Author: VNews

අද සිට ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළඳපලට නිකුත්කරන බව ලිට්රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව ගෑස් නිකුත් කිරීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවයි. ගෑස් මෙට්‍රික්ටොන් 3740ක් සහිත නෞකාවක් ඊයේ මෙරටට සේන්දු වුනා. උත්සව සමයේ ගෑස් ඉල්ලුම ඉහළ යන බැවින් අවශ්‍යතාව අනුව තොග ඇනවුම් කර ඇති බවද ලිට්රෝ සභාපතිවරයා ප්‍රකාශ කළා.

තව කියවන්​න

චරිත් අසලංකගේ විශිෂ්ඨ ඉනිම හා දුනිත් වෙල්ලාලගේගේ සටන්කාමී ඉනිම හමුවේ ඇෆ්ඝනිස්තානය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් නිමා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තෙවැනි තරගය ජය ගැනීම සදහා ලකුණු 314 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 2 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 6 ක් දැවී සිටියදී. ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට කුසල් මෙන්ඩිස් හා පැතුම් නිශ්ශංක සමත් වුණේ ආරම්භක කඩුල්ල සදහා ලකුණු 101 ක සබඳතාවයක් ගොඩ නගමින්. මෙන්ඩිස් ලකුණු 67 කට…

තව කියවන්​න

බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය ප්‍රථම වරට ඉදිරිපත් කරන තියටර් සෙවන් වෙළඳ පොළ ලබන 08, 09, 10, සහ 11 යන දිනවල පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා. නත්තල සහ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ආහාර පාන, රෙදි පිළි සහ නොයෙකුත් දෑ කොළඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ ග්‍රහලෝකාගාරය අසල බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී එම දිනවල පෙරවරු 9 සිට රාත්‍රි 10 දක්වා මිලදී ගත හැකියි. වෙළඳ කුටි වෙන්කරවා ගැනීම සඳහා 077 256 7057 සහ 071 348 66 93 මෙන්ම 071 235 9750 යන අංක වලින් විමසන ලෙස බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

අතුරුදන්ව සිටි අලිබාබා නිර්මාතෘ ජැක් මා පළමුවරට ටෝකියෝවේ දී මහජනයා අතරට පැමිණ සිටි බව ජපන් මූලාශ්‍ර කිහිපයක් වාර්තා කර තිබෙනවා. ජැක් මා – චීන පාලනයේ මර්දනය හමුවේ පසු ගිය කාලයේ අතුරුදන් ව සිටි බවටයි වාර්තා වුයේ. චීන බලධාරින් විවේචනය කළ ජැක් මා, එරට රාජ්‍ය බැංකුවලට උකස් සාප්පු මානසිකත්වයක්‘ ඇති බවට චෝදනා කිරීමෙන් අනතුරුවයි අතරුදන්ව සිටියේ. රහසිගත ජීවිතයක් ගත කළ ජැක් මා මෙලෙස මහජනයා ඉදිරියට පැමිණ ඇත්තේ මාස හයකට ආසන්න කාලයක් පසුවයි. ඔහු එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ සංචාරවල නිරත වෙමින් සිටි බවත් මේ වන විට ටෝකියෝවෙන් පිටත ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වන බවත් ජපන් වාර්තා පවසනවා. ජැක් මා – ටෝකියෝ හි පෞද්ගලික…

තව කියවන්​න

විධායක තීරණ ක්‍රියාත්මක කිරීමේ දී රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන අතර නිවැරදි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට වේදිකාවක් ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටු ක්‍රියාත්මක වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ හරහා සංවර්ධන ක්‍රියාවලිය විධිමත් ව සිදු කිරීමට අවස්ථාව හිමි වන අතර, මූල්‍ය හානි හා ප්‍රමාදයන් ද වළක්වා ගැනීමට අවස්ථාව හිමි වනු ඇති බව ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි. පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේපකරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේ දැක්වූ ප්‍රතිචාරයක් මාධ්‍ය කිහිපයකින් අර්ථය විකෘති වන ආකාරයට වාර්තා කර තිබු බවයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් ජනාධිපති…

තව කියවන්​න

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 8 දිනය අදයි. අධ්‍යාපන අමාත්‍යංශය, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය පිලිබඳ අද විවාදය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. කර්මාන්ත වෙළෙඳ. වාණීජ හා ආහාර සුරක්ෂිතතා සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශවල වැය ශිර්ෂ ඊයේ විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත වුනා. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය 23 වැනිදා ආරම්භ කෙරුණු අතර ඒ සඳහා දින 13 ක් වෙන් කර තිබෙනවා.

