- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
අපරාධයක් සිදු කිරීමට තැත් කරමින් සිටි සැකකරුවන් 3 න් දෙනෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්වුණා. පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයට ලැබුණු තොරතුරකට අනුව වැල්ලම්පිටිය මංසන්දිය අසළ විශේෂ වැටලීමක් සිදුකළා. එහිදි මෝටර් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් 3 න් දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 9යි මිලි ග්‍රැම් 89ක් සමග අත්අඩංගුවට ගත් බවයි වැටලීම සිදුකළ නිලධාරීන් සදහන් කළේ. සිදුකළ විමර්ෂණවලදි හෙළි වී ඇත්තේ සැකකරුවන් සංවිධානාත්මක අපරාධ කල්ලියක් සමග සම්බන්ධ වී යම් අපරාධයක් සිදු කිරීමට ප්‍රදේශයේ සැරිසරමින් සිටි බවයි. ඔවුන් වැඩිදුර විමර්ෂන සදහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කළා.
සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. එම සේවකයින් පසුගිය සිකුරාදා සිට වැඩවර්ජනයකට අවතීර්ණ වූණේ එම සීනි කර්මාන්ත ශාලාවල සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනක නිමලචන්ද්‍ර මහතා වෙනුවට වැඩබලන සභාපතිවරයෙකු පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිවයි. ගැටලුවට ලිඛිත විසඳුමක් ලැබෙන තෙක් සිය වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් සිසිර කුමාර මහතා සඳහන් කළා. ඔහු පැවසුවේ, සිය වැඩවර්ජනය හේතුවෙන් සීනි කර්මාන්ත ශාලාවල නඩත්තු කටයුතු ද ඇණහිට ඇති බවයි.
දුම්රිය ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල හන්දිය සහ අලව්ව දුම්රිය ස්ථාන අතර වර්ණ සංඥා පද්ධතියේ දෝෂයක් මතුව ඇතැයි වාර්තා වනවා. මේ හේතුවෙන් එම දුම්රිය ස්ථාන අතර ධාවනය වන සියලුම් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව ශ්‍රී ලංකා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහන අද සිට සංශෝධනය වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. දුම්රියේ ගමන් ගන්නා මගීන් ප්‍රමාණය වැඩිවීම, වේගසීමා පැනවීම මත මෙලෙස දුම්රිය කාලසටහන සංශෝධනය වනු ඇති.
සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය නැවතත් අලුත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවා, රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම ඇතුළු සේවා එම ගැසට් නිවේදනයෙන් නැවතත් අත්‍යවශ්‍ය සේවා බවට පත්ව තිබෙනවා.
රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් යුක්‍රේනයේ ඩොන්බාස් කලාපයේ සංචාරයක ඉදිරි දිනවලදි නිරතවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. රුසියානු මාධ්‍ය ප්‍රකාශක දිමිත්ත්‍රි පෙස්කෝ සඳහන් කලේ ඩොන්බාස් කලාපය රුසියානු සමුහ ආණ්ඩුවේ කොටසක් බැවින් රුසියා ජනාධිපතිවරයා නියමිත කාල වකවානුවේදි එහි සංචාරයක එක් වනු ඇති බවයි. රුසියාව පසුගිය ඔක්තෝබර් මාසයේ දි ජාත්‍යන්තර නීතියට පටහැනිව යුක්‍රේනයේ කලාප 4ක් තම රටට ඇදා ගැනීමේ පියවරවලට අත්සන් තැබුවා. කෙසේ වුවත් විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ රුසියාව ඩොන්බාස් කලාපයත් රුසියාවට ඇදා ගැනිමේ ක්‍රමවේදයක ඔවුන් නිරතව සිටින බවයි. රුසියා බලධාරීන් ඩොන්බාස් කලාපය රුසියාවට අයත් බව ප්‍රකාශකළ ද රුසියා හමුදා එම ප්‍රදේශ සම්පුර්ණයෙන්ම පාලනය නොකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ලොකු ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මේ අනුව දෙසැම්බර් මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු සංශෝධනයන් සිදුකර ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සඳහන් කළා. පසුගිය වසරේ සැප්තැම්බර් මස 22 වන දින සිට ලොකුළුණු කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබු රුපියල් 50 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10 ක් දක්වා මේ අනුව අඩු කෙරෙනු ඇති. පසුගිය මැයි මස 18 වනදා සිට ටින් මාළු කිලෝග්‍රෑම්යක් සඳහා අය කළ රුපියල් 100 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200 දක්වා ඉහළ දමා ඇති බව වාර්තා…
අද දිනයේත් විදුලි කප්පාදුවක් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂමේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව දිවා කාලයේ පැයක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ පැය එකයි විනාඩි විස්සක කාලයක් ද වශයෙන් පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු වන බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම පවසන්නේ. ඒ අනුව ඒ සිට ඩබ්ලිව් යන කලාපවලට මෙලෙස විදුලි කප්පාදුව සිදු වනු ඇති .
විදුලි බල මණ්ඩලයට අයත් සියලු බලාගාර රජය විසින් විකුණා දැමීමට තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගය පවසනවා . එහි නායක පර්ලිම්නේතු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සදහන් කලේ විදුලි බලාගාර පමණක් නොව ජලාශ පවා විකුණා දැමීමේ සුදානම පවතින් බවයි . මහර ආසන සමුළුව අමතමින් පාර්ලිම්නේතු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව අවධාරණය කළා .
සංචාරකයින් 480 ක් රැගෙන මෙරටට පැමිණි අසමාරා ක්වෙස්ට් නෞකාව අද හම්බන්තොට වරායට ළගාවීමට නියමිතයි. සංචාරකයින් 480 ක් හා කාර්ය මණ්ඩලයේ 400 දෙනෙකු සමඟ එම නෞකාව පෙරේදා කොළම වරායට ළගාවුණා. මෝල්ටා ධජය යටතේ ලියාපදිංචි කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 181 ක් හා පළලින් මීටර් 25 ක් වනවා. නෞකාවෙන් පැමිණි සංචාරකයින් අතරින් වැඩි පිරිස යුරෝපා ජාතිකයින්. කොළඹ වරායේ සිට ගමන් ඇරඹු එම යාත්‍රාව අද දිනයේ හම්බන්තොට වරායට ළගාවීමට නියමිත අතර නෞකාව අද රාත්‍රියේ ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222