- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
බිත්තර මිල ඉදිරි උත්සව සමයේදී රුපියල් 80 ක් දක්වා ඉහළ යා හැකි බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති සිසිර බණ්ඩාර මහතා පවසනවා. මේ වන විට බිත්තරයක මිල රුපියල් 50 ත් 60 ත් අතර සීමාවේ පවතින්නේ බිත්තර පරිභෝජනය අඩුවීම හේතුවෙන් බවත් ඔහු සඳහන් කළේ. කෙසේ වෙතත් ඉදිරි උත්සව සමයේ දී බිත්තර පරිභෝජනය ඉහළ යාමත් සමඟ මෙම මිල ඉහළ යනු ඇති බවත් සිසිර බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. මහනුවර පැවති රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ 32 වන වාර්ෂික සමුලුවට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසනවා. රජය විසින් දේශීය ණය පැහැර හැරීම මීට හේතුව බවයි ඔහු සඳහන් කළේ. මහනුවර පැවති මාධ්‍ය හමුවක දී මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා මේ බව අවධාරණය කළා.
සෙවනගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා. එම සීනි කර්මාන්ත ශාලාවල සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනක විමලචන්ද්‍ර මහතා වෙනුවට වැඩබලන නව සභාපතිවරයෙකු පත් කිරීමට එරෙහිව මෙම විරෝධතාවය පැවැත්වෙන බවයි විරෝධතාකරුවන් සඳහන් කළේ. ඔවුන් සිය රාජකාරීවලින් ඉවත්ව මෙම විරෝධතාව පවත්වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
1984 දෙසැම්බර් 03 වැනිදා ඉන්දියාවේ බෝපාල් ප්‍රදේශයේ පිහිටි රසායනික කම්හලකින් නිකුත්වු විෂ වායුවක් පරිසරයට එක්වීමෙන් 6300 කට අධික පිරිසක් මරණයට පත්වුණා. ලෝක ඉතිහාසයේ දරුණුතම කාර්මික අනතුර ලෙසයි එය සැලකෙන්නේ. අනතුර සිදුවී දශක ගණනාවක් ගතවන තුරු බොහෝ පිරිසක් පෙනහලු, අක්මාව, මොළය හා වකුගඩු ආබාධවලින් පිඩා වින්දිනු ලැබුවා. බොහෝ දෙනෙකු අන්ධ භාවයට පත්වු බවද සඳහන්. විෂ වායු සිද්ධිය මුල් කරගනිමින් එක්සත් ජාතින්ගේ සංවිධානය 1992 දී සෑම වසරකම දෙසැම්බර් 03 වැනිදා ආබාධ සහිත වුවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා. පුද්ගලයන් ආබාධිතවීමට හේතු රැසක් බලපෑ ඇති අතර මාර්ග අනතුරු ඉන් ප්‍රධානයි. දියවැඩියාවල ආඝාතය වැනි රෝග ද ඊට හේතු වී තිබෙනවා. ගෘහස්ථ…
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, අමෙරිකාවේ වොෂින්ටන් නුවරදීයි. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය සමඟ පවත්නා සම්බන්ධනාතයන් තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කළ බවයි. එමෙන්ම දෙරට අනොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන විෂයන් පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.
හතර වන ලෝක කුසලාන සූපවේදී තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික සූපවේදීන් එකොළොස් දෙනෙකු රන් පදක්කම් 06 ක්, රිදී පදක්කම් 06 ක් සහ ලෝකඩ පදක්කම් 09 ක් දිනා ගෙන තිබෙනවා. එම පිරිස අද අලුයම යළි දිවයිනට පැමිණියා. සෑම වසර හතරකට වරක් පවත්වන මෙම තරගාවලිය මෙවර රටවල් 55 ක් නියෝජනය කරන සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් බටහිර යුරෝපයේ ලක්සම්බර්ග් හිදී ඉකුත් 19 දින සිට 30 වනදා දක්වා පැවැත්වුනා. තරගාවලිය තුළ උණුසුම් ආහාර සහ ප්‍රේස්ට්‍රි යන අංශ වල ආහාර පිළියෙල කිරීමේ ඉසව් වලදී වැඩි දක්ෂතා පෙන්නුම් කළ බව ශ්‍රී ලාංකික සූපවේදී කණ්ඩායමේ නායක දිමුතු කුමාරසිංහ මහතා ගුවන් තොටුපළේ දී සඳහන් කළා. මෙම ජයග්‍රහණය සංචාරක ක්ෂේත්‍රයේ අවධානය…
වී මෝල් හිමියන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන යළි ආරම්භ කිරීම ට රජය සැලසුම් කර තිබෙනවා. ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් අදාළ වැඩසටහන ආරම්භ කිරීමට දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. වී අලෙවි මණ්ඩලය පැවසුවේ වී මිලදී ගැනීමේ කටයුතු විධිමත් කිරීමේ අරමුණින් නව මෝල් හිමියන් ලියාපදිංචි කිරීම ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි. ඒ පිළිබඳ පුවත්පත් දැන්වීමක් පළ කිරීම මගින් ලියාපදිංචි කිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද වී අලෙවි මණ්ඩලය සඳහන් කළා.
