Author: VNews

මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 09 දෙනෙකු ඉන්දියාවේ තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම සම්බන්ධ පුද්ගලයින් බවයි වාර්තා වන්නේ . ඒ අනුව සී. ගුණසේකරන් හෙවත් ගුණා, පුෂ්පරාජා හෙවත් පූකුඩුකන්නා, මොහොමඩ් අස්මින්, අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩ් ප්‍රනාන්දු, ලඩියා, ධනුක රොෂාන්, වැල්ලේ සුරංග හෙවත් ගමගේ සුරංග ප්‍රදීප්,සහ තිලීපන් යන අය සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ .

තව කියවන්​න

මහනුවර නගරය ආශ්‍රිත වායු ගෝලයේ ගුණාත්මකභාවයේ අඩුවීමක් දක්නට ලැබෙන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා . එහි පිහිටීම මෙම තත්ත්වය ඇතිවීමට සෘජුව බලපා ඇති බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ . කෙසේවෙතත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගෝලයේ නිරීක්ෂණය වූ අහිතකර ස්වභාවය තවදුරටත් දක්නට ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා .

තව කියවන්​න

යුරෝපා සංගමයට අයත් රටවල ජීවන වියදම ඉහළ යාමට විරෝධය පල කරමින් විශාල පිරිසක් බ්‍රසල්ස් නුවර දී විරෝධතාවක් පළ කර තිබෙනවා. මේ අනුව බෙල්ජියම සහ යුරෝපා සංගමයට අයත් රටවල් රැසක පවතින ඉහල උද්ධමනය, බලශක්ති මිල ඉහළ යාම සහ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව ආරම්භ කර තිබෙනවා. බෙල්ජියම් අගනුවරට විරෝධතාකරුවන් දහසය දහසකට වැඩි පිරිසක් එක්ව සිටි බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ. බ්‍රස්ල්ස් නුවර ඇතුළු නගර රැසක මෙම විරෝධතාව ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ. එමෙන්ම ඇතැම් වෘත්තිය සමිති ද මෙම විරෝධතා සඳහා එක්ව සිටිනවා. මේ අතර බ්‍රසල්ස් නුවර ගුවන්තොටුපළේ ගුවන් ගමන් ද අවලංගු කර ඇති බවයි වාර්තා වුණේ. යුක්රේන රුසියා යුද්ධය සහ කොවිඩ්…

තව කියවන්​න

ඊසාන දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු – මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බවද සඳහන්. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකියි. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට…

තව කියවන්​න

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයෙන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරදා කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ පස්වරුවේ සමත් වුණා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්ටාර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 128 ක්. දිනේෂ් චන්දිමාල් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා දැවී ගිය අතර, නිශාන් මදුෂ්ක ලකුණු 35 ක් ලබා ගත්තා. ඩොමිනික් ඩ්‍රකේස් ලකුණු 38 යි. පන්දු යැවීමේ දී තිසර පෙරේරා හා ෂොයිබ් මලික් කඩුලු 2 බැගින් බිද හෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 25 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී…

තව කියවන්​න

පොලිස් නිලධාරීන් 9,417 ක් ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බව සඳහන්. මේ අනුව පොලිස් නිලධාරීන් 8,312 ක් සහ නිලධාරිනියන් 1,105 ක් ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කිරීමට නියමිතයි. මේ වන විට පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා වන තනතුරුවල සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් පිරිසක් මෙලෙස ඔවුන්ගේ මීළඟ නිලය දක්වා උසස් කිරීම් සිදුකිරීමට නියමිතයි.

තව කියවන්​න

ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් තොටුපල සහ ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම ඇතුළු සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව රජයේ ඒකාබද්ධ අරමුදල සදහා රුපියල් බිලියන 02 ක මුදලක් භාර දී තිබෙනවා. ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම ජනාධිපති කාර්යාලයේ දී ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියනයක්, ගුවන් තොටුපල සහ ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම රුපියල් මිලියන 500 ක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය රුපියල් මිලියන 500 ක් රජයේ ඒකාබද්ධ අරමුදල වෙත පිරිනමා තිබෙනවා. මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් මෙන්ම අදාළ…

තව කියවන්​න

වර්තමානයේ පැන නැගී තිබෙන අර්බුද හමුවේ පාසල්වල පිවිසුම් දොරටු අසල දරුවන්ගේ පාසල් බෑගයන් පරීක්ෂා කිරීමට පෙර පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටුව අසල සිට මන්ත්‍රීවරුන් පරීක්ෂා කරන ලෙස ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. එලෙස පරීක්ෂා කිරීමෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සහ අලෙවි කරන්නන් නීතියේ රැහැනට හසු කර ගත හැකි බවද මහින්ද ජයසිංහ මහතා මාධ්‍ය හමුවේ කියා සිටියා.

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග පුළුල් සන්ධානයක් ගොඩ නැගීමට තීරණය කළ බව උත්තර ලංකා සභාගයේ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. උත්තර ලංකා සභාගයේ සතිපතා පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

තව කියවන්​න

පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව අද සිට මෙම මස 22 වනදා දක්වා දින තුනක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා. මේ අනුව ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද වශයෙන්, එලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දුන් බවයි ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න