Author: VNews

ආහාර හිගයක් පැමිණියහොත් ඊට මුහුණ දීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ පළාත් ආණ්ඩුකාරවරු, පළාත් කෘෂිකර්ම නිලධාරීන් සහ කෘෂිකර්ම ලේකම්වරුන් ආහාර සුරක්ෂිතතාව සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කල යුතු බවයි.

තව කියවන්​න

දිවයිනම ආවරණය වන පරිදි සංචාරක කලාප 49 ක් ගැසට් කිරීමට පියවර ගෙන තිබෙනවා. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ 2024 දී සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 30 දක්වා වර්ධනය කිරීම අපේක්ෂාව බවයි. සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධාන කර ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළා.

තව කියවන්​න

වසරේ පළමු මාස අටක කාලය තුළදී වෛද්‍යවරුන් 477 දෙනෙකු රට හැරදා විදේශගත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. යෝජිත අසාධාරණ බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදී සංගම් කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ වෘත්තීයවේදීන් රට හැරයෑමේ සීඝ්‍ර ප්‍රවණතාව හමුවේ අර්බුද රැසක් ඉදිරියේදී ඇතිවිය හැකි බවයි. මේ තවදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා. මෙම මාධ්‍ය හමුවේදී ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සභාපති, නිහාල් වීරරත්න මහතාද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවයේ නියුතු නිලධාරීන්ද අද රට හැර යාමේ තත්වයකට පත්ව ඇති බවයි.

තව කියවන්​න

පැය දෙකයි මිනිත්තු 20 ක් අද විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළා. මේ අනුව ඒ’ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයක් ද, වශයෙන් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දුන් බවත්, ජනක රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියා. මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ පනතට ගරු කළ ද අමාත්‍යවරයාට ගරු නොකර බවත්, පනතක් යනු රාජ්‍ය ප්‍රතිපත්තියක් වීම හේතුවෙන් මෙම අවස්ථාවේදී දේශපාලන අධිකාරිය රාජ්‍ය ප්‍රතිපත්තියට පිටින් නොයනු ඇති බවට තමන් විශ්වාස කරන බවත්, මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා. විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ…

තව කියවන්​න

පාසල් තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පිහිටු වීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා. මේ අතර ඊයේ කොළඹදී මාධ්‍ය අමතමින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, බස්නාහිර සහ දකුණු පළාත්වලට අමතරව කුරුණෑගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පාසල් සිසුන් අතරද මේ වන විට මත්ද්‍රව්‍ය භාවිතය අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පොලිස් විශේෂ කාර්ය බළකාය අනෙකුත් රාජකාරීවලින් ඉවත් කර මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා පමණක් යෙදවීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි. වාර්ෂිකව ශ්‍රී ලංකාව තුළ අත්අඩංගුවට ගැනෙන හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1,100 ත් 2,000 ත් අතර වනවා.…

තව කියවන්​න

ඕමානයේ මිනිස් ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනෙකු දෙසැම්බර් මස 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔවුන් අතර මීට පෙර ඇපලබාදී සිටි සැකකාරියක් ද සිටින බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ. මේ අතර 2014 වසරේ සිට කටාර් රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික සංක්‍රමණ ශ්‍රමිකයින් 343 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. මෙම මරණවලට හේතු ලෙස එම කාර්යාංශය පෙන්වා දෙන්නේ ස්වභාවික මරණ, සියදිවි නසා ගැනී්ම්, මිනීමැරුම් සිදුවීම්, මාර්ග අනතුරු, වෙනත් විවිධ අනතුරු මෙන්ම කොවිඩ් මරණ යන්නයි.

තව කියවන්​න

රට තුළ පවතින සෑම ක්ෂේත්‍රයක් තුළම කාන්තා නියෝජනය වැඩි කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බොහෝ අවස්ථාවල පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබුවේ සීමිත කාන්තා නියෝජනයක් වන අතර මේ වන විට කාන්තා නියෝජනය පාර්ලිමේන්තුව තුළ ද 12 දෙනෙකු දක්වා වැඩි වී ඇති බවයි ඒ මහතා කියා සිටියේ. ජනගහනයෙන් 52 % ක් රට තුළ කාන්තා නියෝජනයක් පැවතීම හේතුවෙන්ප රිපාලන කටයුතුවලදී එම ශ්‍රමදායකත්වය ලබාගත යුතු බවටයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ. මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

තව කියවන්​න

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වසර 16 කට පසුව අවසන් 16 දෙනාගේ වටයේ තම ස්ථානය තහවුරු කරගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා. ඊට අමතරව පෝලන්තය සහ ආර්ජන්ටිනාව ද අවසන් 16 දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කරගැනීමට සමත් වීම විශේෂත්වයක්. මේ අතර එෆ් කාණ්ඩය යටතේ තරග 2 ක් අද දින පැවැත්වීමට නියමිත අතර ක්‍රෝඒටියාව සහ බෙල්ජියම අතරත්, කැනඩාව සහ මොරොක්කෝව අතරත් එම තරග පැවැත්වෙනු ඇති. එමෙන්ම සී කාණ්ඩය යටතේ තවත් තරග 2 ක් මේ වන විට පැවැත්වෙනවා. ඒ, පෝලන්තය සහ ආර්ජන්ටිනාව අතර මෙන්ම සෞදි අරාබිය සහ මෙක්සිකෝව අතරයි.

තව කියවන්​න

සංචාරක ක්ෂේත්‍රයේ නියුතවූවන්ට ණය ගෙවීමට ලබාදුන් සහන කාලය සම්බන්ධයෙන් ජනාධිතිවරයා සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ණය ගෙවීම සඳහා ලබාදුන් සහන කාලය මේ මස 31 වනදායින් අවසන් වීමට නියමිත වීම හේතුවෙන් සහන කාලය දීර්ඝ කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් පවතින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ. මේ අතර, ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ කාලසීමාව නොවැම්බර් 30 වැනිදා සිට තවත් සතියකින් දීර්ඝ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර තිබෙනවා. එම කාල සීමාව තුළ කිසිදු දඩ මුදලක් අය නො කෙරෙන බවද ඔහු අවධාරණය කළා. මේ…

තව කියවන්​න

රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ යළිත් වරක් විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා. දරාගත නොහැකි ආර්ථික පීඩනයෙන් ජනතාව පීඩාවට පත්වී ඇති මොහොතක මෙලෙස විදුලිබිල ඉහළ දමන්නේ කෙසේ දැයි විපක්ෂනායකවරයා විසින් ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියා. මෙම දිනවල විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විට යළි විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිසම විසින් එකිනෙකට වෙනස් මතවාද කිහිපයක් ඉදිරිපත් කරමින් සිටිනවා. ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ අද දින මාධ්‍ය හමුවක් ඒ පිළිබඳව කරුණු අනාවරණය කරන බවයි. අදාළ කැබිනට්…

තව කියවන්​න