- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨයේ සිදු වූ ගැටුමට සම්බන්ධ සිසුන් 54 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අවලංගු කර තිබෙනවා. එම සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි අමාත්‍යංශය සඳහන් කළේ. මේ අතර සිසු ගැටුම පිළිබඳව රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨය මඟින්ද පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. පසුගිය නොවැම්බර් මස 26 වැනිදා එම විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබූ අතර එහිදී තුවාල ලැබූ සිසුන් 12 දෙනෙකු රෝහල්ගත කෙරුණා.
ජාඇල – ඒකළ – දඩුගම මාර්ගයේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 6 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව දඩුගම, ඒකළ, තුඩැල්ල, කොටුගොඩ, අලවතුපිටිය,මිනුවන්ගොඩ, උඩුගම්පොල, දඹතුරේ සහ රද්දොළුගම ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 න් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව ඊයේ දිනයේදී අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බව සඳහන්. එමෙන්ම අදාළ නිවේදනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස නිශ්චිතවම තීරණය කර ඇති නිලධාරීන් හැර සියලුම රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට විශ්‍රාම යා යුතු බව එහි දක්වා තිබෙනවා. මේ අනුව ලබන වසරේ ජනවාරි මස පළමු වනදා සිට අදාළ විශ්‍රාම ගැන්වීම් බලාත්මක බව සඳහන්.
මැතිවරණයක් පැවැත්වීමට කාලය පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. සිය පක්ෂය ඕනෑම අවස්ථාවක මැතිවරණයකට මුහුණදීමට සූදානම් බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ අද පැවති උත්සවයකදී හිටපු අමාත්‍යවරයා කියා සිටියේ.
ඉරානයේ ඉස්ලාමීය ඇදුම් පැළදුම් පිළිබද නීති ක්‍රියාත්මක කිරිමේ වගකීම පැවරී ඇති ඉරාන සදාචාර පොලිසිය විසුරුවා හරින බව ඉරාන නීතිපතිවරයා පවසනවා. ඉරාන නීතිපතිවරයා මේ බව සදහන් කළේ එරට පැවති විශේෂ උත්සවයකට එක්වෙමින්. කෙසේ වුවද මෙම නීති වෙනස් කිරීම සිදුකළ යුත්තේ ඊට අදාළ ආයතන එක්ව නව පනතක් ඉදිරිපත් කිරීමෙන් බවයි ඉරාන නීතිපති මොහොමඩ් ජෆර් මොන්ටාසෙරී වැඩිදුරටත් සදහන් කළේ. ඉරාන සදාචාර පොලිසිය මගින් මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගැණුනු 22 හැවිරිදි මාසා අමේනි තරුණිය අත්අඩංගුවේ පසුවන විට මියයාම සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරාම විරෝධතා පැවැත්වුණා. ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ එරට පවතින ඇදුම් පැළදුම් සංග්‍රහය උල්ලංඝනය කල බවට චෝදනා කරමින්.
දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද වන දින වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පසුව එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරමින් ක්‍රමයෙන් සුළි කුණාටුවක් බවට වර්ධනය වී නිරිත දිග බෙංගාල බොක්ක හරහා දෙසැම්බර් මස 08 වනදා වන විට තමිල්නාඩු වෙරළ තීරයට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනු…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන අදියර අද සිට ආරම්භ වනවා . මේ වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය ඒ පිලිබදව සැකසු විශේෂාංගයක් .
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට ඉදිරිපත් නොවුණේ නම් තමා දේශපාලනයෙන් සදාකාලික සමු ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. නිදහස ජනතා සභාවේ බදුල්ල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මේ බව සඳහන් කළා.
සංචාරක වීසා මඟින් මැලේසියාවේ රැකියා සඳහා පුද්ගලයින් රැගෙන යාමේ ජාවාරමක් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා. මේ අනුව එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ගුවන්තොටුපල කාර්යාංශය සහ විශේෂ විමර්ශණ ඒකකය එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ. මෙම මෙහෙයුම් යටතේ පුද්ගලයින් 23 දෙනෙකු සංචාරක වීසා මඟින් මැලේසියාවේ රැකියා සඳහා පිටත්ව යාමේ උත්සායක් ව්‍යාර්ථ කළ බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළා.
ලබන 10 වැනි සෙනසුරාදා වෙනුවට 13 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා. මේ අනුව ලබන දස වනදා පාර්ලිමේන්තුව රැස්වීමටත්, එදින සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටත්, මීට පෙර තීරණය වී තිබුණා. මේ අනුව ලබන 13 අගහරුවාදා සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කොට ඇති අතර පෙර තීරණය කළ පරිදි 09 වන සිකුරාදා, එකතු කළ අගය මත බදු සංශෝධන සහ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වය දෙවනවර කියැවීමේ විවාදය පැවැත්වීමට නියමිත බවද මහලේකම්වරයා අවධාරණය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222