- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
වෙළෙඳසැලකින් සොරා ගන්නා ලද ජංගම දුරකථන තොගයක් පහසු ගෙවීමේ ක්‍රමයට විවිධ පුද්ගලයින්ට අලෙවි කළ සැකකරුවෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හංවැල්ල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලක් බිඳ සැකකරු රුපියල් ලක්ෂ 10 කට අධික වටිනා ජංගම දුරකථන තොගයක් මෙලෙස සොරා ගෙන ඇති බව සඳහන්. සැකකරු සොරා ගත් ජංගම දුරකථන අවිස්සාවේල්ල, කොස්ගම සහ සාලාව ආදී ප්‍රදේශවල පුද්ගලයින්ට පහසු ගෙවීමේ ක්‍රමයට ලබාදී තිබෙනවා. එලෙස සොරා ගත් ජංගම දුරකථන 19 ක් පොලිස් විමර්ශනවලදී සොයා ගෙන ඇති බව සඳහන්. සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණේ සොරකමෙන් මාස 10 කට පමණ පසු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්. අදාළ සැකකරු කලුඅග්ගල ප්‍රදේශයේ පදිංචි 41ක් හැවිරිදි පුද්ගලයකු වනවා.
අද අලුයම සිදුකළ විශේෂ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමග එක්වී වැටලීම සිදුකර ඇති බව සඳහන්. ඒ, පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේදීයි. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ විසින් සිදු කරනු ලබනවා.
2022 – 2023 වසර සඳහා ශ්‍රී පාද වන්දනා වාරය අදට යෙදුන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කළ බව ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති සබරගමුව රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න හිමියන් පවසනවා. පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුරය අවිස්සාවේල්ල හැටන් මාර්ගය, බලංගොඩ බගවන්තලාව මාර්ගය, රත්නපුරය පලාබද්දල සහ රජ මාවත ඔස්සේ ද වැඩම කරවූ සධාතුක කරඩුව වැඩම කරවනු ලැබුවා. එලෙස චාරිත්‍රානුකූලව වැඩම කරවූ ධාතුන් වහන්සේ සහ සමන් දේව ප්‍රතිමාව, දේවආභරණ ශ්‍රී පාද උඩමලුවේ තැන්පත් කිරීමෙන් පසු අද දින සිට ශ්‍රී පාද වන්දනාව මෙලෙස ආරම්භ කර ඇති බවයි පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.
පසුගිය දින කිහිපයේ සුඛෝපභෝගි නෞකාවලින් පැමිණි සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීම හේතුවෙන් රුපියල් හත්ලක්ෂ 21,541 ක ආදායමක් ලැබී තිබෙනවා. කෘෂිකර්ම වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය නොවැම්බර් 30 සිට දෙසැම්බර් 5 දක්වා කාලය තුළදී එම නෞකාවලින් පැමිණි සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණීමෙන් මෙම ආදායම ලැබී ඇති බවයි. එමෙන්ම විදේශීය සංචාරකයින් 632 දෙනෙකු එම කාලය තුළ මෙම වනෝද්‍යානය නරඹා ඇති බවද සදහන්.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරගැනීමට මොරොක්කෝව සහ පෘතුගාලය සමත් වී තිබෙනවා. මොරොක්කෝව අර්ධ අවසන් පූර්ව වටයක තම ස්ථානය තහවුරු කරගත් පළමු අවස්ථාව මෙය බව සඳහන්. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ තරගයක් ඊයේ පැවැත්වුණේ මොරොක්කෝව සහ ස්පාඤ්ඤය කණ්ඩායම අතරයි.
විදේශගතව සිට පැමිණෙන පුද්ගලයන්ට පනවා තිබූ එන්නත්කරණ සහතිකය ඉදිරිපත් කිරීම ඇතුළු කොරෝනා රෙගුලාසි අද සිට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. නිවේදනයනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළා. පැවති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ විදේශගතව සිට පැමිණෙන පුද්ගලයන් සඳහා එන්නත්කරන සහතිකය ඉදිරිපත් කිරීම පසුගිය කාලය තුළ අනිවාර්යය කිරීමටයි රජය විසින් පියවර ගෙන තිබුණේ.
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පරිපාලනය විසින් සිදු කර ඇති අක්‍රමිකතා රැසක් පිළිබඳව විගණකාධිපති වාර්තාවෙන් අනාවරණය වී ඇති බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා. එම කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අදාළ රෝහලේ පාලනාධිකාරියෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කර සිටියා. මෙහිදී වැඩි අවධානයක් යොමු වුණේ රෝහල් භූමියට අයත් ඉඩම් වෙනත් පාර්ශවයක් විසින් අතපත් කරගැනීම මෙන්ම හදුනා ගැනීමට සිදුකළ මැනීම් කටයුත්තේ අක්‍රමිකතාවයක් පිළිබඳවයි. මේ එහිදී කෝප් කමිටුවේ සභාපති සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කාර්යය මණ්ඩලය අතර ඇති වූ සංවාදයයි.
පොලිස් වෙස්ගත් පුද්ගලයින් තිදෙනෙක් විසින් නිවසක් කොල්ලකා තිබෙනවා. මෙහිදී ඔවුන් නිවැසියන් බියගන්වා ඔවුන්ට පහරදී අදාළ දේපල කොල්ලකා ඇති බවයි වාර්තා වන්නේ. කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේදී ඊයේ අලුරෑයම් කාලයේදී මෙම සිද්දිය සිදුව ඇති බව පොලිසිය පැවසුවා. අදාළ සැකකරුවන් විසින් නිවැසියන් සතුව තිබු රන් ආභරණ විශාල ප්‍රමාණයක්, මුදලින් රුපියල් තුන්ලක්ෂ 55,000 ක් සහ ජංගම දුරකථනයක් ඇතුළු තවත් දේපළ කොල්ලකා තිබෙනවා. කොල්ලකන ලද දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ 18කට අධික වන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලීසිය විමර්ශන සිදු කරනු ලබනවා.
ඔක්තෝම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ අපනයන සියයට 21 කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව එහි වටිනාකම දැක්වුණේ, ඇමරිකානු ඩොලර් මිලියන 1,336 ක් ලෙසයි. එමෙන්ම සියයට 11 යි දශම 9 ක් ලෙස අපනයන අඩුව ඇති අතර අයවැය පරතරය ඔක්තෝම්බර් මාසයේ ඩොලර් 285ක් දක්වා අඩු වී ඇති බවට යි වාර්තා වන්නේ.
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතවී පවතින පීඩන අවපාතය අද පස්වරුව වනවිට ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් වන උතුරු-තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ වෙත එම පද්ධතිය හෙට වන විට ළඟාවීමට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ . ඒ හේතුවෙන් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා . කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ බස්නාහිර පළාතේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222