Author: VNews

විදේශ රැකියා නියෝජිත ආයතන 400 ක හිමිකරුවන්ගේ බලපත්‍ර තහනම් කර ඇතැයි කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. පුද්ගලයින් සංචාරක වීසා මඟින් විදේශ රට යවා ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම පැහැර හැරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ. එමෙන්ම ඩොලර් නොමැතිව උන්ඩියල් ආකාරයෙන් කොමිස් මුදල් ගෙනආ තවත් විදේශ රැකියා නියෝජිත ආයතන රැසක් ද තාවකාලිකව තහනම් කර තිබෙනවා.

තව කියවන්​න

විදේශිකයින්ගෙන් කප්පම් ගැනීම් සහ විවිධ නීති විරෝධි ක්‍රියා සිදු කරන කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා. බෙන්තොට සිට කතරගම දක්වා පොලිස් ස්ථානවල නිලධාරීන් 600 දෙනෙකුගෙන් මෙය සමන්විතයි. දකුණු පළාතේ වෙරළ තීරය භාවිත කිරීමේදී විදෙස් සංචාරකයින්ගෙන් ඇතැම් පිරිස් මුදල් අය කරන බවට පැමිණිලි ලැබී තිබෙනවා. මේ හේතුවෙන් අදාළ විශේෂ පොලිස් කණ්ඩායම යෙදවීමට පියවර ගෙන ඇත්තේ.

තව කියවන්​න

අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබෙනවා. ලබන වසරේ ජනවාරි මාසයේ සිට මෙය ක්‍රීයාත්මක බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. ඒ අනුව අදාළ වැඩසටහන හරහා අයදුම්කරුවෙකුට නිවසේ සිටම තම අයදුම්පත දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා. කෙසේ වෙතත් අයදුම්කරුට ඇඟිලි සළකුණ වැනි විධිවිධාන සඳහා පමණක් දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු වනවා. ඒ සඳහා ඇඟිලි සලකුණු ලබාගැනීමට සෑම දිස්ත්‍රික්කයකම කාර්යාල කවුන්ටර් 50 ක් ස්ථාපිත කිරීමටයි ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

තව කියවන්​න

ඖෂධ ආනයනය කිරීම කිසිවිටෙකත් සීමා කර නොමැති බව වෛද්‍ය සැපයුම් අංශය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා පැවසුවේ ඖෂධ හිඟයක් පවතින බවට පළවන වාර්තා අසත්‍ය බවයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළා.

තව කියවන්​න

නව දේශපාලන පක්ෂ හතක් ලියාපදිංචි දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව එක්සත් කොංග්‍රස් පක්ෂය, උවිදු විජේවීරගේ දෙවන පරපුර, ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය, බහුජන වියත් පෙරමුණ, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය යන පක්ෂවල ලියාපදිංචිය මෙලෙස පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ. නව පක්ෂ හත ලියාපදිංචි කිරීමත් සමගින් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 දක්වා වැඩි වී තිබෙනවා. පසගිය වසරේදී නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් කැඳවීම සිදු වූ අතර ඉන් වැඩි අයදුම්පත් ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වූ බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

තව කියවන්​න

පදියතලාව කෙහෙල්උල්ල ප්‍රදේශයේදී බලපත්‍ර  නොමතිව තේක්ක දැව  කදන්  තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ මහඔය කදවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලිමකදී  මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණා. එම අවස්ථාවේදී අදාල  ටිපර් රථය තුල තේක්ක කදන් 37ක් තිබී ඇති බවයි පොලිස් මදය ප්‍රකාශක කාර්යාලය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ. සැකකරු මොරයාය ප්‍රදේශයේ පදින්චි 32හැවිරිදි පුද්ගලයෙක්. අත්අඩංගුවට ගත් සැකකරු සහ දැව තොගය වැඩි දුර විමර්ශන සදහා සේරන්කඩ බිට්ටු අඩවි වන කාර්යාලයට භාරදී තිබෙනවා.