තව කියවන්​න

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04ක මිල පහළ දැමීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා. රතු කැකුළු සහල්, කීරි සම්බා, බී ළුෑණු සහ හාල්මැස්සන් මිල පහළ දමා ඇති බවයි ලංකා සතොස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ඒ අනුව රතු කැකුළු කිලෝවක නව මිල රුපියල් 199ක්. කීරි සම්බා කිලෝවක මිල රුපියල් 225 දක්වා පහත දමා තිබෙනවා. බී ළූණු කිලෝවක මිල පහත දමා ඇත්තේ රුපියල් 225 දක්වායි. හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 150කින් පහත දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1150ක් ලෙසින්. ජනතාවගේ දරිද්‍රතාවය තුරන් කිරීමේ ජාතික මෙහෙවරට දායක වීම සඳහා පහල දැමු මෙම මිල ගණන් අද සිට ක්‍රියාත්මක බව ලංකා සතොස සඳහන්…

තව කියවන්​න

අදියර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වී ඇති අතර, එහිදී මේ පිළිබඳ අනාවරණ වුණා. විදුලිබල මණ්ඩලයේ දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලිබිල සියයට 70 කින් වැඩිවිය යුතු බවටයි විදුලිබල මණ්ඩල නියෝජිතයින් ඊට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව, ජනවාරි සහ ජුනි මාස වලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ඉල්ලා ඇති බවයි විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තු අනුකමිටුවට දන්වා තිබෙන්නේ.

තව කියවන්​න

ලෝක ප්‍රකට මේන් ෂිෆ් නෞකාව මෙරටට පැමිණීම හේතුවෙන් දින 2ක් තුළ අමෙරිකානු ඩොලර් ලක්ෂයකට ආසන්න ආදායමක් ලැබී තිබෙනවා. සංචාරකයින් 2500කට වැඩි පිරිසක් රැගත් මේන් ෂිෆ් නෞකාව කොළඹ වරායට සේන්දු වුණේ පෙරේදා පෙරවරුවේ දී. දිගින් මීටර් 296ක් වන මෙම නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 900 දෙනෙකු සමගින් ඕමානයේ මස්කට් වරායේ සිට මෙරටට පැමිණියේ පළමු වරටයි. නෞකාව දිගින් මීටර් 25 වන පිහිණුම් තටාකයකින් සහ තවත් ජල තටාක කිහිපයකින් සමන්විත වනවා. ක්‍රීඩාංගනයක් සහ ව්‍යායාම පුහුණු ඒකකයකින්ද එය සමන්විතයි. නෞකාවේ පැමිණි සංචාරකයින් යාල, කතරගම, ආදී ප්‍රදේශ රැසක ඊයේ දිනයේ සංචාරයට ද එක්වුණා. කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක ද සංචාරය කළ එම පිරිසේ බහුතරයක් යුරෝපා ජාතිකයින්…

තව කියවන්​න

එළඹෙන නත්තල් උත්සව සමයේදී ඉල්ලුමට සරිලන එළවලු සැපයුම වෙළෙඳපොලට ලබාදීමට නොහැකි වීම හේතුවෙන් දේශීය වෙළෙඳපොලේ එළවලු මිල තවදුරටත් ඉහළ යන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත මහතා පවසනවා. කෘෂිකර්මාන්තයට සිදුකළ දැවැන්ත විනාශය හේතුවෙන් එළවලු වගාවේ නිරතව සිටි කුඩා පරිමාණ හා මධ්‍ය පරිමාණ ගොවීන් රැසක් එළවලු වගාවෙන් මේ වන විටත් ඉවත් වී ඇති බවයි ඔහු කියා සිටියේ. දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 430 ක් දක්වා ඉහළ මිලකට අලෙවි වන අතර කැරට්, ලීක්ස් ඇතුලු උඩරට සහ පහතරට එළවලු වර්ග රැසකම මිල ඒ හා සමානව ඉහළ ගොස් ඇති බවයි අරුණ ශාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න