Author: VNews

ආජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා. ඒ, ඔස්ට්‍රලෙියාව දෙකට එකක් ලෙස පරාජය කරමින්. සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනෙල් නොල් මෙසි සිය පාපන්දු දිවියේ දහස්වැනි තරගයට ඊයේ මුහුණදුන්නා. අහ්මඩ් බින් අලි ක්‍රීඩාංගනයේ පැවති තරගයේ 35 වනි විනාඩියේදී මිනිත්තුවේදී ලියෝනෙල් මෙසි ගෝලයක් වාර්තාකරනු ලැබුවේ ඔහුගේ පාපන්දු දිවියේ 789 වන ගෝලය ලෙසින්.

තව කියවන්​න

ප්‍රමුඛ පෙළේ චීන සමාගම් මෙරට කාර්මික වෙළෙඳ කලාපවල ආයෝජනයට සුදානම්ව සිටිනවා. චීන ආයෝජකයින් ඒ බව සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේදී. ඉලෙක්ට්‍රොනික හා අධිනිරවද්‍යතාවයෙන් යුත් නිෂ්පාදනයන්, සූර්ය බල ශක්තිය, අධිවේගී බලශක්ති ගබඩා ඒකක, ස්මාර්ට් ග්‍රිඩ් වැනි ක්ෂේත්‍ර කිහිපයක ආයෝජනය කිරීමටයි චීන නියෝජිතයන් කැමැත්ත පල කර ඇත්තේ. ත්‍රිකුණාමලය, හම්බන්තොට ඇතුළු කර්මාන්ත කලාපවල එම කර්මාන්ත ආරම්භ කිරීමට කැමැත්ත පළ කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළා. ඒ අනුව ආයෝජනයට හිතකර වාතාවරණයක් ඇති කිරීම සඳහා යෝජිත ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමටයි රජයේ අවධානය යොමුව ඇත්තේ. සෘජු විදේශ ආයෝජන සඳහා අමතර පහසුකම් ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරගාවලිය කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද පෙරවරු 8.00 ආරම්භ වීමට නියමිතයි . කණ්ඩායම් 22ක සහභාගීත්වයෙන් A,B,C,D,E   සහ F ලෙස කාණ්ඩ 6 ක් යටතේ තරග පැවැත්වෙනවා . තරගාවලියේ අවසන් පූර්ව තරග පස්වරු 3.30 ත් , අවසන් මහ තරගය පස්වරු 4.30 ත් පැවැත්වීමටයි කටයුතු සුදානම් කර ඇත්තේ . වෙළෙඳ සේවා හොකී සංගමය ඳා සංවිධාන කරන මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 44 වැනි වරටයි .

තව කියවන්​න

මෙරට දේශපාලකයින්ගෙන් සියයට 50 ක් 60 ක් අනිවාර්යෙන්ම දුෂිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ සමගි ජන බලවේගය පක්ෂයේ කඩුවෙල ආසන සමුළුවට එක වෙමින් . එහිදී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා කියා සිටියේ ඇතිව තිබෙන මෙම තත්වය සදහා දේශපාලකයින් මෙන්ම රජයේ ඇතැම් නිලධාරින් ද වගකිවයුතු බවයි .

තව කියවන්​න

අනවශ්‍ය බදු වැඩි කිරීම් හේතුවෙන් රට ඝාතනයට ලක්වන බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසනවා . එම සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය මේ බව පැවසුවේ කොළඹ පැවතී උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් . එහිදී වැඩිදුරටත් ඇය කියා සිටියේ රුපියල් 200 ක මිලකට අලෙවි කෙරුණු නිමි ඇදුමක මිල – විදුලි බිල ඉහල යාම හේතුවෙන් මේ වන විට රුපියල් 500 ක අගයක් ගන්නා බවයි .

