Author: VNews

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග පහක මිල ගණන් අද(14) සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. පරිප්පු කිලෝවක මිල රුපියල් 4කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 385ක්. පාන් පිටි මිල රුපියල් 15කින් පහළ දමා තිබෙනවා. ඒ් අනුව පාන්පිටිවල නව මිල වන්නේ රුපියල් 250ක්. රුපියල් 199ක්ව පැවැති ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 9කින් අඩු කර තිබෙනවා. මෙරට නිෂ්පාදිත ටින් මාළු රුපියල් පහකින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 490ක්. මේ අතර සුදුළූණු කිලෝවක් රු 35කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 460කි. වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ඉදිරි සතිය තුළ…

තව කියවන්​න

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ආචාර්යවරුන් ලබන 18 වැනිදා දක්වා දේශන කටයුතුවලින් ඉවත්වීමට පියවර ගෙන තිබෙනවා. ඒ් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමිනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිසුන් වැඩි පිරිසක් මෙම ප්‍රහාරයට සම්බන්ධ වීම හේතුවෙන් ඊට විරෝධය පළ කිරීමට මෙලෙස ඒම පීඨයේ ආචාර්යවරුන්ගේ වෘත්තිය සමිතිය මෙම පියවර ගෙන ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2යි දශම 9 ක විස්තීර්ණ මූල්‍ය සහනය මේ වසර අවසන් වීමට පෙර ලබාදිමට අවස්ථාව නො ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා. එමෙන්ම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ද තවදුරටත් වෙනස්කම් සිදුවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

FIFA 2022 අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ආර්ජන්ටිනා කණ්ඩායම අද(14) අලුයම සමත් වූවා. ඒ තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ක්‍රොඒෂියා කණ්ඩායම තුනට බිංදුවක් ලෙස පරාජය කරමින්. තරඟයේ 34 වන මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් පළමු ගෝලය වාර්තා කිරීමට අර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනලියොනල් මෙසී සමත් වූවා. ආර්ජන්ටිනාව වෙනුවෙන් සෙසු ගෝල දෙක වාර්තා කරන ලද්දේ ජුලියන් අල්වරෙස් විසින්. ඒ් තරඟයේ 39 වන සහ 69 වන මිනිත්තුවලදීයි. මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ප්‍රංශ සහ මොරොක්කෝ කණ්ඩායම් අතර හෙට(15) අලුයම පැවැත්වීමට නියමිතයි. එම තරඟයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ආර්ජන්ටිනාව සමඟ අවසන් මහා තරඟයට තරඟ කිරීමට නියමිතයි. 2022 FIFA…

තව කියවන්​න

පවතින මිල ගණන් වෙනස් කරමින් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ අලෙවිකරන වෙළඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. විවිධ ප්‍රදේශවල අභ්‍යාස පොත් සහ පාසල් උපකරණවල සටහන් කර ඇති මිල ගණන් වෙනස් කරමින් ඒවා අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ. පවතින මිල ගණන් වෙනස් කරමින් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ අලෙවි කළ වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. සිදුකළ වැටලීම්වලදී ඔවුන් සතු අභ්‍යාස පොත් සහ උපකරණ සිය භාරයට ගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩි දුරටත් පැවසුවේ.

තව කියවන්​න

මෙවර පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති, දේශණ, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා. මෙම මස 18 වනදා පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට මේ වනවිට සියළු කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ . මෙම තහනම විභාගය අවසන් වනතුරු ක්‍රියාත්මකයි.

තව කියවන්​න

මේ වන විට වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පාලනය කිරීමට හැකියාව ලැබී ඇති බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා . ඔහු කියා සිටියේ පසුගිය මාර්තු – අප්‍රේල් මාසවල විවෘත වෙළෙඳපොළේ මිල ගණන් සංසන්දනය කිරීමේදී නොවැම්බර් මස වනවිට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුවීමේ සහනය පාරිභෝගිකයාට ලබාදීමට හැකි වූ බවයි . වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින් නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව සදහන් කළා . 2023 වර්ෂයේ මාර්තු මාසය වන විට මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය නැවත ආරම්භ කරන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා .

තව කියවන්​න

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නැගෙනහිර පළාතේත්, මුලතිවු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි . ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවතී තරග වලින් ජය ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් සහ කලම්බු ස්ටාර්ස් යන කණ්ඩායම් සමත් වුණා . තරගාවලියේ 11 වන තරගය වූ කැන්ඩි ෆැල්කන්ස් සහ දඹුල්ල අවුරා යන කණ්ඩායම් අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනු කැන්ඩි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා . ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ඔවුන් රැස් කල ලකුණු සංඛ්‍යාව 193 ක් . පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 14 යි පන්දු 2 ක් අවසානයේදී සියල්ලන් දැවී ලබා ගත හැකි වුයේ 116 ක් පමණයි . ඒ අනුව කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට ලකුණු 77 ක ජයක් හිමි…

තව කියවන්​න

මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11ක් ඉක්මවා ගොස් තිබෙනවා . රුපියල් හත්ලක්ෂ අනූ තුන්දහස් ,888 ක් ලෙසයි 2021 වසර අවසානයේදී එය දැක්වුණේ . ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශකය අනුව 2022 වසරේ අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය වටිනාකම රුපියල් ටි්‍රලියන 24යි දශම 6යි 9ක්. එයට දේශීය ණය රුපියල් බිලියන 13,119යි දශම 4ක් සහ විදේශීය ණය රුපියල් බිලියන 11,574යි දශම 6ක් ඇතුලත් . කෙසේ වෙතත් ඒක පුද්ගල ණය බර ගණනය කිරීම වාර්ෂික සමස්ත ණය , මධ්‍යම වාර්ෂික ජනගහනයේ බෙදීමෙන් සිදුවන අතර ඒ අනුව මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් එකොලොස් ලක්ෂ…

තව කියවන්​න