Author: VNews

දුම්රිය ප්‍රමාද වීම වළක්වා ගැනීමට අවශ්‍ය විසඳුම් ලබාදීම සඳහා දුම්රිය පාලනාධිකාරිය අපොහොසත් වී ඇති බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. දුම්රිය කාලසටහන් වරින්වර සංශෝධනය කිරීමෙන් පමණක් දුම්රිය ප්‍රමාදයන් වැළැක්විය නොහැකි බවටයි එහි ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා කියා සිටියේ. දෛනිකව සිදුවන දුම්රිය ප්‍රමාදයන් හේතුවෙන් ලබන 5 වන දින සිට කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා කියා සිටියේ හඳුන්වා දෙන ලද නව කාලසටහනට අනුව දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවන් යම්තාක් දුරට වළක්වා ගත හැකි බවයි.

තව කියවන්​න

මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ අන්වර් ඊබ්‍රාහිම් මහතාහට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද උදෑසන සුබපැතුම් එක්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ අද දින මෙලෙස සුබපැතුම් එක් කරමින් දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා ද දෙපාර්ශවය අතර සාකච්ඡාවක් පැවැත් වූ බවයි. අන්වර් ඊබ්‍රාහිම් මැලේසියාවේ 10 වන අග්‍රාමාත්‍යවරයා ලෙස පසුගිය 24 වනදා තේරී පත්වුණා.

තව කියවන්​න

ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. එහි තේමාව වී ඇත්තේ සමානාත්මතාව සුරකිමු යන්නයි. මේ අනුව ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසන්නේ. එමෙන්ම මේ වන විට මෙරට තරුණ ප්‍රජාව අතරින් එච් අයි වී ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් පවතින බවයි විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය කියා සිටියේ. ඇය මේ බව සඳහන් කළේ වී එෆ් එම් කතා මිනිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින්. මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය.

තව කියවන්​න

ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම ඇතුලු කාණ්ඩ කිහිපයකට අදාළ වීසා ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ද්විත්ව පුරවැසිභාවය සඳහා ලබාදෙන ගාස්තුව රුපියල් තුන්ලක්ෂ 45 දහසේ සිට අමෙරිකානු ඩොලර් 2000 දක්වා ඉහළ නංවා ඇති බවයි. ඒ අනුව එය රුපියල් හත්ලක්ෂය ඉක්ම වූ අගයක් වනවා. මේ අතර පුරවැසි පනත යටතේ නිකුත් කරන ලද සහතික පිටපත් ගාස්තුවද රුපියල් 1150 සිට රුපියල් 2000 දක්වා සංශෝධනය කර ඇති අතර නේවාසික ආගන්තුක යෝජනා ක්‍රමය වීසා වැඩසටහන යටතේ වීසා නිකුත් කිරීම අමෙරිකානු ඩොලර් 200 දක්වා වැඩි කර තිබෙනවා. එමෙන්ම පසුගියදා තීරණය කළේ තවත් කාණ්ඩ කිහිපයක් යටතේ වීසා ගාස්තු…

තව කියවන්​න

ගුරු සේවයට සෘජුවම සම්බන්ධ අධ්‍යාපනවේදී උපාධිය ලැබූ බොහෝ පිරිසක් රැකියා නොමැතිව නිවෙස්වල සිටින බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගෙන් ප්‍රශ්න කළා. බොහෝ පාසල්වල පුරප්පාඩු පැවතිය ද තවමත් ඒ සඳහා උපාධිධාරීන් අනියුක්ත නොකරන්නේ ඇයි දැයි විපක්ෂනායකවරයා විසින් විමසා සිටියා. අධ්‍යාපනවේදී උපාධිය විශ්වවිද්‍යාල කිහිපයකින් පිරිනමනු ලබනවා. මේ අනුව එලෙස උපාධිය ලබාගත් උපාධිධාරීන් සියලුදෙනාටම පළාත් නවයම ආවරණය වන පරිදි දීපව්‍යාප්තව පවත්වනු ලබන විභාගයකින් අනතුරුව රැකියා අවස්ථාව ලබාදෙනු ඇති බවටයි අධ්‍යාපන අමාත්‍යවරයා විපක්ෂනායකවරයා අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා සිටියේ.

තව කියවන්​න

ඇෆ්ගනිස්ථානයේ සමන්ගන් ප්‍රාන්තයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් පාසල් ළමුන් බවට මේ වන විට අනාවරණ වී තිබෙනවා.

තව කියවන්​න

වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් සහ අතිරේක මහේස්ත්‍රාත්වරුන් 56 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ලබන වසරේ දෙවන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේ. මේ අතර පරිහරණය සඳහා විනිසුරුවරුන්ට සහ අධිකරණ නිලධාරීන්ට ලබා දී ඇති මෝටර් රථ සුරක්ෂිතව භාවිත කර නැවත අමාත්‍යාංශය වෙත භාරදිය යුතු බව ද අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න

මී උණ ව්‍යාප්තියේ වර්ධනයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා සඳහන් කළේ වගා කටයුතුවල නිරත වීමේ දී වකුගඩු රෝගීන් සහ අක්මා රෝගීන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. එමෙන්ම ගොවිතැන් කටයුතු සඳහා යොමු වීමට පෙර අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් ඊට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

තව කියවන්​න

පානදුර වලාන ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක විෂ මත්ද්‍රව්‍ය සහිත කැවිලි ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන එම කැවිලි වර්ග අඩංගු බෝතල් 54 ක් එහි තිබී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 23 සහ 25 යන වයස්වල පසුවන අතර ඔවුන් පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව සඳහන්. අදාළ කැවිලි වර්ග එම වෙළෙඳසැල හරහා කුඩා ළමුන්ට අලෙවි කරන බවට දෙමාපියන්ගෙන් ලද පැමිණිල්ලකට අනුවයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

තව කියවන්​න

පානදුර සිල්වන් පටුමග ප්‍රදේශයේදී ඊයේ රා ත්‍රි 10.00ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. පානදුර දකුණ පොලීසිය පවසන්නේ කොළඹ අලුත්කඩේ උසාවියේ රාජකාරි කරන නීතිඥවරයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි. කෙසේ වෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. සැකකාර නීතිඥවරයා සහ ඔහු සමග පැමිණි තවත් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, වෙඩිතැබීමට යොදාගත් මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලය සහ ඔවුන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පිස්තෝලය සඳහා බලපත්‍රයක් නොතිබූ බවයි අණාවරණ වී ඇත්තේ. වෙඩිතැබීම සිදුකර ඇති නීතිඥවරයාගේ හිතවත් කාන්තාවක විසින් පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට ණය මුදලක් ලබාදී ඇති අතර එය නැවත නොගෙවීම හේතුවෙන් ණය මුදල ලබාදුන් කාන්තාව තවත් කාන්තාවක සහ නීතිඥවරයා සමග පානදුර…

තව කියවන්​න