තව කියවන්​න

තමන් නියම කරන මිලට බොරතෙල් මිලදී නොගන්නේ නම් අදාළ රටවලට ඉන්ධන සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බව රුසියාව ප්‍රකාශ කර තිබෙනවා. ලබන සදුදා සිට ක්‍රියාත්මක වන පරිදි රුසියානු බොරතෙල් බැරලයක් ඩොලර් 60 කට වඩා වැඩි මුදලකට මිලදී නොගැනීමටයි  ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් තීරණය කර තිබුනේ. ජි 7 සමුළුවේ රටවල් සහ එහි  මිත්‍ර රටවල් යෝජනා  කර තිබුනේ රුසියානු බොරතෙල් බැරලයක මිල වෙළෙඳපොළේ මිලට වඩා 5%ක් අඩුවෙන් පවත්වාගෙන යා යුතු බවයි. රුසියාව, යුක්‍රේන යුද්ධය හමුවේ ලාභ ලැබීම නැවැත්වීමේ අරමුණින් මෙම මිල සීමාව පැනවීමට කටයුතු කර ඇති බව සදහන්. රුසියානු බොරතෙල් බැරලයක මිල ඊයේ දිනදී  ඩොලර් 64ක්ව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා .

තව කියවන්​න

උපතේදී ම දරුවන්ගේ ඌනතා සහ ආබාධ හඳුනාගැනීම සඳහා පර්යේෂණ ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් රජයේ  අවධානය යොමුව තිබෙනවා. අද (03) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  සභානායක ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මේ බව සඳහන් කළා. වර්ෂයකට උපදින දරුවන් අතුරින් දරුවන් 8000ත් 10,000ත් අතර ප්‍රමාණයක් උපතින්ම විවිධ ආබාධවලට ගොදුරු වන බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභානයකවරයා ප්‍රකාශ කළේ. එමෙන්ම සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියා සිටියේ දෙසම්මර් 03වනදා ලෝකයේ ආබදිතයින් සදහා වෙන්වූ දිනය ලෙස සැලකෙන බවයි. නමුත් දරුවන් ඉපදුණු ගමන් ඔවුන්ගේ අඩුපාඩු සහ ආබාධ හඳුනාගැනීමේ ක්‍රමයක් ශ්‍රී ලංකාව තුල මෙතෙක් ස්ථාපිත කර නැති බවයි ව මහතා සදහන් කළේ .…

තව කියවන්​න

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි පරිශ්‍රයකින්  රුපියල් ලක්ෂ දහයකට අධික විදුලි උපාංග සහ විදුලි බල්බ සොරාගත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරුවන්  දෙදෙනා විශේෂ ආරක්ෂිත කැමරා පද්ධතිය මගහැර මොරටු විශ්වවිද්‍යාල භුමියට සූක්ෂමව ඇතුළු වී ගබඩා කාමරයේ  තිබු මෙම උපකරණ තොගය සොරාගෙන ගොස් ඇති බව සදහන්. සිද්දිය සම්බන්දව මොරටුව පොලිසියට ලද පැමිනිල්ලකට  අනුව කණ්ඩායම් දෙකක් යොදවා සිදුකළ විමර්ශනයේදී සොරා ගනු ලැබූ විදුලි බල්බ වෙලඳසල්වලට විකුණා තිබූ බවත්, වෙළඳසැල හිමියන් ගෙන් ලැබුණු හෝඩුවාවන් ඔස්සේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්  බවත් පොලිසිය සදහන් කලා . සොරාගත් භාණ්ඩ අතරින් , වෙලදසල්වලට අලෙවි කර තිබියදී විදුලි බල්බ 50කට  වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත…

තව කියවන්​න

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ පුනර්ජනනීය බලශක්ති සංගම් 6 ක නියෝජිතයින් අතර හමුවක් සිදුව තිබෙනවා. මෙම හමුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් ද එක්ව සිටි බව සඳහන්. එහිදී 2023 – 2026 සැළසුම්, විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රියාත්මක වන ව්‍යාපෘති, සැපයුම්කරුවන්ට විදුලිබල මණ්ඩලය ගෙවිය යුතු මුදල් සහ මූල්‍ය මෙන්ම තාක්ෂණික අවශ්‍යතා පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. මේ අතර 70 % කින් විදුලිබිල ඉහළ දැමුවහොත් සමස්ත නිෂ්පාදන ක්ෂේත්‍රයම කඩා වැටිය හැකි බව අමාත්‍යවරු ගණනාවක් ජනාධිපතිවරයාට පවසා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය යළි හරවා ගන්නා ලෙසයි ඔවුන් ජනාධිපතිවරයා…

තව කියවන්​න