- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: VNews
එළඹෙන මාර්තු මාසයේ දළඳා ප්‍රදර්ශනයක් පවත්වන්නැයි රජය මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතවරයා මේ පිලිබඳ ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන් වෙත පිළිගන්වනු ලැබුවා. නිදහස් දිනයට සමගාමීව විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා ඒ පිලිබඳ මහනායක හිමිවරුගෙන් විමසීම් කෙරෙන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ.
2022 වසරට අදාළ 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරුවේ දී පැවැත්වීමට නියමිතයි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යස්ථාන 2 894ක දී, අපේක්ෂකයින් 3 34,698 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙවර ශිෂ්ෂ්‍යත්ව විභාගය පවත්වන බවයි. මෙවර මෙම විභාගය පැවැත්වීමේ ක්‍රමවේදය කිසියම් වෙනසකට ලක් කර තිබෙනවා ඒ අනුව සිසුන් හට විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයට පළමුවෙන් ම පිළිතුරු සැපයීමට සිදුවන අතර, පළමු ප්‍රශ්න පත්‍රය ඔවුන්ට හිමිවන්නේ දෙවැනුවයි. විභාගය ආරම්භයේ දී පැමිණෙන සියලු ශිෂ්‍යයින්ගෙන් අත්සන පමණක් විභාග දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනුමට කටයුතු සම්පාදනය කර තිබීම ද විශේෂත්වයක්. මෙවර පෙර වසරවල මෙන් සිසුන් කිසිවෙකුටත් විභාග ප්‍රවේශපත් ලබා දීමක් සිදු වුයේ නැහැ . මේ විභාගය පිලිබදව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී…
සීමානිර්ණයෙන් පසු මැතිවරණය පැවැත්වුව හොත් තවත් මාස හයකින් පළාත්පාලන ඡන්ද විමසීම කල් යනු ඇති බව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ අනුව සීමානිර්ණ කටයුතු පිළිබඳ දේශපාලන පක්ෂ සමඟ එළැඹෙන 20 වැනි දා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව යි. පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරෙමේ අරමුනෙනේ අලුතින් එම ආයතනවල බල ප්‍රදේශ සීමා නිර්ණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පසුගිය නොවැම්බර් මස මුල දී මෙම සීමානිර්ණ කමිටුව පත්කරනු ලැබුවා. එහිදී පළාත් පාලන ආයතනවල දැනට පවතින සභික සංඛ්‍යාව 5,100ත්, 5,200ත් අතර අගයක් දක්වා අඩු කර ගැනීමට හැකි වනු ඇති බව…
මෙරට ද්වි පාර්ශ්වික ණය හිමියන්ගේ තෙවැනි සාකච්ඡා වටය පවත්වා තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ සියලු පාර්ශ්වයන්ට සමානව සහ විනිවිදභාවයෙන් යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව බැඳීසිටින බවයි. ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා කඩිනමින් අවසන් කිරීම සඳහා ”ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වඩාත් නම්‍යශීලී ණයහිමියන්” නම් විශේෂ වගන්තියක් සාකච්ඡා මේසයට ගෙන ඒමට ශ්‍රී ලංකාව අවධානය යොමුකර ඇති බවටයි ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කර තිබුනේ.
රුපියල් කෝටි 100ක පමණ වියදමකින් පාසල් 1000කට අන්තර්ජාල පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලබන අධ්‍යයනවාරයේදී එම ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි. අධ්‍යාපන කලාප 100 කලාප 120 දක්වා වැඩි කිරීමටද සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ගුරුවරුන්ගේ පරිපාලන ගැටළු විසඳා ගැනීම පහසුවන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා.
රුසියානුවන් ලක්ෂ 2ක පමණ භට පිරිසක් තම රටට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානම් කරමින් සිටින බවට යුක්රේන බුද්ධි අංශ වාර්තා කර තිබෙනවා. ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ ප්‍රධාන නගර ඔවුන්ගේ ඉලක්කය වී ඇති බවයි. ලබන වසරේ මුල් මාසවලදී නව රුසියානු ප්‍රහාරයක් එල්ල විය හැකි බව යුක්රේනයේ සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන අණ දෙන නිලධාරියා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළා.
