- ඩිජිටල් බද්දේ භයානක පැතිකඩක් එළියට
- ගංජා වගා කළ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට
- ප්‍රංශයේ ලැව් ගින්නක් – 100කට වැඩි පිරිසකට තුවාල
- බන්ධනාගාරය රැඳවියන්ගෙන් පිරි ඇති බවට හෙළිදරව්වක්
- අණ නොතැකූ ටිපර් රථයකට පොලීසියෙන් වෙඩි
- මේ වසරේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය ඉක්මවයි
- ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තයට වසර 200 යි
- ට්‍රම්ප්ගේ බදු ලියුම තවත් රටවල් 07කට
Author: VNews
උතුරු නැගෙනහිර පළාත් වල මියගිය ගවයන් සහ එළුවන් සම්බන්ධව රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පසුගිය දිනවල වාර්තා වු කාලගුණික වෙනස්කම් හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල මිය ගිය ගවයන් හා එළුවන් සංඛ්‍යාව දහස ඉක්මවන වන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසන්නේ. මෙම සත්ව මරණ සම්බන්ධව වාර්තාවක් ලබා දෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දී තිබෙනවා . නැගෙනහිර හා උතුරු වෙරළ තීරය ආශ්‍රිතව ඇති වු තද ශීතල කාලගුණික තත්ත්වය දරා ගැනීමට නොහැකිව මෙම සතුන් මිය ගියේද නැතහොත් මෙම සතුන් වෙනත් වසංගත තත්ත්වයක් නිසා මිය ගියේද ? යන්න තහවුරු කර ගැනීම සඳහා මරණයට…
හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන රථ වාහන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා . නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩපිළිවෙළ ප්‍රථමයෙන් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය, ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ පෞද්ගලික බස්රථවල මත්ද්‍රව්‍ය භාවිත කිරීම් යම් ප්‍රවණතාවයක් වාර්තා වන බවත්, මෙම මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සිදුවිය හැකි රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බව යි අමාතයවරයා සදහන් කලේ .
මිනිස් ජාවාරම සම්බන්ධ සිදුවීම් විමර්ශනයට විදේශසේවා නියුක්ති කාර්යාංශයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් ඕමානය බලා පිටත්ව ගොස් තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ බව සඳහන් කළා . ඕමාන් රාජ්‍යයේ මිනිස් ජාවාරම පිළිබඳ විමර්ශනය සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි එම පිරිස ඊයේ පිටත්ව ගොස් තිබේන බව සදහන් . මේ අතර අසර්බයිජානය හරහා ප්‍රංශයට උත්සාහ දැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් හත් දෙනා හා එම ජාවාරම මෙහෙයවූ රැකියා නියෝජිතවරයා රක්ෂිත බනධනාගර ගත කර තිබෙනවා. කැස්බෑව මහෙස්ත්‍රාත් දමින්ද රාමනායක මහතා නියෝගය කලේ එම පිරිස ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි…
අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 4825 කට අයත් පුද්ගලයින් 16,360 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය පැවසුවේ, එහිදි සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි. දැඩි සුළගින් නිවාස 4385 කට අර්ධ හානි සිදුව ඇති අතර නිවාස සංඛ්‍යාව 5 කට පූර්ණ හානි සිදුව තිබෙනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් මහතා ප්‍රකාශ ක්‍ළේ,අද දිනයේත් දිවයිනේ උතුර, උතුරු මැද ,නැගෙනහිර හා ඌව පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මේ අතර ශීත කාලගුණය තවදුරටත් පැවතිය හැකි බවද ඔහු සදහන් කළා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර,…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහරදීමකින් එහි හිටපු උපකුලපති භූවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සහ ඔහුගේ පුත්‍රයා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. ඊයේ රාත්‍රීයේ මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමග බහින් බස් වීමක් සිදුව ඇති බව සදහන්. අනතුරුව විශ්වවිද්‍යාල සිසුන් 300ක පමණ පිරිසක් අතුල සේනාරත්න මහතා රැඳී සිටි විශ්වවිද්‍යාල නිල නිවසට ද පහර දී අලාභහානි සිදුකර ඇති බව පොලීසීය ප්‍රකාශ කළා. පසුව පේරාදෙණිය පොලීසිය එම ස්ථානයට පැමිණ ගැටුම සමතයට පත්කර පිරිස විසුරුවා හැර තිබෙනවා. පහරකෑමෙන් තුවාල ලැබූ අතුල සේනාරත්න මහතා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති…