G7 කණ්ඩායම සහ එහි මිත්‍රරාජ්‍ය විසින් රුසියානු ඉන්ධන මිල සම්බන්ධයෙන් නිල වශයෙන් සීමාවක් අනුමත කර තිබෙනවා. ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් G7 සහ ඕස්ට්‍රේලියාව පැවසුවේ මිල සීමාව දෙසැම්බර් 5 වනදායින් පසුව බලාත්මක වන බවයි. මේ අනුව රුසියානු බොරතෙල් බැරලයක උපරිම මිල ඩොලර් 60 සීමාවේ පවතිනු ඇති. රුසියාව යුක්රේනයට එරෙහි ආක්‍රමනකාරී යුද්ධයෙන් ලාභ ලැබීම වැලැක්වීමට මිල සීමාවක් පැනවීමේ තීරණය ගෙන ඇති බවයි ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් වන්නේ. රුසියානු බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේ සටහන් වුයේ ඩොලර් 64 ක් ලෙසින්. සැප්තැම්බර් මාසයේදී ද G7 සමූහය විසින් මිල සීමාවක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ මිල ඉහළ යාම වළක්වා ගනිමින් රුසියානු ඉන්ධන තෙල් අපනයනයෙන් ලාභ ලැබීම නැවැත්වීම…
මන්දපෝෂණයෙන් පෙළන ළමුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීම ට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එම වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවයි. එම දරුවන් වෙනුවෙන් ත්‍රිපෝෂ ලබාදීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා පවසනවා. මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 20,000ත් – 30,000ත් අතර සංඛ්‍යාවක් හඳුනා ගැනුණේ පසුගියදා ක්‍රියාත්මක කෙරුණු සමීක්ෂණයකින්. එම දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක් වෙන්කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ
විවාහයෙන් පරිබාහිරව ලිංගිකව හැසිරීමට වසරක සිරදඬුවමක් නියම කෙරෙන නව අපරාධ නීතියක් ඉන්දුනීසියාවේ පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට අපේක්ෂා කර සිටිනවා. කෙටුම්පතට සම්බන්ධ දේශපාලඥයෙකු වන Bambang Wuryanto පැවසුවේ නව නීතිය ලබන සතියේදී සම්මත කළ හැකි බවයි. නීතිය සම්මත වුවහොත් ඉන්දුනීසියානු පුරවැසියන්ට සහ විදේශිකයන්ට එය සමව බලපැවැත්වෙනු ඇති. විවාහක පාර්ශව සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හිමිකම් ඇත්තේ සැමියා හෝ බිරිඳට පමණක් වන අතර අනාචාරයට දඩුවම් ක්‍රියාත්මක කළ හැකි වන්නේ බලධාරීන් වෙත පැමිණිලි කර ඇත්නම් පමණයි. අවිවාහක පුද්ගලයන්ගේ දෙමාපියන්ට දරුවන්ගේ එම වරද සම්බන්ධයෙන් වාර්තා කිරීමටද නීතියෙන් අවසර ලබා දී තිබෙනවා.. විවාහයට පෙර එක්ව ජීවත්වීම ද තහනම් කෙරෙන අතර වරදකරුවන්ට මාස හයක සිර දඬුවමකට මුහුණ දීමට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222