- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: VNews
අමෙරිකාවේ නාසා ආයතනය විසින් අභ්‍යවකාශ ගත කළ ඔරියන් නැමති කැප්සුලය වාර්තාගත දුරක් ගමන් කර තිබෙනවා. එහි පළමු අත්හදා බැලීමේ දී මෙවැනි වාර්තාවක් පිහිටුවීම විශේෂ කරුණක් ලෙසයි විදෙස් වාර්තා පවසන්නේ. එය පෘථිවියෙන් ඔබ්බට කිලෝමීටර 43,000 ක් ගමන් කර තිබෙනවා. මිනිසුන් ප්‍රවාහනය සඳහා නිපද වූ අභ්‍යවකාශ යානයක් මෙතරම් දුරක් ගමන් කළ පළමු අවස්ථාව මෙය වනවා. කෙසේ වෙතත් මෙම ගමනේදී කැප්සුලයේ කිසිවෙකු ගමන් කළේ නැහැ. මෙය කිසිඳු අනතුරකින් තොරව ගමන අවසන් කළහොත් ඉදිරි වසර දෙක තුළ ගඟන ගාමීන් ද රැගෙන අභ්‍යවකාශ ගත කිරීමටයි සැළසුම් කර ඇත්තේ. වසර 50 කට පමණ පසු මිනිසුන් යළි සඳ වෙත රැගෙන යාමේ ව්‍යාපෘතියේ එක් කොටසක් ලෙසයි මෙම ඔරියන්…
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය මැයි 9 වනදා සාමකාමී අරගලයට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව සඳහන්. අරගලයට සහාය දැක් වූ නීතීඥවරයෙකු වන රාමලිංගම් රංජන් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ පොලිස්පතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව සඳහන්.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට පත්කරන ලද කමිටුව විසින් ලබාදුන් යෝජනාවලියට ඊයේ කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව විදුලිබල ප්‍රතිව්‍යුහගත පනත මාසයක් ඇතුළත සකස් කිරීමට පියවර ගන්නා බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. එම ක්‍රියාවලිය අද සිට ආරම්භ කරන බවත් අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වනවා.
ආදායම් බදු කොපමණ ඉහළ දැමුණ ද රජය බරපතල මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් මෙන්ම ගත් රාජ්‍ය ණය සඳහා පොලී ගෙවීම අපහසු බවයි ඔහු පැවසුවේ. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව අවධාරණය කළා.
වත්මන් ආණ්ඩුව විසින් නිර්මාණය කර ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි දැවැන්ත කඩා වැටීමක් සිදුව ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි ලක්ෂ 11 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. 2023 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළා. ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා. මේ අතර මහනුවර පිළිකා රෝහලේ කටයුතු අක්‍රිය වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අද පාර්ලිමේන්තුවේ දී විමසීමක් කළා.
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඊ. කුෂාන් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අලුයම අත්අඩංගුවට ගනු ලැබුනා. ඒ, ඔහු අද අලුයම ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදීයි. ඊ. කුෂාන් නැමැත්තාට ඕමානයේ ගෘහසේවය සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික අතවර කිරීම, ඒ සඳහා බලපෑම් කිරීම, මිනිස්ජාවාරම් කිරීම, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අලෙවි කිරීම ඇතුලු චෝදනා එල්ල වනවා. සැකකරුගෙන් කටුනායක ගුවන් තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර ඕමානයේ දී විවිධ හිංසනයන්ට ලක් වූ කාන්තාවන් කිහිපදෙනෙකු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
මහවැව මට්ටකොටුව ප්‍රදේශයේ ධීවරයින් මේ වන විට මුහුද මධ්‍යයේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. වෙනත් ප්‍රදේශවල ධීවරයින් තම මුහුදු සීමාවට ඇතුලුවී ධීවර කටයුතුවල නිරත වන බව පවසමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වනවා. මෙලෙස පැමිණෙන ධීවරයින් තහනම් පන්නක්‍රම උපයෝගි කරගනිමින් ධීවර කටයුතුවල නිරත වන බවයි වාර්තා වන්නේ.
දෙවිනුවර සිංහාසන පාරේ පිහිටි ආපනශාලාවක් ඉදිරියේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය පිළිබඳ ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
ලෝකයේ ඇති සුඛෝපභෝගි මගී නෞකාවක් වන මේන් ෂිෆ් ෆයිව් නෞකාව අද අලුයම කොළඹ වරායට සේන්දු වුණා. මගීන් 2014 ක් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 922 ක් රැගෙන එම නෞකාව දිවයිනට පැමිණි බවයි වරාය අධිකාරියේ හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහතා සඳහන් කළේ. 2016 වසරේ නිපදවා ඇති මෙම නෞකාව දිගින් මීටර් 295 ක් වන මෙම නෞකාවේ මගීන් 2500 කට පහසුකම් සළසා තිබෙනවා. එම නෞකාව අද රාත්‍රියේ කොළඹ වරායෙන් පිටත්ව ගොස් හම්බන්තොට වරාය වෙත යාත්‍රා කරනු ඇති. එය හෙට රාත්‍රි 9 ට දිවයිනෙන් පිටත්ව යන බවයි වරාය අධිකාරියේ හාබර් මාස්ටර්වරයා පැවසුවේ. මෙම වසර අවසානයට පෙර මෙවැනි අති සුඛෝපභෝගි මගී නෞකා 4 ක් දිවයිනට සේන්දු…
මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ 9 ලබාගත් සිසුවෙකුට භූමිතෙල් දමා ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි එම සිසුවා ප්‍රතිපල නිකුත් වීමෙන් අනතුරුව ඥාති නිවසකට ගොස් යළි පැමිණෙමින් සිටියදී තවත් පුද්ගලයෙකු සමඟ බහින්බස්වීමක් සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. එහිදී අදාළ පුද්ගලයා විසින් සිසුවාට භූමිතෙල් දමා ගිනි තැබීම සිදුකර තිබෙනවා. ගින්නෙන් සිසුවාගේ ශරීරයේ හිසට පහළින් කොටස් පිළිස්සීමට ලක්ව මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර සිසුවාගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. සිද්ධියට සම්බන්ධ සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු සහ කොල්ලකෑම් චෝදනා එල්ල වූ අයෙකු බව පොලීසිය ප්‍රකාශ කළා. සැකකරු අත්අඩංගුවට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222