කප්පම් ලබා ගැනීමේ අරමුණින් පුද්ගලයකු පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධව සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාත්තන්කුඩි 03 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. පුද්ගලයකු පැහැර ගෙන ගොස් රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිසියට මින් පෙර පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ අනුව සිදුකල විමර්ෂණ වලදී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාද්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පැහැරගැනීම සඳහා යොදාගත් වැන් රථය සහ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා,සැකකරු අද මඩකලපුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ද අනෙක් සැකකරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
මේ වන තෙක් හෙට දිනයේදී පාසල් ආරම්භ කිරීම පිළිබඳව නිශ්චිත තීරණයකට එළැඹී නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සමග සාකච්ඡා කර අද දිනයේදී එම තීරණය ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්, නිහාල් රණසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ. පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් රජයේ සහ රජයේ ආධාර ලබන සියලු පාසල් සහ කතෝලික පාසල් සඳහා පසුගිය සිකුරාදා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදු කළ විමසීම්වලින් අනතුරුව එම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ .
මෙරට වායු තත්ත්ව දර්ශකය පෙර දිනයට සාපේක්ෂව අද උදෑසන වනවිට යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා. කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ අගය 53ක් ලෙස දැක්වුණු මන්නාරමේ මේ වනවිට එම අගය 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වෙබ් අඩවියේ දැක්වෙන වායුගුණාත්මක දර්ශකයේයි මේ බව සටහන් වන්නේ . එම දර්ශක අගය කෑගල්ලේ දිස්ත්‍රික්කයේ දැක්වෙන්නේ ඒකක 22ක් ලෙසයි. කොළඹ දිස්ත්‍රික්කයේ ද එම තත්ත්වය ඒකක 42ක් ලෙස දැක්වෙනවා. කෙසේ වෙතත්, යාපනයේ වායුගුණාත්මක දර්ශකයේ අගය ලෙස 44ක් දැක්වෙන අතර, එය ද සාමාන්‍ය තත්ත්වයක් ලෙසයි සැලකෙන්නේ.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමුවැනි අප්‍රිකානු රට බවට පත්වීමට මොරොක්කෝව ඊයේ රාත්‍රියේ සමත් වුණා . ඒ මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසාන පූර්ව තරගයකදී පෘතුගාල කණ්ඩායම පරාජයට පත් කරමින්. මෙහිදී මොරොක්කෝ කණ්ඩායම ගෝල 1 – 0 ක් ලෙස තරගය ජයගැනීමට සමත් වුණා.
හැටන් පොලීසියේ කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය විසින් ශ්‍රී පාද වන්දනාව සඳහා මත්ද්‍රව්‍ය රැගෙන එන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා . පොලිසිය සදහන් කලේ අදාළ වැටලීම් සදහා හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ ඒකකයේ මත්ද්‍රව්‍ය වැටලීමට විශේෂයෙන් පුහුණු කරන ලද ස්ටුවර්ඩ් නැමති සුනඛයා යොදාගන්නා බවයි ඒ අනුව ගංජා හා නීති විරෝධී ලෙස ආනයනය කරන ලද දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ ශ්‍රී පාදය බලා පැමිණෙමින් තිබූ බස් හා වෑන් රථ වල සිදු කළ පරීක්ෂාවේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගෙන තිබෙනවා. එම සැකකරුවන් වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන අය වනවා ගහැටන් මහේහ්ස්ත්‍රාත් අධිකරණයට ඔවුන්ව අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222