- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14දෙනෙකු නිදහස් කර තිබෙනවා . ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ එම ධීවරයින් ඊයේ ඉන්දීයාවේ චෙන්නායි වෙත ළඟාවූ බවයි . ඔවුන්ව පසුගිය නොවැම්බර් මාසයේදී මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙරට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා . අදාළ ධීවරයින් ඉන්දීයාවේ තමිල්නාඩු, පුදුක්කෝට්ටෙයි සහ නාගපට්නම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ .
2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භය ඊයේ සිදු වුණා . මේ තරගාවලියේ ආරම්භක තරග තොරතුරු ඇතුලත් වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් .
පෙබරවාරි මාසය අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සහ රජය අවශ්‍ය පියවර ගත යුතුව ඇතැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. යම් හෙයකින් පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මාසය අවසන් වීමට පෙර පැවැත්වීමට නොහැකි වුවහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවන බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා. මාර්තු 12 ව්‍යාපාරය කොළඹ පදනම් ආයතනයේදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි තම සංවිධානය අග්‍රාමාත්‍යවරයා හමුවී ඉල්ලීමක් කළ බවත් ඔහු සඳහන් කළා. නියමිත කාලයට මැතිවරණ පැවැත්විය යුතු බවත්, මැතිවරණයට බාධාවක් වන ආකාරයෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගතහොත් ඊට එරෙහිව…
වකුගඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තැරැව්කරුවකු බව කියන පුද්ගලයෙකු ලබන 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහතා නියෝග කළා. අදාළ සැකකරු එදින හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා යොමු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට එහිදී නියෝග කර ඇත්තේ. පෙරේදා දිනයේදී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් අදාළ සැකකරු ඊයේ දිනය ආවරණය කොට අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුකරය මෙරට අපරාධ ඉතිහාසයේ සුවිශේෂී නඩු කටයුත්තක් වන බවයි. මෙම සිද්ධියට සම්බන්ධ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි රෝහලේ අධ්‍යක්ෂ…
රුපියල් බිලියන දෙකක අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. ඒ, චීනය විසින් ශ්‍රී ලාංකීය ජනතාව වෙත සිදු කළ පරිත්‍යාගයක් ලෙසයි. එම අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගය බහාලුම් 24 ක පෙට්ටි 16,000 කින් සමන්විත වන අතර එහි සම්පූර්ණ බර මෙට්‍රික් ටොන් 255 ඉක්ම වන බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.
දුම්රිය සේවය කිසිවිටෙකත් පෞද්ගලීකරණය නොකරන බවත්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කර එය ලාභ ලබන තත්වයට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත්, රජයේ කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. දෙපාර්තමේන්තුවක් ලෙස තීන්දු තීරණ ගැනීමේදී අපහසුතා පැවතීම හේතුවෙන් එය අධිකාරියක් බවට පත්කිරීමට පියවර ගන්නා බවද සඳහන් කල අමාත්‍යවරයා දෙපාර්තමේන්තුවක් ලෙස තිබූ වරාය ද අධිකාරියක් කිරීමෙන් පසු ලාභ ලබන තත්වයට පත්ව ඇතැයි මෙහිදී පෙන්වා දුන්නා. දුම්රිය මාර්ගවල ඇතැම් පීලි අවුරුදු 10 ත් 40 ත් අතර පැරණි බැවින් පීලි පැනීමේ අවදානමක් පවතින බවත්, දුම්රිය සඳහා වේග සීමා පැනවීමට සිදුව ඇතැයිද සඳහන් කල අමාත්‍යවරයා දුම්රිය මාර්ග පද්ධතිය…
අයවැයෙන් පසු සියලුම මන්ත්‍රීවරුන්ට මාසයකට වැඩි නිවාඩු කාලයක් හිමි වනවා. මේ අනුව පාර්ලිමේන්තුව අවසන් වශයෙන් ලබන 13 වනදා රැස්වීමෙන් අනතුරුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි මස 17 වනදායි. එය නව වසරේ පළමු රැස්වීමද වනවා. අද උඳුවප් පුර පසළොස්වක පොහොය හේතුවෙන් පාර්ලිමේන්තුව රැස් නොවන අතර හෙට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ වැය ශිර්ෂ විවාදයන් ද පැවැත්වෙනු ඇති. මේ අතර අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම හෙවත් තෙවැනි වර කියවීමේ ඡන්දය හෙට පස්වරු 05.00 ට පැවැත්වීමට නියමිතයි. එකතු කළ අගය මත බදු සංශෝධන සහ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බි්‍රතාන්‍ය මහ කොමසාරිස්, ජපාන තානාපති, අමෙරිකානු තානාපති, ඉන්දීය මහ කොමසාරිස් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතර අදහස් හුවමාරුවක් සිදුව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ද්විපාර්ශ්වීය සංවර්ධන සහයෝගීතාව සම්බන්ධයෙන් අදාළ සාකච්ඡාව සිදුව ඇති බවයි. මෙම හමුව කොළඹදී සිදුව තිබෙනවා. මේ අතර ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ නියෝජිතයින් තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කොළඹදී පැවති දීර්ඝ වට මේස සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹ ඇති බව සඳහන්. මුදල්,…
වසරේ අවසන් පුර පසළොස්වක පොහොය දිනය වන උදුවප් පොහොය දිනය අදට යෙදී තිබෙනවා . මේ වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය ඒ පිලිබදව සැකසු විශේෂාංගයක් . අදින් ආරම්භ වන සිරිපා වන්දනා සමය ලබන වසරේ වෙසක් පුන් පොහෝ දිනය දක්වා මාස 06 ක කාලයක් පැවැත්වෙනවා. මේ අනුව ශ්‍රීපාද පත්මය සුවඳ පැණින් දෝවනය කර චාරිත්‍රාණුකූල පුද පූජා පවත්වා සඳාතුක කරඬුව, සුමන සමන් දේව පිළිමය හා දේවාභරණ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ අද අලුයම තැන්පත් කිරීමටයි කටයුතු කලේ . පසුගිය 5 වනදා පැල්මඬුල්ල, ගල්පොත්තාවෙල, ශ්‍රීපාද රජමහා විහාරයේ තැන්පත් කර තිබු සඳාතුක කරඬුව, ශ්‍රී සුමන සමන් දේව පිළිමය හා දේවාභරණ සුභ නැකතින් දොරට වැඩම…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජානකී සිරිවර්ධන ඇපමත මුදාහැර තිබෙනවා. තිළිනි ප්‍රියමාලි සමඟ මූල්‍ය වංචා සිදුකළ බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වනවා. මේ හේතුවෙන් ඇය පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222