- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: VNews
ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛන ගත කිරීමට කෘෂිකර්ම වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, අදාළ සමාගම වී වගාව සඳහා ගොවීන්ට නිකුත් කර තිබූ කොම්පෝස්ට් පොහොරවල සියයට 34 කට වඩා වැලි ඇති බවට තහවුරු වීමත් සමගයි. ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් සිදුකළ කරුණු විමසීමකින් අනතුරුව අදාළ සමාගම අසාදු ලේඛන ගත කරන ලෙසත්, නඩු පැවරීමට මෙන්ම ගොවීන්ට පොහොර අලෙවි කර ඇත්නම් ඊට කිස`ිදු මුදලක් නොගෙවන ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දූෂණ සහ අක්‍රමිකතා සෙවීම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පත්කර ඇති මෙම කමිටුව සඳහා සාමාජිකයින් තිදෙනෙකු නම් කර ඇති බවද සඳහන්. එලෙස කමිටු සාමාජිකයින් ලෙස පත් කර ඇත්තේ එම් ඩී එස් ඒ පෙරේරා, ගාමිණි කුමාරසිරි සහ කේ ජී පී වසන්ත ගමගේ යන මහත්වරුන්. වරාය අධිකාරියේ වෘත්තිය සමිති නියෝජිතයින්ට මෙන්ම අනෙකුත් පාර්ශවවලට එම අධිකාරියේ සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි මෙම කමිටුවට ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා. මෙම කමිටුවට එවන ලද සියලු පැමිණිලි මාස 6 ක් ඇතුලත විමර්ශනය කළ යුතු අතර එම කමිටු වාර්තාව විෂයභාර අමාත්‍යවරයා වෙත භාරදීමට…
2022 වසරේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීම තුන්වන පාසල් වාරය ආරම්භ වන ලබන සඳුදා සිට සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ලබන වසරේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ලබන්නේ තුන්වන පාසල් වාරය අවසන් වී 2023 වසරේ මාර්තු 24 දිනෙන් පසුව බවයි. එමෙන්ම එහිදී පාසල්වල පවතින පුරප්පාඩු මත යොමු කරනු ලබන අයදුම්පත්‍ර විශේෂයෙන් සළකා බලන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. 2021 වසරේ සාමාන්‍ය පෙළ ප්‍රතිපල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරා නොමැති පාසල්වල සිසුන් විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම් පත් අදාළ පාසලටම…
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුකවැල්ල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහ නීතිපතිවරයා ඇතුළු 23කුට එරෙහිව ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු තහවුරු කිරීම සදහා ලබන 14 වනදා කැඳවීමට ශේෂ්ඨාධිකරණය දින නියම කළා . හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ යා හැකි බවට මාධ්‍ය හමුවක ප්‍රකාශ කිරීම මුල් කරගෙන, තමාගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගත් තීරණය අභියෝගයට ලක් කරමින් වෛද්‍ය චමල් සංජීව මහතා විසින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙනවා . බුවනෙක අළුවිහාරේ, ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබුවා . තමන්ට එරෙහි අදාළ තීරණය ගත් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ගෙන් රුපියල් ලක්ෂ 100 ක…
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක වැසි ඇති විය හැකියි. මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 15 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. මේ අනුව එම මණ්ඩලය සදහන් කළේ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අද රාත්‍රී 10.00 සිට හෙට දහවල් 1.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. ජල කප්පාදුව සිදුවන බැවින් අවශ්‍ය ජලය කල්වේලා ඇතිව රැස්කර තබා ගන්නා ලෙසද ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ජනතාවට දැනුම්දී තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ අඹතලේ බල ශක්තිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියකට අදාළව නව සම්ප්‍රේෂණ නළ එළීමේ කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි.
ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් දඩයක් නියම කර තිබෙනවා. ඒ අයි.සී.සී චර්යාධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ. ඇෆ්ගනිස්තානය සමග පෙරේදා පැවති අවසන් එක්දින තරගයේ දී වනිඳු හසරංග විනිසුරුවරයෙකුගේ තීරණයට විරුද්ධත්වය පෙන්වීම සම්බන්ධයෙන් වරදකරු මෙලෙස වරදකරු වී ඇති බව සඳහන්. ඒ, හේතුවෙන් ඔහුට එක් අප්‍රසාද ලකුණක් සහ තරග ගාස්තුවෙන් සියයට පනහක උපරිම දඩයක් ද නියම කෙරුණා. නජිබුල්ලා සර්ඩ්‍රාන්ගේ කඩුල්ල මුවා කිරීමේ තීන්දුව තෙවැනි විනිසුරු විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වනිඳු හසරංග තිරය දෙසට ඇඟිල්ල දිගු කරමින් සිය අප්‍රසාදය පළ කිරීම මීට හේතු වී තිබෙනවා.
ගෝලීය වැටුප් පහත වැටීම හමුවේ සමාජ විරෝධතා ඇති විමේ අවධානමක් පවතින බවට ජගත් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. 2022 වසරේ මුල් භාගය තුළ දී පමණක් සියයට බිංදුවයි දශම නවයකින් වැටුප් පහත වැටී ඇති බව ජාත්‍යාන්තර කම්කරු සංවිධානය නිවේදනය කළා. ගෝලීය ආර්ථික අර්බුධය හමුවේ ජීවන වියදම ඉහළ යාම ද ජනතාවට දරා ගත නොහැකි මට්ටමකට ළඟා වෙමින් පවතින බවටයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. ඒ හරහා සමාජ විරෝධතා පැන නැගීමට වැඩි ඉඩක් පවතින බවද ජාත්‍යාන්තර කම්කරු සංවිධානය පවසනවා. කොරෝනා වෛරස ව්‍යාපත්තිය ආරම්භවීමත් සමග අඩු ආදායම්ලාභීන්ගේ වැටුප් සැලකිය යුතු ලෙස පහළ ගිය අතර මේ වන විට එය තවදුරටත් අවම වී තිබෙනවා. වැටුප් අවම අගයකට පත්වු…
ශ්‍රී ලංකාව සෑම අතින්ම පළමු තැනට ගෙන ඒමට නම් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්ථනාත්මක, විප්ලවීය වෙනසක් සිදු කළ යුතුව ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජන බලවේග රජයක් තුළ ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණය, බයෝ තාක්ෂණය, කෘතීම බුද්ධිය සහ පරිගණ විද්‍යාව මෙරට සියලුම පාසල් දූ දරුවන්ට ලබා දීමට සීඝ්‍රගාමී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි විපක්ෂනායකවරයා සඳහන් කළේ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක 41 වන සක්වල වැඩසටහනට සමගාමීව ලක්ෂ 50 කට වැඩි වටිනාකමින් යුතු බස් රථයක් මැදකොළඹ, ෆාතිමා මුස්ලිම් බාලිකා විද්‍යාලයට පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
මහජන බලයක් නොමැති පාලකයන් රටකට අවැසි නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ගාල්ලේ දී පැවති ජන හමුව අමතමින් ඔහු කියා සිටියේ මෙවර ජාතික ජන බලවේගයේ අරමුණු වෙනස් කර ඇති බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222