අඩසියවසකට අධික කාලයක් ශ්‍රී ලාංකේය සිනමාව හා වේදිකා නාට්‍ය කලාවේ පෝෂණය වෙනුවෙන් මෙන්ම මෙරට සමාජ දේශපාලන ව්‍යුහය ශක්තිමත් කිරීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් ධර්මසිරි බණ්ඩාරනායක මහතා වෙත ආචාර්ය උපාධිය පිරි නැමීමට රුහුණු විශ්වවිද්‍යාලය කටයුතු කර තිබෙනවා. පසුගිය අප්‍රේල් 27 වනදා එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලය විසින්ද ඒ මහතා ට විශේෂ ගෞරව සම්මානයක් පිරිනමනු ලැබුවා. මේ අතර අද පැවැත්වෙන රුහුණ විශ්ව විද්‍යාලයේ 29 වන උපාධි ප්‍රදානෝත්සවයේදී අපේක්ෂකයින් 1,894 දෙනෙකු උපාධි ලැබීමට නියමිතයි. උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා සඳහන් කළේ රුහුණ විශ්වවිද්‍යාලය මගින් උපාධිධාරීන් 40,000 කට අධික සංඛ්‍යාවකට මේ දක්වා උපාධි පිරිනමා ඇති බවයි. (මාතර – තිලංග මානගේ )
උතුරු සහ නැගෙනහිර පළාත්වල මියගිය ගවයින් සහ එළුවන් වෙනුවෙන් වන්දි ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා . කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුවහොත්, මියගිය සත්ත්වයින් වෙනුවෙන් වන්දි ලබාදීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළා . උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයින් හා එළුවන් මියයාමට හේතුව අධික සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා . සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වනවිට ගවයින් හා එළුවන් 1800 කට අධික සංඛ්‍යාවක් මෙලෙස මියගොස් ඇති බවයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට යළි විවෘත කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා . එහි සභාපති උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේ, හෙට සිට පිරිපහදුවේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කිරීමට සැළසුම් කර ඇති බවයි. ඉන්ධන නිෂ්පාදනය සඳහා අවශ්‍ය බොරතෙල් සංචිත මේ වනවිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ලැබී ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කළා . පසුගිය ඔක්තෝබර් මස 7 වැනි දා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුණේ, නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය බොරතෙල් නොමැති වීම හේතුවෙන්. ඒ අනුව දින 70 ක් පමණ සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමනු ලැබුවා. හෙට දිනයේ පූර්ණ ධාරිතාවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළ පසු දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1,500 ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන්…
පේරු රාජ්‍ය තුළ හදිසි නීතිය පැනවීමට එරට බලධාරීන් ක්‍රියාකර තිබෙනවා. එම තීරණය අනුව පොලීසියට විශේෂ බලතල පවරා ඇති අතර බොහෝ ජනතා ක්‍රියාකාරකම් සඳහා ද බාධක පමුණුවා ඇති බව සදහන් . එරට තුළ රැස්වීම් පැවැත්වීමට ඇති නිදහස ද සීමා කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ . හිටපු ජනාධිපති පෙඩ්රෝ කැස්ටිලෝ දෙසැම්බර් මස 7 වනදා දෝෂාභියෝගයක් මගින් බලයෙන් පහකිරීමෙන් අනතුරුව එරට බොහෝ ප්‍රදේශවල ගැටුම් ඇතිව තිබෙනවා . එම ගැටුම් හේතුවෙන් මේ දක්වා 8දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද සදහන් . මෑතක සිට පේරු රාජ්‍යයේ දේශපාලන අස්ථාවර තත්ත්වයක් ඇතිවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වනවා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222