Author: VNews

චීනයේ ක්‍රියාත්මක උද්ඝෝෂණ මැඩපැවැත්වීමට එරට රජය සූදානම් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඬපැවැත්වීමට චීනය ක්‍රියාත්මක කරන ශූන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් රට පුරා උද්ඝෝෂණ පැවැත්වෙනවා. උද්ඝෝෂණ අතර තුරදී ජනතාව හා සෞඛ්‍ය අංශ අතර මෙන්ම පොලීසිය සමඟ ද ගැටුම් හට ගත්තා. එහිදී පුද්ගලයින් දස දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට පොලිස් නිලධාරීන් සිය ගණනක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

තව කියවන්​න

ව්‍යාජ ආරක්ෂිත මුද්දර යොදා ගනිමින් කාන්තාවන් දෙදෙනෙක් ඕමානය වෙත යැවීමට අනුබල දීමේ චෝදනාව මත කොළම ආදුරුප්පු වීදිය ප්‍රදේශයේ පදිංචි උම්මා අක්කා නමැති කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් භාරයට ගෙන තිබෙනවා. විදේශ රැකියාලාභීන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේදී විදේශ ගමන් බලපත්‍රයෙහි අලවනු ලබන ආරක්ෂිත මුද්දර ව්‍යාජ අයුරින් යොදාගෙන ඕමානයට විදේශ ගත වීමට උත්සහකල කාන්තාවන් දෙදෙනෙකු පසුගියදා කටුනායක ගුවන් තොටුපල නිළධාරීන් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට යොමුකරන ලදී. මෙහිදී ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලදී කොළඹ ආදුරුප්පු වීදියේ උම්මා අක්කා නැමැති කාන්තාවක් පිළිබදව අණාවරණය කරගෙන ඇති අතර, යාපනය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවන් දෙදෙනා විදේශ ගතවීමට අවශ්‍ය…

තව කියවන්​න

හික්කඩුව – වෑවල ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා. අද පෙරවරුවේ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය ආසන්නයේදී මෙම පහර දීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. පහර දීමෙන් අනතුරුව සැකකරුවන් පැමිණි මෝටර් රථයෙන් පලා ගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ කාන්තාව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

තව කියවන්​න

රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණි නිලධාරීන්ට පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛ දෙකක් අවලංගු කර තිබෙනවා. ඒ අනුව 2019 ජූනි 26 වනදා සහ පසුගිය සැප්තැම්බර් 27 නිකුත් කළ චක්‍රලේඛ අවලංගු කළ බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ. කොවිඩ් වසංගතය හේතුවෙන් රජයේ කාර්යාලවල සේවා පවත්වාගෙන යාමේ පහසුව වෙනුවෙනුයි මෙලෙස චක්‍රලේඛයක් මගින් අදාළ පහසුකම් සලසා තිබුණේ.

තව කියවන්​න

හැටන් ශ්‍රි පාද ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලැබු සිසුවෙක් පාසලෙන් ඉවත් වී 2021 වසරේ පැවති අපොස සමාන්‍ය පෙල විභාගයට පෞද්ගලිකව පෙනී සිට A සමාර්ථ 9ක් ලබාගනිමින් විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබා ගැනීමේ පුවතක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා. හැටන් විල්ප්‍රඩ්පුර ප්‍රදේශයේ පදිංචි බොරල ලියනගේ උජිත චිත්මාල් ඉරංජින් සිසුවා වසර 08 කට ආසන්න කාලයක් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා 2016 වසරේ දිවයිනට පැමිණ තිබෙනවා. එම සිසුවා ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයෙන් පහේ ශිෂ්‍යත්වයට පෙනි සිට එම විභාගයෙන්ද  169 ලබාගෙන ශිෂ්‍යත්ව විභාගය සමත් ව තිබෙනවා. එම සිසුවා ඉන් අනතුරුව 9 වසරේ සිට හැටන් ශ්‍රි පාද ජාතික පාසලේ 10 වසරේ මුල් කාර්තුව දක්වා අධ්‍යාපනය ලබා 2021 වසරේ අපොස…

තව කියවන්​න

යාපනය කෝපායි ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. අදාළ සිසුවා දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති අතර හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔහු මියගිය බවයි පොලීසිය පැවසුවේ. අනතුරුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී ඇත්තේ එම සිසුවා අධි මාත්‍රාවකින් මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් මෙලෙස මියගොස් ඇති බවයි.

තව කියවන්​න

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා රටට ප්‍රශස්ථ නායකත්වයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසනවා. උත්තර ලංකා සභාගයේ ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් මන්ත්‍රිවරයා කියා සිටියේ නිසි සැළැස්මක් අනුව නිවැරදි නායකත්වයක් යටතේ වසර 5 ක් රට මෙහෙය වන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දායකත්වයද අවශ්‍ය නොවනු ඇති බවයි. එම උත්සවයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා මෙලෙස අදහස් පළ කළා.

තව කියවන්​න

මෙරට පවුල් 66,000 කට ආහාර සහන ලබාදීම ආරම්භ කර තිබෙනවා. ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහනේ ප්‍රධානී ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටපොල මහතා පැවසුවේ මාස 6 ක කාලයක් දක්වා මසකට රුපියල් 15,000 බැගින් එම සහනාධාරය ලබාදෙන බවයි. මේ අතර මෙරට ළමා මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් 21,000 ක් සිටින බවට සිදුකළ සමික්ෂණයකට අනුව අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ ඉදිරියේ දී ළමා මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාව 40,000 දක්වා වර්ධනය විය හැකි බවයි.

තව කියවන්​න

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 14 ක් සැපයීම සඳහා චීනය විසින් ලබාදී ඇති අමෙරිකානු ඩොලර් 27 ක ප්‍රදානය භාවිත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියානු ණය ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200 ක ප්‍රදානයක් වෙන්කර ඇති බවයි. මීට අමතරව ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට හිමි වූ ඩොලර් බිලියනයක මුදලින් ඩොලර් මිලියන 35 ක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කිරීමට ද කැබිනට් අනුමැතිය ලැබුණු බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

යුක්‍රේනයට තවත් ආයුධ තොගයක් ලබාදීමට නේටෝ සංවිධානය පොරොන්දු වී තිබේ. එමෙන්ම රුසියානු ප්‍රහාර හේතුවෙන් විනාශවූ විදුලි බලාගාර ඇතුළු යටිතල පහසුකම් යළි ගොඩනැගීමට ද නේටෝ සංවිධානය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. රොමෙනියාවේ බුකාරෙස්ට්හි පැවති සමුළුවකදී නේටෝ සංවිධානයේ ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් මේ බව සඳහන් කර ඇති බව සඳහන්ය. රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ මිලියන ගණනක ජනතාව විදුලිය සහ ජලය නොමැතිව සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

තව කියවන්​න