- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: VNews
නිවසේ නවතා තිබූ මෝටර් රථයක් තුළ සිර වූ පාසල් සිසුවෙකු මියයාමේ පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල මාම්පේ ජයමාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි වියෙහි පසුවූ පාසල් සිසුවෙක්. පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එම අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති බවයි. මියගිය සිසුවාගේ නිවුන් සොහොයුරා සමඟ ඔහුගේ මවද ජයවර්ධනපුර රෝහලට පැමිණ ඇති අතර වැඩිමහල් සොහොයුරා සහ ඔහුගේ පියා රැකියාව වෙත ගොස් තිබෙනවා. සිසුවාගේ මිතුරෙකු නිවසට පැමිණ ඔහු නොමැති බව දැනගැනීමත් සමඟ ඒ පිළිබඳව දුරකතනයෙන් සිසුවාගේ පියාට දැනුම් දී ඇති අතර පියා කඩිනමින් නිවසට පැමිණ සිදු කරන ලද සොයා ගැනීමේ දී නවතා තිබූ මෝටර් රථය තුළ මෙම සිසුවා…
ගාල්ල උණවටුන ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අනතුරට ලක්වීමෙන් මියගිය රුසියානු ජාතික කාන්තාවගේ දියණිය භාර ගැනීම සඳහා කිසිවෙකු තවමත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා. මියගිය අදාළ කාන්තාව ඇයගේ කුඩා දියණිය උණවටුන ප්‍රදේශයේ නවාතැන් ගෙන තිබෙනවා. සිය සිව් හැවිරිදි දැරිය දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත පිටත් කර යවා නැවත පැමිණෙමින් සිටියදී රුසියානු ජාතික කාන්තාව මෙම අනතුරට මුහුණදෙනු ලැබුවා. මොවුන්ගේ කිසිඳු ඥාතියෙකු මෙරට නොමැති වීම හේතුවෙන් තානාපති කාර්යාලය හරහා ඔවුන්ගේ ඥාතියෙකු සම්බන්ධ කරගන්නා තෙක් කුඩා දැරිය දිවා සුරැකුම් මධ්‍යස්ථානයේම රඳවා ගැනීමට නියමිත බවටයි වාර්තා වන්නේ. ඊයේ උදෑසන උණවටුන ප්‍රදේශයේ දී බෙලිඅත්ත සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජිණ දුම්රියේ ත්‍රිරෝද රථය…
ගාල්ල ප්‍රදේශයේ ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයු සමාගමක් අසාදුලේඛනන ගත කර තිබෙනවා . එම සමාගම, වී වගාව සඳහා ගොවීන්ට නිකුත් කර තිබූ කොම්පෝස්ට් පොහොරවල සියයට 34කට වඩා වැලි ඇති බවට තහවුරු වී තිබුනා . එ අනුව කෘෂිකර්ම වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් සිදු කළ කරුණු විමසීමකින් අනතුරුව ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබාදී ඇත්තේ අදාළ සමාගම අසාදු ලේඛන ගත කරන ලෙසයි . එමෙන්ම අදාල සමාගමට එරෙහිව නඩු පැවරීමටත් ගොවීන්ට පොහොර අලෙවි කර ඇත්නම් ඊට කිසිදු මුදලක් නොගෙවන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් තෝරා පත්කර ගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණය වූ අයදුම්පත් දහසක සංඛ්‍යාවක් ලැබී ඇති බව එම පක්ෂය පවසනවා. අදාළ සම්මුඛ පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති අතර විශේෂිත පරීක්ෂණ මණ්ඩලයක් මඟින් අදාළ තෝරා ගැනීම් සිදු කිරීමට නියමිතයි. මෙහිදී පක්ෂයේ හිටපු ඇතැම් ආසන සංවිධායකවරුන් පක්ෂය හැරයාම ඇතුලු විවිධ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් 2023 වසර වෙනුවෙන් ආසන සංවිධායකවරුන් පත් කිරීමට නියමිතයි. මේ අනුව ජනවාරි මස පළමු වනදා සිට එලෙස තෝරා පත් කරගන්නා ලස නව ආසන සංවිධායකවරුන් විසින් වැඩභාර ගැනීමට ද නියමිතව ඇති බවටයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ.