තව කියවන්​න

මෙරටට පැමිණෙන සංචාරකයින් සදහා නව ආරක්ෂණ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා . මේ සදහා නව ජංගම යෙදවුමක් හඳුන්වා දීමටයි තීරණය කර ඇත්තේ. සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ සිය අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්තාවෙදි. ජනවාරි මාසයේදී මෙම ජංගම යෙදවුම භාවිතයට ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා . මෙම යෙදවුම මගින් සංචාරකයන්ගේ අභිමතය පරිදි ඔවුන් සිටිනා ස්ථානය පිරික්සීමට අවසර ලබාදීම, ඒ තුළින් ඔවුන් අතරමං වුවහොත් හෝ යම් ආරක්ෂිත පියවරයක් ගැනීමට අවශ්‍ය වුවහොත් එම පහසුකම්ද සලසා ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිතීඥ දිවියට වසර 50 ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් ඊයේ පස්වරුවේ කොළඹ ශෑන්ග්‍රිලා හෝටලයේදී විශේෂ උත්සවයක් පැවැත්වුණා . මෙම උත්සවය සදහා මෙරට විනිසුරුවරුන් සහ නිතීඥයින් දහසකට ආසන්න සංඛාවක් සහභාගී වී සිටි බවයි වාර්තා වන්නේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙන්ම අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා , විජයදාස රාජපක්ෂ, අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා . එමෙන්ම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල,දෙමල ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් යන මහත්වරුන්ද උත්සවය සදහා සහභාගී වී තිබෙනවා . ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ…

තව කියවන්​න

ඕමානයේ සිදුවන මිනිස් වෙළෙඳාම් සහ කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරයන් පිළිබඳ ඩුබායි සුද්දා නොහොත් නිශාන්ත ප්‍රියදර්ශන මාධ්‍ය හමුවක් පවත්වමින් ලිංගික අතරවයට ලක්වූ තරුණියන් පිළිබඳ කරුණු අනාවරණ කළා. ඔහු ඉදිරිපත් කළ වීඩියෝ පටයේ සඳහන් වූ තරුණිය පැවසුවේ තමන් සේවය කරන නිවසේ සිටින ගෘහ මුලිකයා මෙන්ම අවුරුදු 16ක් වැයසැති ඔහුගේ පිරිමි දරුවාගෙන් නිරන්තරයෙන් තමන්ට ලිංගික අපයෝජන සිදුවන බවයි. ඩුබායි සුද්දා නොහොත් නිශාන්ත ප්‍රියදර්ශන සඳහන් කළේ මෙවැනි හෙලිඩර් හමුවේ තමන්ට බලපෑම් එල්ල වේ ඇති බවයි.

තව කියවන්​න

වසර අවසානය වන විට ලක්ෂ 3කට අධික පිරිසක් රැකියා සඳහා රට හැර යනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එය ඉතිහාසයේ වර්ෂයක් තුල රට හැර ගිය වැඩිම පිරිස ලෙස සටහන් වනු ඇති. වර්තමානයේ ශ්‍රි ලංකාව මුහුණ දී ඇති අසීරුතා හමුවේ රැකියා සඳහා විදේශ ගතවීම් පසුගිය වසරට සාපේක්ෂව 136% කින් පහණ ඉහල ගොස් තිබෙනවා. ගෙවුණු මාස 11ක කාලය තුල රැකියා සඳහා විදේශගත වී ඇති බව සංඛ්‍යාව දී 289,395ක්. බහුතරයක් විදෙස්ගත වී ඇත්තේ කුවේට්, සෞදි ආරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන මැදපෙරදිග රටවල් සඳහායි. දෛනිකව මෙරටින් 850ක් පමණ රැකියා සඳහා විදේශ ගත වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා…

තව කියවන්​න

තමිල්නාඩුවේ පූජනීය ස්ථානවලට දුරකතන රැගෙන යාම තමිල්නාඩු අධිකරණය විසින් තහනම් කර තිබෙනවා. කෝවිලක ඇති වූ ගැටලුවක් මුල්කර ගනිමින් පැවති නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ආගමික ස්ථානවල පූජනීය භාවය රැකගැනීම සහ වන්දනාකරුවන්ට සිදුවන බාධාවන් මඟහරවා ගැනීම මෙම තීරණය ගැනීමට හේතුවී ඇති බව සඳහන්. Madurai bench of Madras High court directs the Government of Tamil Nadu to prohibit devotees from taking mobile phones inside all temples in the state in order to “maintain the purity and sanctity”. — ANI (@ANI) December 2, 2022

තව කියවන්​න