට පොම්ප කරන ලද අඩුම මුදල් ප්‍රමාණයයි. ඔක්තෝබර් 29, 30 දිනවල අන්තර් බැංකු හුවමාරුවෙන් පසුව මහ බැංකුව වෙත ලැබුණු ප්‍රමාණය රු. බිලියන 200 ඉක්මවා ගිය අතර, මේ වන විට එය…

තව කියවන්​න

රෝද පුටුවක ගමන් කරමින්  කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කළ ගුවන් වයෝවෘද්ධ  මගියෙකු , රුපියල් කෝටි හතරක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග 11/09 දින රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු කොළඹ – 10 , මරදාන ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි . ඔහු 11/09 දින රාත්‍රී 10.25 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට , එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔහු රෝද පුටුවක වාඩිවී , ශ්‍රී ලන්කන් සහායක නිලධාරිවරයෙකු විසින්…

තව කියවන්​න

මහ මැතිවරණයේ නිහඬ කාලය ලබන සඳුදා මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ වනවා. නිහඬ කාලය ආරම්භ වීමෙන් පසුව කිසිදු ප්‍රචාරක කටයුත්තක් කළ නොහැකි බවත් එම කාලයේදී ප්‍රචාරක කටයුතු කරන සියලු අපේක්ෂකයන් සහ ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට උපදෙස් දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

තව කියවන්​න

මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ නිලධාරීන් 90,000ක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා. මෙම පිරිසට සෘජුව හා වක්‍ර වශයෙන් යොදවන නිලධාරීන් රැසක් අයත් වනවා.

තව කියවන්​න

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. එහි පළමු තරය අද රාත්‍රි 07.00 දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

තව කියවන්​න

පවතින වැසි තත්ත්වයත් සමග දැදුරු, මහ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් අවදානම් තත්ත්වයට ළගා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, මේ සම්බන්ධයෙන් එම ඔයවල් ආශ්‍රිත පහත් බිම්වල ජනතාව වඩාත් අවදානයෙන් සිටිය යුතු බවයි. මේ අතර, බදුල්ල, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සදහා නායයෑම් අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

තව කියවන්​න