මිසයිල අත්හදා බැලීම හේතුවෙන් රටවල් කිහිපයක් උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පනවා තිබෙනවා. මෙලෙස උතුරු කොරියාවට නව සම්බාධක පනවා ඇත්තේ ජපානය, දකුණු කොරියාව සහ එක්සත් ජනපදයි. පසුගිය නොවැම්බර් මාසයේ උතුරු කොරියාව තම විශාලතම අන්තර් මහද්වීපික මිසයිලය අත්හදා බැලුවා. මේ හේතුවෙන් එක්සත් ජනපදය පවසන්නේ උතුරු කොරියාවේ මෙම ක්‍රියාව කලාපයටම සහ ලෝකටයම බරපතල අවදානමක් ඇති කර තිබෙන බවයි. උතුරු කොරියාවට විදෙස් ආදායම් ලැබෙන සෑම ක්‍රියාමාර්ගයක්ම අවහිර කිරීම මෙම සම්බාධක පැනවීමෙන් බලාපොරොත්තු වෙනවා.
සභාවේ කාලය කළමනාකරණය සම්බන්ධයෙන් ගැටළු රැසක් මතුව ඇති බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළා. ඒ අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීයි. මෙම තත්වයන් හමුවේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ට බරපතල අසාධාරණයක් සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඊට කතානායකවරයා කරුණු දක්වන අවස්ථාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රතිචාර දැක්වීමත් සමග සංවාදයක් හට ගත්තා. අද – කාරක සභා අවස්ථා විවාදයේ 9 වන දිනයයි. පරිසර වනජීවී හා වන සංරක්ෂණ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශ මෙන්ම ජාතික වනෝද්‍යාන, ඉඩම් කොමසාරිස්, ඉඩම් හිමිකම් නිරවුල් කිරීම ඇතුලු දෙපාර්තමේන්තු 7 ක වැය ශීර්ෂ විවාදයට ගනු ලබනවා. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විවාදයේදී කරුණු දැක්වීමත්…
2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද පස්වරුවේ නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව 2021 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඒ පිළිබඳව තොරතුරු වෙබ් අඩවිය හරහා ලබාගැනීමේ හැකියාව පවතිනවා
මෙරට ප්‍රදේශ කිහිපයක රබර් ගොවීන් කිරි කැපීමෙන් ඉවත්ව යාමේ තත්ත්වයක් පවතින බව වාර්තා වෙනවා. ඒ, විදෙස් රටවලින් අමු රබර් කිරි ගෙන්වීම හේතුවෙන්, දේශීය රබර් මිළ පහළ යාමත් සමඟ යි. පවතින තත්ත්වය මත කිරි කපන්නන් වෙත වැටුප් ලබාදීමට නොහැකි වීමෙන් මෙලෙස ගොවීන් සිය කර්මාන්තයෙන් ඉවත්ව යන බවයි කෑගල්ල දිස්ත්‍රික්කයේ රබර් කිරි එකතු කරන්නන්ගේ සංගමයේ සභාපති කේ.පී. අබේරත්න මහතා කියා සිටියේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ දේශපාලන ප්‍රතිසංස්කරණවලද අවශ්‍යතාවක් පවතින බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අවධාරණය කර තිබෙනවා. එම ආයතනයේ ප්‍රකාශිකා ජෙසිකා ජෙනීංග්ස් පැවසුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා සහ ප්‍රතිසංස්කරණ පිළිබඳ තවදුරටත් අවබෝධ කරගැනීම සඳහා සමන්තා පවර් මහත්මිය ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා හමු වූ බවයි. වොෂින්ටන් නුවර පැවති මෙම හමුවේදී ආර්ථිකය අර්බුදය හමුවේ ඉදිරියේදී ලබාදීමට නියමිත සහන පිළිබඳව ද සාකච්ඡාව වී ඇති බව සඳහන්.
ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකක් යටතේ විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව විදුලිබල මන්ඩලයේ අතිරේක මණ්ඩල සාමාන්‍යාධිකාරී මොහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළා. ඒ අනුව විදුලිබිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මේ වන විට පවතින පාඩුව පියවා ගැනීමට නම්, විදුලිබිල 70 % කින් පමණ වැඩි විය යුතු බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ. විදුලි ගාස්තු පසුගිය කාලයේ දී වැඩි කිරීමක් සිදුකළ ද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලිබිල වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් මෙලෙස අනුමැතිය ලබාගෙන තිබෙනවා. පසුගිය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222