Author: VNews

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ් සාමාර්ථ 09 ක් ලබාගෙන සමත්වූ මහනුවර අම්පිටිය ප්‍රදේශයේ 17 හැවිරිදි සිසුවාට ගිනිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සිසුවා පසුගිය සෙනෙසුරාදා විභාග ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු තමන් ලැබූ විශිෂ්ඨ ප්‍රතිඵලය සිය මිත්තණියට දැනුම්දීම සඳහා පියා සමඟ මිත්තණියගේ නිවසට ගොස් ආපසු එමින් සිටියදීයි එම සිද්ධියට මුහුණපා ඇත්තේ එහිදී සිද්ධියට සම්බන්ධ සැකකරු විසින් මුදල් ඉල්ලා ආපසු නිවස බලා එමින් සිටි එම සිසුවාගේ පියාට පහරදීමට උත්සහ දරා ඇති බවයි අනාවරණවී ඇත්තේ. සැකකරු සතුව එම අවස්ථාවේදී හුළු අත්තක් සහ ලාම්පුවක් තිබූ බවද අනාවරණ වී තිබෙනවා. එම අවස්ථාවේදී පියාට පහරදීම වැළැක්වීමට අදාළ සිසුවා උත්සහ දරා ඇති අතර…

තව කියවන්​න

මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර හතලිස් දහසක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබෙනවා . පොලීසිය සැකකරන්නේ ඒවා කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සූදානම් කර තිබෙන්නට ඇති බවයි . සිද්ධිය සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසුවා . මෙම මත්ද්‍රව්‍ය තොගය පානදුර පෞද්ගලික පාසලක් ඉදිරිපිට ඇති වෙළෙඳසැළක අලෙවියට තබා තිබීයදි හමුවී තිබෙනවා . නගරාසන්න පාසල්වල සිසුන්ගේ මව්පියන්ගෙන් ලද පැමිණිල්ලකට අනුවයි පානදුර උතුර පොලීසිය විසින් මෙම වැටලීම සිදුකර ඇත්තේ .

තව කියවන්​න

විදුලි කප්පාදුව අද දිනයේදී පැය දෙකයි විනාඩි 20 ක කාලයක් සිදු කිරීමට නියමිත වනවා . අදාළ විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය ලබා දුන් බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ පස්වරුවේ පැවසුවේ ඒ අනුව ඒ’ සිට ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් විදුලි කප්පාදු කරනු ඇති . රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවයි ජනක රත්නායක මහතා වැඩි දුරටත් සදහන් කලේ .

තව කියවන්​න

ඇමෙරිකානු ඩොලර් 10 000 ක අගයකට සමාන ඉන්දීය රුපියල් ප්‍රමාණයක් භෞතික වශයෙන් ළඟ තබා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය රජය විසින් අවසර දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා . එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ ඉන්දියානු රුපියල් මුදල් ඒකකය ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ඒකකයක් වශයෙන් නම් කරන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ඉන්දීය මධ්‍යම රජය මෙම තීරණය ගෙන ඇති බවයි . ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඇති වී තිබෙන ඩොලර් හිඟය මග හරවා ගැනීමට අවශ්‍ය ද්‍රවශීලි සහාය මෙම තීරණය මගින් ලැබෙනු ඇති බවද වාර්තා වනවා . ආසියාතික රටවල ඉන්දීය රුපියල ප්‍රසිද්ධ කරමින් ඩොලරය මත යැපීම අඩු කිරීම සඳහා ඉන්දීය මධ්‍යම රජය දරන…

තව කියවන්​න

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණ හෙට දිනයේ සිට පැවත් වීමට තීරණය කර තිබෙනවා . අදාළ සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටෙි පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ . ආරම්භ කරන බව එජාප මහලේකම් මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ ලබන වසර වෙනුවෙන් ආසන සංවිධායකවරුන් පත් කිරීම සදහා බව එම පක්ෂයේ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවා . මෙම ආසන සංවිධායක ධූර වෙනුවෙන් ඉල්ලුම්පත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බැවින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් සුදුසු සංවිධායකවරුන් තෝරා පත් කර…

තව කියවන්​න

මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කර තිබෙනවා . මෙම පත් කිරීම සිදු කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. කැඩෙට් නිලධාරියෙකු ලෙස 1986 වසරේදී යුධ හමුදාවට එක්ව ඇති මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතා වසර 35 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති කීර්තිමත් නිලධාරියෙක් වනවා . යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ මීට පෙර කටයුතු කළ මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු මහතා සේවයෙන් විශ්‍රාම යාම හේතුවෙනුයි මෙම පත්වීම කර සිදුකර ඇත්තේ .

තව කියවන්​න

අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමකට අදාළව සැකකරුවන් 8 දෙනෙකු මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික බැංකුවක ගිණුම් දෙකකට අන්තර්ජාල බැංකු ගනුදෙනු පහසුකම් යටතේ අනවසරයෙන් ඇතුලු වී 13,765,000ක මුදල් වංචා කිරීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන කොට්ඨාශයට ලද පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය සිදුකර ඇත්තේ. මේ අනුව නොවැම්බර් 26 වනදා වාද්දුව පිළියන්දල බණ්ඩාරවෙල සහ ගාල්ල යන ප්‍රදේශවලදී අපරාධ විමර්ශන නිලධාරීන් විසින් මෙම මුදල් වංචාවට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ත් 36 ත් අතර පසුවන ගාල්ල වැලිගම රත්ගම වාද්දුව සහ පට්ටියගෙදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්. මෙම පිරිස…

තව කියවන්​න

නිසි අවසරයකින් තොරව විදෙස් රැකියා සඳහා විදෙස්ගතවන වෛද්‍යවරුන්ට සේවය අත්හැර යාමේ නිවේදනයක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. එම වෛද්‍යවරුන් අසාදු ලේඛනගත කිරීමට ද කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ. අද පාර්ලිමේන්තුවේ දී පැවති සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඊ කුෂාන් නැමැත්තාගෙන් අද අලුයම සිට පැය 6 කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා කාන්තාවන් ඕමානයේදී විවිධ කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වනවා. අද අලුයම ඕමානයේ මස්කට් නුවර සිට කටුනායකට පැමිණි අවස්ථාවේ ඊ කුෂාන් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වුණා. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ අද තවත් තරග දෙකක් පැවැත්වීමට නියමිත වනවා. මෙම තරග ද්විත්වයම ඒ කාණ්ඩය යටතේ මෙරට වේලාවෙන් රාත්‍රී 8.30ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ. ඒ අනුව සත්කාරක කටාර් රාජ්‍ය සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය අල් බයාට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර ඉක්වදෝර කණ්ඩායම සහ සෙනගාල කණ්ඩායම අතර තරගය කලීෆා අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. මේ අතර උරුගුවේ කණ්ඩායමට එරෙහිව ගෝල 2 ට බින්දුවක ජයක් වාර්තා කිරීමට පෘතුගාල කණ්ඩායම සමත් වුණා. එම තරගය අද අලුරෑයම පැවැත්වුනේ කුවේට් හි ලුසයිල් ක්‍රීඩාංගනයේදිය.

තව කියවන්​න