Author: VNews

ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සත් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. නියෙයා්ජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු විශේඥ වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළු සත් පුද්ගල කමිටුවක් මෙලෙස පත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා. ඉන්ද්‍රියන් බද්ධ කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් ප්‍රචාරය වු කරුණු සහ වෙනත් කරුණු මත පදනම්ව මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාරය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත මෙම විමර්ශනය සිදු කරන බවද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

තව කියවන්​න

ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට ඩීසල් මිල අඩු කර තිබෙනවා. මේ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කෙරෙනු ඇති. ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420 ක් වන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කළේ. මෙම මිල සංශෝධනයට සමගාමීව ලංකා ඉන්දියානු තෙල් සමාගමද ඩීසල් ලීටරයක මිල රුපියල් 420 ක් දක්වා පහත දමා තිබෙනවා. මේ අතර ගෑස් මිල පිළිබඳ සඳහන් කරමින් ලාෆ්ස් ගෑස් සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය මගින් අදාළ සමාගම ප්‍රකාශ කර ඇත්තේ ගෘහස්ථ ලාෆ්ස් ගෑස් මිලෙහි වැඩිවීමක් සිදු නොවනු ඇති බවයි. මේ අනුව දැනට පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන බවද එම සමාගම වැඩිදුරටත් ප්‍රකාශ…

තව කියවන්​න

අද(05) මධ්‍යම රාත්‍රීයේ සිට ඩීසල් මිල පහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව අද(05) මධ්‍යම රාත්‍රීයේ සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දමා තිබෙනවා. මෙතෙක් රුපියල් 430කට අලෙවි කෙරුණු ලංකා සුදු ඩීසල් ලීටරයක් අද(5) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 420ත් දක්වා පහළ වැටෙනවා. කෙසේ වෙතත් ලංකා සුපිරි ඩීසල්, පෙට්‍රල් ඔක්ටේන් 95 සහ 92, ලංකා භූමිතෙල් සහ ලංකා කාර්මික භූමිතෙල් මිල ගණන්වල වෙනසක් සිදුව නැහැ. ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 510කටත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 510කටත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටර්යක් රුපියන් 370කටත් භූමිතෙල් ලීටරයක් රුපියල් 365කටත් කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 464කටත් අලෙවි කෙරෙනවා.…

තව කියවන්​න

ලිට්‍රෝ ගෑස් මිල අද(05) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා තිබෙනවා. ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ ඒ් අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 250කින් ඉහළ දමා ඇති බවයි. ඒ් අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 4610ක්. කිලෝග්‍රෑම් පහ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1850ක් වන අතර ඉහළ දැමුණු මුදල වන්නේ රුපියල් සියයක්. රුපියල් 815ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 45කින් ඉහළ දැමීම හේතුවෙන් එහි නව මිල රුපියල් 860ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තව කියවන්​න

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වී ශ්‍රී ලංකාවේ උතුරුට ආසන්නයෙන් ගමන් කළ හැකි බැවින් දෙසැම්බර් මස 07 සහ 08 යන දිනවලදී උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි. එසේම අද රාත්‍රීෙය්දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(05) පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ…

තව කියවන්​න

වත්මන් ලෝක ශූර ප්‍රංශ කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. ඒ, කටාර් හි අර්තුමාමා ක්‍රීඩාංගනයේදී පැවති තරගයේ පළමු අර්ධයේදි ප්‍රබල ප්‍රංශ කණ්ඩායම ගෝල 1 ට 0 ක් ලෙස පෙරමුණ ගනිමින්. තරගයේ දෙවන අර්ධයේ දී ප්‍රංශය ගෝල 2 ක් රැස් කළ අතර පෝලන්තයද එම අර්ධයේ දී ගෝලයක් රැස් කිරීමට සමත්වුණා. මේ අතර සෙනගා රාජ්‍ය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගැනීමට එංගලන්තය සමත් වුණා. මේ අනුව ෆිෆා වර්ල්ඩ් කප් කටාර් 2022 තරගාවලියේ තවත් තරගයක් ජපානය සහ ක්‍රෝඒටියාව අතර අද දින පැවැතවීමට නියමිතයි. එමෙන්ම හෙට දින බ්‍රසීලය සහ දකුණු කොරියාව මෙන්ම මොරොක්කෝව සහ…

තව කියවන්​න

අයවැය පරාජයට පත්කිරීම සඳහා බලපෑම් සිදු කිරීමට වෘත්තීය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය අද සහ හෙට දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර තිබෙනවා. වරාය, සෞඛ්‍ය, වෙළද කලාප, ජල සම්පාදන, තෙල් සංස්ථාව, හෝටල් ආදි අංශ නියෝජනය කරන වෘත්තිය සමිති නියෝජිතයින් ද විරෝධතා ව්‍යාපාරය සඳහා එක්වීමට නියමිතයි.

තව කියවන්​න

ගම්පහ,මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පාසලක ආපනශාලාවක තිබී මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, අදාළ ආපනශාලවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්පෙති 38 ක් සොයා ගත් බවයි. කාන්තාවක පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

තව කියවන්​න

රුසියානු බොර තෙල් බැරලයක් ඩොලර් 60 ක උපරිම මිල සීමාවක් යටතේ මිල දී ගැනීමට ජී හත සමුළුව නියෝජනය කරන රාජ්‍ය නායකයන් ගත් තීරණය අද සිට ක්‍රියාත්මකයි. කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් රුසියාව මීට පෙර ප්‍රකාශ කළේ තමන් නියම කරන මිලට බොර තෙල් මිල දී නොගන්නේ නම් අදාළ රටවලට ඉන්ධන සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බවයි. ජී හත රටවල මෙම තීරණයත් සමඟ ඉන් රුසියානු ආර්ථිකයට බලපෑමක් එල්ල විය හැකි බව විදෙස් විචාරකයින් සඳහන් කළා. යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ විකල්ප වෙළඳපොලවල් ඇති බැවින් ජී- හත රටවල තීරණයෙන් රුසියාවට දැඩි බලපෑමක් එල්ල නොවනු ඇති බවයි.

තව කියවන්​න

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට බලපෑ අයහපත් කාළගුණයෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. ජොහැන්නස්බර්ග් නගරයේ ජුක්ස්කෙයි ගඟ අසබඩ පිහිටි පල්ලියක ආගමික වතාවත්වල නිරත වී සිටි පිරිසක් මෙමෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින් 15 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මකයි. ජොහැන්ස්බර්ග් නගරයට පෙරේදා රාත්‍රීයේ ඇද හැලුන අධික වර්ෂාපතනය හේතුවෙන් හදිසි ගංවතුර තත්වයක් ද හටගත්තා. ජොහැන්නස්බර්ග් නගරයේ හදිසි සේවා අංශය සඳහන් කරන්නේ පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මෙම ගංඟාව අසළ සිදු කෙරෙන චාරිත්‍ර සිදු නොකරන ලෙසයි.

තව කියවන්​න