- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: VNews
දෙසැම්බර් 05 වනදා සිට 2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කරනු ලබන අයදුම්පත් සලකා බලා 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසු 2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කරන බවයි. තව ද මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව පමණක් මේ සම්බන්ධයෙන් කටයුතු කරන බව ද එහි දැක්වෙනවා. 2022 අ.පො ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන් විසින්, විෂය…
කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨය වජ්‍ර ජයන්ති සැමරුම වෙනුවෙන් අද සහ හෙට අන්තර්ජාතික අධ්‍යයන පර්යේෂණ සමුළුවක් සංවිධාන කර තිබෙනෙවා. ඩිජිටල් පරිවර්තන සහ අභියෝග අවම කිරීම සඳහා වන නව්‍ය ප්‍රවේශයන් මගින් ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය – නීති පර්යේෂණ සහ නීති ප්‍රතිසංස්කරණ ශක්තිමත් කළ හැකි ආකාරය ගවේෂණය කිරීම එහි අරමුණයි. අභියෝග අවම කිරීමෙහි ලා ඩිජිටල් පරිවර්තනය සහ නව්‍ය ප්‍රවේශයන්ට නීති අධ්‍යාපනය – පර්යේෂණ සහ ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය න්‍යාය පත්‍රයක්, යන්න මේ සමුළුවේ තේමාව වී තිබෙනවා. අන්තර්ජාතික සහ දේශීය නීතිවිශාරදයින් – අධිකරණ සාමාජිකයින් සහ නීති වෘත්තිකයන්ගේ සහභාගිත්වයෙන් අන්තර්ජාතික මට්ටමේ අධ්‍යයන පර්යේෂණ සමුළුවක් වන මෙහි මුඛ්‍ය දේශනය ප්‍රවීණ නීති විශාරදයෙකු වන මෙරට ජපාන තානාපති…
ඉදිරි පැය 36 සඳහා රට තුළ පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ පස්වරුවේ නිකුත් කර ඇති එම නිවේදනයට අනුව දැනුම් දී ඇත්තේ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි. උතුරු, නැගෙනහිර සහ උතුරු – මැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද…
ජනවාරි සහ ජුනි යන මාසවල විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළ ගණනය කිරීම් සිදු කරමින් සිටින බව විදුලිබල මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ විදුලි බිල වැඩි කිරීමට එකඟ නොවන බවයි. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළා. විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසන්නේ විදුලි ගාස්තු ඉහළ දැමීම ජනතාවට අසාධාරණයක් වනු ඇති බවයි. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් පල කල විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සම ලේකම් බුද්ධික විජේවර්ධන මහතා සහ එහි සභාපති නිහාල් වීරරත්න මහතා.
අද සහ හෙට යන දෙදින පැය දෙකයි මිනිත්තු 20 ක කාලයක් සඳහා විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. මේ අනුව අද සහ හෙට ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් විදුලි කප්පාදු කෙරෙනු ඇති. රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දුන් බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මෙම වසර තුළදී විදේශ ආයෝකයින් සමග ගිවිසුම් 123 ක් අත්සන් කර තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ අතුරින් 41 ක් නව ගිවිසුම් වන අතර 82 ක් ප්‍රතිආයෝජන සහිත ගිවිසුම් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අතර ඉන්දියාව, ජපානය, නෝර්වේ සහ සිංගප්පූරව වැනි රටවල අයෝජකයින්ද සිටින බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියා.
ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනට ආරාධනා කර තිබෙනවා. දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා එම ආරාධනය සිදු කර ඇති බව සඳහන්. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ අධි තාක්ෂණික අංශයේ, කෘෂිකර්මාන්තයේ, ධීවර සහ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ආයෝජන කිරීම සඳහා මාලදිවයිනට ආරාධනා කරන බවයි. එමෙන්ම මත්ද්‍රව්‍ය උවදුර පාලනයටද එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයිනේ උප ජනාධිපති ෆයිසාල් නසීම් මහතා අතර පැවැති හමුවේදී කරුණු සාකච්ඡා වී තිබෙනවා.
සංචාරක වීසා මගින් ශ්‍රී ලාංකිකයින් මැලේසියාවට යවන තවත් ජාවාරමක් අනාවරණ වී තිබෙනවා. ඒ මැලේසියාවේ සංචාරය සඳහා යාමට පැමිණි 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රි ලාංකිකයින් පිරිසක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී. මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොල බලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී, ඉන් නව දෙනෙකු සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා යාමට උත්සහ කර ඇති බවටයි හෙළිව ඇත්තේ. කාන්තාවන් සිව් දෙනෙකු හා පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු මෙම පිරිසට අයත්. Air Asia ගුවන්යානයක් මගින් මෙම පිරිස මැලේසියාවට රැගෙන යාමට ජාවාරම්කරුවන් උත්සහකර තිබුනා. සංචාරක වීසා මගින් විදේශ ගතවීම ට උත්සහ කිරීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් දීර්ඝ ලෙස…
යුක්රේන රුසියා යුද්ධයෙන් දහතුන් දහසක් යුක්‍රේන සෙබළුන් මියගිය බව එරට වාර්තා හෙළි කර තිබෙනවා. යුද්ධයෙන් යුක්‍රේන සෙබළුන් දස දහසත්, දහතුන් දහසත් අතර පිරිසක් මියගිය බවට තහවුරු කර ඇත්තේ යුක්රේන ජනාධිපති සෙලෙස්කිගේ උපදේශක මෙකයිලෝ පොඩොල්යැක් විසිනුයි. මේ අනුව පසුගිය ජුනි මාසයේ දෛනිකව සෙබළුන් සියත් – දෙසියත් අතර පිරිසක් මියගොස් ඇති බවද සඳහන්. මේ අතර රුසියානු වාර්තා පෙන්වා දෙන්නේ මෙම යුද්ධයෙන් තම සෙබළුන් නව දහසකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි. කෙසේ වෙතත් යුක්රේනය පෙන්වා දෙන්නේ මියගිය රුසියානු සෙබළුන් සංඛ්‍යාව ලක්ෂයකට වැඩි විය හැකි බවයි.
ප්‍රවීන ගේය පද රචකයෙක් මෙන්ම ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ හේම ශ්‍රී ද අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 81 ක් වැනි වියේ පසු වූ ඒ මහතා ශ්‍රී ලංකේය ගීත ක්ෂේත්‍රයට නිර්මාණ 4,000 කට ආසන්න ප්‍රමාණයක් දායාද කරනු ලැබුවා. ශ්‍රීනි විභූෂිත ලංකා, කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද, දුනුකෙයියා මලක් වගේ, මැණිකේ ඔබේ සිනාවේ, නෙත් යුග රන් තරු යුවළ සමයි, සඳක් නැගී සඳක් ගිලෙයි ආදරේ වැනි අති ජනප්‍රිය ගීත ඒ මහතාගේ නිර්මාණ අතුරින් කිහිපයක්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222