Author: VNews

ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැති වීමේ ගැටළුව හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමක සිටින බව ආර්ථික ස්ථායීකරණය සඳහා වූ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම වෙනුවෙන් වූ ජාතික සභා අනු කාරක සභාවේදී අවධානයට යොමුව තිබෙනවා. පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවති හමුවට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ගැටළු සහ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා පෞද්ගලික සමාගම් ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් කැඳවා තිබුණා. E-Governance සංකල්පය යටතේ සියළු රාජ්‍ය ආයතන එක් කරන ජාලයක් තවමත් සකස් කර ගැනීමට නොහැකි වීම සහ එම ප්‍රතිපත්තිය කඩිනමින් සකස් කොට රාජ්‍යය, පුරවැසියා සහ ව්‍යාපාරිකයා…

තව කියවන්​න

පදවිය ප්‍රාදේශීය සභාවේ 2023 අයවැය යෝජනාව වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්වී තිබෙනවා. අයවැය යෝජනාවට විරුද්ධව සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය පළ කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පදවිය ප්‍රාදේශීය සභාවේ නව සභාවාරය අද(14) පෙරවරුවේ ආරම්භ කෙරුණේ සභාපති මහින්ද නිශ්ශංක මහතාගේ ප්‍රධානත්වයෙනි. අයවැය යෝජනාව පළමුවර කියවීමෙන් පසුව සභාවේ ආදායම් තත්ත්වයේ වර්ධනයක් සිදුව නොමැති බවත් සංවර්ධන කටයුතු විදිමත්ව සිදුව නොමැති බවත් බිම්මට්ටමින් ප්‍රතිලාභ ලැබිය යුතු ග්‍රාමීය ජනතාවට එම ප්‍රතිලාභ නොලැබී ඇති බවත් පවසමින් සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අයවැය යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්…

තව කියවන්​න

ලිට්රෝ ගැස් සමාගම විසින් සිව් දිනකට පසු හැටන් නගරයේ ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට ඊයේ (13) රාත්‍රීයේ සිමිත ගැස් තොග ප්‍රමාණයක් නිකුත් කර තිබෙනවා. එම ගැස් තොග අලෙවි නියෝජිතයන් විසින් පාරිභෝගිකයන්ට බෙදාහැරිමේදි දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබෙනවා. ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට සීමිත ගැස් තොග ප්‍රමාණයක් නිකුත් කිරීම නිසා අලෙවි නියෝජිතයන් ආපනශාලාවලට ගැස් සිලින්ඩර් නිකුත් කිරිම සඳහා වෙන් කරගෙන පාරිභෝගිකයන්ට ගැස් සිලින්ඩර් බෙදාහැරිමේදි පොලිම්වල රැදී සිටි ඇතැම් පාරිභෝගිකයන්ට ගැස් සිලින්ඩර් ලබා ගැනිමට නොහැකි විම හමුවේ මෙම උණුසුම් තත්ත්වය හටගැනුණා. ගැස් අලෙවි නියෝජිතයන් විසින් ආපනශාලාවලට ගැස් සිලින්ඩර් ලබාදිමේදි ඒ සදහා අලෙවි නියෝජිතයාට නියමිත මිලට වඩා වැඩි මුදලක් ගෙවා ආපනශාලා හිමියන් ගැස්…

තව කියවන්​න

හැටන් ප්‍රදේශයේ  ප්‍රධාන දමිල පාසලක ගුරුවරයෙකු ධාවනය කල යතුරුපැදියකට එම පාසලේම ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන සිසුවෙකු ගැටි අනතුරට පත්විමෙන් පාසල් සිසුවා තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා. හැටන් තරුණ බෞද්ධ සමිති මාවත මාර්ගයේදි ‌මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ. ඊයේ (12) පස්වරුවේ පාසල නිමාවී අනතුරට පත් සිසුවා නිවස කරා ගමන් කරමින් සිටින අතරතුර, සිසුවා එක වරම අපරීක්ෂාකාරී ලෙස මාර්ගය හරහා මාරුවිමට යාමේදි පාසලේ සිට නිවස කරා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි ගුරුවරයාගේ යතුරු පැදියේ ගැටී සිසුවා තුවාල ලබා තිබෙනවා. යතුරුපැදිය ධාවනය කල ගුරුවරයා හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණා. අනතුරෙන්…

