- රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට දෙන කෑමවේල ගැන ඇමැතිගේ අවධානය
- අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉදිරි පැය 36ක කාලය සඳහා කාලගුණය
- කඩා වැටුණු ගස පැය පහකට පසු ඉවත් කරයි…
- ඉන්දියානුවන් පිරිසක් රැගෙන ගිය වෑන් රියදුරුට බඹර ප්‍රහාරයක්
- පුංචි ආණ්ඩුවල සභිකයන්ට වැඩමුළුවක්
- ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
- පොලිස් සැරයන්වරයකුගේ ගමන් බැගයක බන්ධනාගාරයට අයත් මාංචු කුට්ටමක්
Author: VNews
පාස්කු ප්‍රහාරයට සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන නිදහස ලැබූ පුද්ගලයා ඝාතනය කිරීමට හේතු වූ කරුණු කාරණා සොයාගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මීට අමතරව මෙම පුද්ගලයා කපා කොටා ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයන් සහ ඔවුන් ඝාතනය සඳහා පැමිණි වාහනය හඳුනාගැනීම ද මෙම විමර්ශනවලදී සිදු කෙරෙන බව ත් පොලිස් මූලස්ථානය කියයි. මියගිය පුද්ගලයා 2019 වසරේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජා-ඇළ පොලිසිය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට පත් වූ අයකු බවත් ඔහු සමග තවත් පුද්ගලයන් හතරදෙනෙකු අත්අඩංගුවට ගත් බව ත් පොලිසිය සඳහන් කරයි.
රාජ්‍ය සේවකයින් සඳහා පොදුවේ ලබාදෙන ස්ථාන මාරු ක්‍රමවේදය අනුව ගුරුවරුන්ට ලබාදෙන ස්ථාන මාරු කිරීම් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අවධාරණය කරනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් පමණක් ගුරුවරුන් විෂයානුබද්ධව උචිත පරිදි ස්ථානගත කරන බවයි. ඩිජිටල් අධ්‍යාපන සංවර්ධනය සඳහා වූ ප්‍රතිපත්ති මත සැකසුණු ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රධාන සැළසුම පිළිබඳ කෙටුම්පත භාරධීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එමෙන්ම ස්ථානගත කිරීම්, ගුරු සංගම් මාරු මණ්ඩල ගැටුම් ආදි පරිපාලනමය අර්බුද බොහොමයක් උද්ගත වී ඇත්තේ තාක්ෂණය නිසි ලෙස භාවිත නොකිරීම හේතුවෙන් බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. ඒ, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ලිපි මඟින් දැනුම් දී ඇති බවයි එහි සංවිධායකයින් පැවසුවේ. කෙසේ වෙතත් මෙම විධායක සභා රැස්වීම සැළසුම් කළ පරිදි පවත්වන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයෙන් ඉවත් කළ බවට ප්‍රකාශ කර ඇති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබෙනවා. ඒ, සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින්. එම ලිපිය මඟින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත්තේ…
ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු එළැඹෙන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා . අදාළ ධීවරයින් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වි මසුන් අල්ලමින් සිටියදීයී . අත්අඩංගුවට පත්වු අදාළ පිරිස ඊයේ යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ . නාවික හමුදාව පවසන්නේ 2022 වසරේ ගතවු කාල සීමාව තුළ මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මසුන් ඇල්ලු ඉන්දීය ධීවර යාත්‍රා 35 ක් සහ ඉන්දීය ධීවරයින් 252 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි .
උතුරු සහ නැගෙනහිර පළාත්වල අද දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . සබරගමුව පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරන්නේ , දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති . මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වල සහ ගාල්ල , මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි .
කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව අද දිනයේදී කර්මාන්ත ,වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ වැවිලි කර්මාන්ත යන අමාත්‍යංශයන්හි කාරක සභා අවස්ථාවේ විවාදයන් පැවැත්වීමට නියමිතයි . මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ව්‍යවස්ථා දායක සභාවට පත්කර තිබෙනවා .එලෙස ඔහුව පත්කර ඇත්තේ ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙසයි . අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට මේ බව ඇනුම් දුන් බවද වාර්තා වනවා .
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහි තුන්වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පස්වරු 02.30 ට පැවැත්වෙනවා . මේ වන විට තරග 1 ට බින්දුවක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් පසුවන්නේද ඇෆ්ගනිස්ථානයයි . කෙසේ වෙතත් තරගාවලිය සම තත්වයෙන් අවසන් කර ගැනීමට නම් අද තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්ය වනවා . මේ දක්වා දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරග 6 ක් පවත්වා ඇති අතර ඉන් 3 ක් ජය ගැනීමට සමත්ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි . දෙරට අතර පැවතී තරග වලින් ඇෆ්ගනිස්තානය තරග 2 ක් ජයගෙන ඇති අතර එක් තරගයක් විසදුමකින් තොරව නිමා වී තිබෙනවා . කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ආරම්භක…
යුක්රේනයේ ශීත ඍතුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් යුද අවියක් ලෙස භාවිතා කිරීමට උත්සාහ දරණ බවට නේටෝ සංවිධානය චෝදනා එල්ල කර තිබෙනවා. මෙම ප්‍රකාශය එම සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් මහතා සිදුකර ඇත්තේ රුමේනියාවේ පැවැත්වෙන නේටෝ සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගිවීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් . යුක්රේනයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක බින්දුවක් දක්වා පහළ බැස ඇති අතර, රුසියානු හමුදාව සති ගණනක් පුරා යුක්රේනයේ විදුලිබල පද්ධතියට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බව සඳහන්. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් මිලියන ගණනක ජනතාවකට විදුලි බලය අහිමි වී ඇති බවයි .
ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඖෂදීය කංසා අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට කටයුතු සුදානම් කරමින් පවතින බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා . අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ දිනයේදී පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් . මෙහිදී රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේ කංසා ශාක වගා කිරීම සදහා තැම්පතු මුදලක් අය කිරීමට සුදානම් බවත් කිසියම් ආකාරයක සමාජයට අවැඩක් වන දෙයක් සිදුවුව හොත් එම තැන්පතුව වැවිලිකරුවන් හට අහිමි වන ලෙස කටයුතු සුදානම් කරමින් සිටින බවයි .
මැතිවරණයක් පැවැත්වෙන විට ජයග්‍රහණය කල නොහැකි තත්වයක් ඇතිවුවහොත් දේශපාලකයින් මෙරට හැර යනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසනවා . ඔහු මේ බව පැවසුවේ ඊයේ කොළඹ මහජන පුස්තකාලයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් . එහිදී ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසුවේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට තම පාලනයක් යටතේ කටයුතු කරන බවයි .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222