Author: VNews

මෙවර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් උපකාරක පන්ති පැවැත්වීම ලබන 14 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී ධර්මසේන මහතා පවසනවා. ශිෂ්‍යත්ව විභාගය ලබන 18 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර විභාගය අවසන් වන තෙක් මෙම නියමය බලපැවැත්වෙන බවයි කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කළේ. විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුලු, උපකාරක පන්ති සංවිධානය සහ මෙහෙයවීම, අනුමාන ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම ආදි කටයුතු මේ අනුව තහනම් වනු ඇති.

තව කියවන්​න

එකතු කළ අගය මත බදු සංශෝධන හා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත් පිළිබඳ අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණා. අයවැය කාරක සභා අවස්ථා විවාදය අතරතුර සමගි ජන බලවේගයේ නලීන් බණ්ඩාර මහතා සහ දයා ගමගේ රාජ්‍ය අමාත්‍යවරයා අතර ඇති වූ වචන හුවමාරුව සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේ දී අදහස් පළ වුණා. එහිදී පොදුජන පෙරමුණ මන්ත්‍රි සමන්ප්‍රිය හේරත් මහතා රීති පැනයක් යොමු කරමින් මේ පිළිබඳ කරුණු දක්වා සිටියා. එහිදි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා සහ කෝකිලා ගුණවර්ධන මන්ත්‍රිවරිය අතර මෙලෙස සංවාදයක් ඇති වුණා. මේ යලිත් කරුණු දැක් වූ කෝකිලා ගුණවර්ධන මන්ත්‍රිවරිය.

තව කියවන්​න

පාර්ලිමේන්තුවට අවශ්‍ය නොවන භාණ්ඩ තොගයක් ගෙනැවිත් ඇති බව බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා අද අනාවරණ කළා. ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවයි බුද්ධික පතිරණ මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ. තවදුරටත් කරුණු අනාවරණ කරමින් මන්ත්‍රිවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා එම භාණ්ඩ භාර ගෙන ඇති බවයි. මෙහිදී හේෂා විතානගේ මන්ත්‍රිවරයා ද ඒ සම්බන්ධයෙන් තවත් කරුණු දක්වා සිටියා. බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා යළිත් කරුණු දැක්වීමත් සමඟ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ද ඊට මැදිහත් වූ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තම විරෝධය පළ කළා.

තව කියවන්​න

විදුලිය කප්පාදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව 10, 11, සහ 12 යන දිනවලදී පිළිවෙලින් දහවල් කාලයේදී පැයක කාලයක් විදුලිය කප්පාදු කරන බව සඳහන්. එමෙන්ම රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.

තව කියවන්​න

කල්පිටිය, උච්චමුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 0.988 ක ප්‍රමාණයක් සහිත පාර්සලයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදා යාත්‍රාව මඟහැර උච්චමුනේ වෙරළ තීරය දෙසට යාත්‍රා කිරීමෙන් අනතුරුව එහි සිටි පිරිස විසින් උච්චමුනේ වෙරලේ අදාළ ඩිංගි යාත්‍රාව අත්හැර දමා ගොස් තිබියදී මෙලෙස සොයා ගත් බව සඳහන්. මේ අනුව සිය භාරයට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම  රුපියල් මිලියන 9 කට අධික වන බවයි නාවික හමුදාව පැවසුවේ.

තව කියවන්​න

එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබෙනවා. මේ අනුව දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් ජාලය හරහා අද සිට ජනතාවට මෙම සහනය ලබාගත හැකියි. අදාළ මිල අඩු කිරීම් යටතේ කීරි සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 215 ක්, බී ලූනු කිලෝග්‍රෑමයක මිල රුපියල් 199 ක් සහ ටින් මාළු ග්‍රෑම් 425 එකක් රුපියල් 495 ක් යටතේ පාරිභෝගිකයින්ට මිලදී ගත හැකි වනවා. මේ අතර ආනයනික කිරිපිටි මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1240 ක් වන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ. එමෙන්ම ග්‍රෑම් 400 ආනයනික කිරි පිටි…

තව කියවන්​න

ගාලු මුවදොර පැවැති ගෝඨා ගෝ ගම නැමති අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 05 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දී තිබෙනවා. ඒ, විජිත් මළල්ගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් සළකා බැලීමෙන් අනතුරුවයි. දීර්ඝ කරුණු අධ්‍යයනයකින් පසුව විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා මේ අනුව අවසර ලබාදෙන බවයි. ඒ අනුව අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ජූනි මස 22 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා ඇති බව සඳහන්. අදාළ පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, බස්නාහිර…

තව කියවන්​න

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් හා දූශණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරයකුයි. ඉපලෝගම, කුංචිකුලම ප්‍රදේශයේ පුද්ගලයකු සිදුකල පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බව සඳහන්. පැමිණිලිකරුගෙන් රුපියල් 15000ක අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේ දී මෙම වැටලීම සිදුකර තිබුණා.

තව කියවන්​න

ජීවන වියදම, ඉන්ධන මිල, බදු බර තවදුරටත් ඉහළ යාම සහ නව බදු ක්‍රමයට එරෙහිව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද පෙරවරුවේ පොල්දූව හන්දියේ දී පැවැත්වුණා. මේ සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මෙන්ම ලංකා බැංකු සංගමය එක්ව සිටියා.

තව කියවන්​න

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කළ වරදට අත්අඩංගුවට ගත් තරුණයා එළඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට සැකකරු අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. එමෙන්ම සැකකරුගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස ද අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබෙනවා. අදාළ සැකකරු නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී මාර්ග නීති උල්ලංඝනය කරමින් මෝටර් රථයක් ධාවනය කර තිබූ අතර රථ වාහන අංශය විසින් ඔහුට දඩයක් නියම කර තිබුණා. ඊට අදාළ ලිපිලේඛන සූදානම් කරමින් සිටින අවස්ථාවේදීයි සැකකරු විසින් පොලිස් රථ වාහන අංශ නිලධාරීන් දෙදෙනාගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරී තිබුණේ.

තව කියවන්​න