තව කියවන්​න

කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු එහි සිවු වැනි මහලෙන් බිමට පැන අද අලුයම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ, ගෝනපොල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්. මොහු උගුරේ ඇති වූ පිළිකා රෝගයක් හේතුවෙන් මීට මාස 3ක පමණ සිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා . රෝගියා ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ රැඳී සිටි රෝගීන් දැකීමෙන් අනතුරුව පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව දේහය මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. එසේම බිත්තර සඳහා වන උපරිම මිලක් අද(14) දිනය තුළ නියම කරන ලෙසටද ඒම අධිකාරියට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. අධිකරණය මෙම නියෝගය ලබාදුන්නේ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ගොනු කරන ලද පෙත්සම අද(14) යළි සලකා බැලීමෙන් අනතුරුවයි. පෙත්සම යළි හෙට(15) කැඳවීමට නියමිතයි.

තව කියවන්​න

ජාතික ආරක්ෂාවට බලපාන මෙන්ම හමුදා නිලධාරීන්ගේ රහස්‍ය තොරතුරු මුදාහැරීම, අපහාසාත්මක, අසභ්‍ය, කාමුක දේශපාලනික කරුණු සමාජ මාධ්‍යය ජාලා ඔස්සේ මුදාහැරීම තහනම් කරමින් හමුදා මූලස්ථානය නියෝගයක් නිකුත් කර තිබෙනවා . මේ නියෝගය ලබාදී ඇත්තේ පසුගිය 12 වැනිදා සිට ක්‍රියාත්මකවන වන ලෙසයි . යුද හමුදා ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් එල්.ඩී. හේරත් විසින් නිකුත් කර ඇති නියෝගය මගින් සියලුම යුද හමුදා නිලධාරීන්ට හා සෙසු නිලයන්ට මෙම දැනුවත් කිරීම සිදු කර තිබෙනවා . සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා කරන්නෙකු කිසිදු හේතුවක් මත ස්වකීය නිල අනන්‍යතා සහ තොරතුරු හෙළි නොකළ යුතු බවද මෙමගින් නියෝග කර ඇති බව සදහන් .

තව කියවන්​න

මහජන උපයෝගීතා කොමිසම නියම කළ පරිදි ලංකා විදුලි බලමණ්ඩලයේ සේවකයන් 2022 වසරේ ප්‍රසාද දීමනාව ලබානොගැනීමට එකඟතාවය පළ කර ඇති බව මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ ලංකා විදුලි බලමණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෘත්තීය සමිති ඒ් සඳහා එකඟතාවය පළ කළ බවයි. මෙලෙස ප්‍රසාද දීමනා අත්හිටුවීමෙන් රුපියල් බිලියන ගණනක් ලංකා විදුලි බලමණ්ඩලයට ඉතිරි කර ගත හැකි බවද මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසනවා.

තව කියවන්​න

ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළන ළමුන්ගේ වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා . කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා කියාසිටියේ , මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු වෛරස් රෝග ගණනාවක් හේතුවෙන් ළමුන් රෝගී වන බවයි. රෝග වැළඳුන ළමුන් පාසල් හා පෙරපාසල් යැවීමෙන් වළකින ලෙස ද ඔහු දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කර සිටියා . සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ළමුන්ට නිතර වැළඳීම සාමාන්‍ය තත්ත්වයක් බව ද විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පෙන්වා දෙනවා . මේ අතර මේ මස ගත වූ දින කිහිපය තුළ ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා . ඒ අනුව නොවැම්බර් මාසය තුළ…

තව කියවන්​න

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහාතගේ දේහය මහජන ගෞරවය සඳහා අද(14) පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා. දේහය පස්වරු දෙකට පමණ ඔහුගේ මොරටුව රාවතාවත්ත, නිහාල් නෙල්සන් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි. අවසන් කටයුතු එළැඹෙන 16 වනදා පස්වරු 6ට රාවතාවත්ත ලුනාව කලපු ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ලාංකේය ප්‍රසංග වේදිකාවේ මල් වෙඩිල්ල ලෙසින් විරුදාවලියලත් ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා ඊයේ(13) උදෑසන සිය නිවසේදී හදිසියේම අභාවප්‍රාප්ත වූයේ හදිසි හෘදයාබාදයක් හේතුවෙනි. නිහාල් නෙල්සන් මහතා මියයන විට 76 වන වියේ පසු වූවා.

තව කියවන්​න